පාසල් රග්බි ක්‍රීඩකයෝ වැඩ පෙන්වු සති අන්තයක්

1012
Rugby 123

සිංගර් ලීග් රග්බි තරගාවලියේ 7 වන සතියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (04) පැවැත්විණි.  එහිදී ශාන්ත තෝමස් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා විද්‍යා විද්‍යාල යන කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් විය.

අැන්තෝනි පරදවා රාජකීයයෝ ඉදිරියට

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරඟය

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවති විද්‍යා විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර තරඟය, ලකුණු 11 07 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ පළමු අර්ධයේ සිටම කරට කර තරඟයක් පැවති අතර තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 5-0 ක් ලෙස විද්‍යා විද්‍යාල කණ්ඩායම පෙරමුණේ පසුවෙමිනි.

දෙවන අර්ධයේ දී වෙස්ලි විද්‍යාල කණ්ඩායම ආක්‍රමණශීලීව ක්‍රීඩා කල අතර දෙවන අර්ධයේ දී විද්‍යා විද්‍යාල කණ්ඩායමට කිසිදු උත්සාහක දිනුමක් ලබාගැනීමට නොහැකි විය. නමුත් වෙස්ලි විද්‍යාලයේ අතපසුවීම් නිසා දඩුවම් පහර දෙකක් සාර්ථක කරගැනීමට විද්‍යා විද්‍යාල කණ්ඩායමට හැකි විය.

අනුව තරඟය නිමා වූයේ ලකුණු 11-07 ක් ලෙස විද්‍යා විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

විද්‍යා විද්‍යාලය = 11 (1 උත්සාහක දිනුම්, දඩුවම් පහර 2) හෂාන් මදුමාධව උත්සාහක දිනුම් 1, තනුජ මදුරංග දඩුවම් පහර 2

වෙස්ලි විද්‍යාලය = 07 (උත්සාහක දිනුම් 1, ප්‍රවර්තන 1)තිමිර ආනන්ද උත්සාහක දිනුම් 1, මුර්ෂිඩ් සුබීර් ප්‍රවර්තන 1

තරඟ විනිසුරු = ප්‍රදීප් ප්‍රනාන්දු

ThePapare.com තරගයේ වීරයා ජනිත් ලක්ෂාන් (විද්‍යා විද්‍යාලය)

සිංහලෙන් රග්බි පුවත් කියවන්න – පිවිසෙන්න

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය පෙරේරා කුසලානය සඳහා වන තරගයක් මෙන්ම සිංගර් ලීග් තරගාවලියේ තරඟයක්ද ලෙස, ශාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම තරඟය ලකුණු 36-13 ක් ලෙස ජයග්‍රහණය කල ශාන්ත තෝමස් කණ්ඩායම නොකඩවා දෙවන වරටත් පෙරේරා කුසලානය සඳහා හිමිකම් කියන ලදි.

මෙම තරඟය ද ඉතා තියුණු ලෙස පළමු අර්ධයේ පටන් ක්‍රියාත්මක වුවද දෙවන අර්ධයේ දී තම ආක්‍රමණය වැඩි කිරීමට තෝමස් ක්‍රීඩකයින් සමත් විය.

අනුව පළමු අර්ධය නිමා වූයේ ලකුණු 19-10 ක් ලෙස ශාන්ත තෝමස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමිනි.

කෙසේ වුවද තරඟය නිමාවූයේ ලකුණු 36-13 ක් ලෙස ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමිනි.

ශාන්ත තෝමස් විද්‍යාලය 36 (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 4, දඩුවම් පහර 1) සචිත ජයතිලක ලකුණු 5 (උත්සාහක දිනුම්1), අශ්වන්ත හේරත් ලකුණු 16 (උත්සාහක දිනුම්1,ප්‍රවර්තන 4,දඩුවම් පහර 1), මයෝන් ජයවර්ධන ලකුණු 5 (උත්සාහක දිනුම්1), ප්‍රවීන් ප්‍රනාන්දු ලකුණු 5 (උත්සාහක දිනුම්1), ඩියෝන් ඩයස් ලකුණු 5 (උත්සාහක දිනුම්1)

ශාන්ත පීතර විද්‍යාලය13 ස්ටෙපාන් සිවරාජ් ලකුණු 5(උත්සාහක දිනුම්1,ප්‍රවර්තන1), සන්දේශ් ජයවික්‍රම ලකුණු 3(දඩුවම් පහර 1), අවිශ්ක හීනපැල්ල ලකුණු 5 (උත්සාහක දිනුම්1)

තරඟ විනිසුරු ඉර්ෂාඩ් කාඩර්

ThePapare.com තරගයේ වීරයාධනුජ විජේරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය)

තරගය සියල්ලෙහි ඡායාරූප අැල්බම නැරඹීමට – පිවිසෙන්න

කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කොළඹ CR&FC පිටියේදී පැවැත්වූ අතර තරගය ලකුණු 32-22 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉසිපතන විද්‍යාල කණ්ඩායම සමත් විය.

ආක්‍රමණශීලී තරඟ විලාසයක් දෙපිලම පෙන්නුම් කල මෙම තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 17-08 ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණේ පසුවෙමිනි.

දෙවන අර්ධයේ දීද කරට කර තරඟයක ස්වරූපයක් ගත් නමුදු ඉසිපතන කණ්ඩායමට දෙවන අර්ධයේ දී ලකුණු 15 ක් පමණක් ලබාගැනීමට හැකි විය.  ත්‍රිත්ව කණ්ඩායම දෙවන අර්ධයේ දී ලබා ගත්තේ ලකුණු 14 ක් පමණි.

අනුව තරඟය නිමාවූයේ ලකුණු 32-22 ක් ලෙස ඉසිපතන විද්‍යාලය කණ්ඩායමට ජයග්‍රහණය හිමි කරමිනි.

ඉසිපතන විද්‍යාලය 32 (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 2, දඩුවම් පහර 1) රනිදු පද්මසන්ත ලකුණු 14(උත්සාහක දිනුම්2, ප්‍රවර්තන 2), කුෂාන් ඉදුණිල් ලකුණු 5(උත්සාහක දිනුම්1), අදීශ වීරතුංග ලකුණු 5(උත්සාහක දිනුම්1), හරිත බණ්ඩාර ලකුණු 5(උත්සාහක දිනුම්1), ගයාන් වික්‍රමරත්න ලකුණු 3 (දඩුවම් පහර 1)

ත්‍රිත්ව විද්‍යාලය 22 (උත්සාහක දිනුම් 3,ප්‍රවර්තන 2, දඩුවම් පහර 1) අයේෂ් එදිරිසිංහ ලකුණු 5(උත්සාහක දිනුම්1), රාහුල් කරැණාතිලක ලකුණු 5(උත්සාහක දිනුම්1), ශාලින්ද්‍ර අලහකෝන් ලකුණු 5(උත්සාහක දිනුම්1), ලෂාන් විජේසූරිය ලකුණු 7(ප්‍රවර්තන 2, දඩුවම් පහර 1)

ThePapare.com තරගයේ වීරයාහරිත් බණ්ඩාර (ඉසිපතන විද්‍යාලය )

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න