කොළඹ උතුරෙන් සහ කොළඹ දකුණෙන් තියුණු ජයග්‍රහණ

17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය 2023

419
17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2023 වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගයේ දෙවැනි දිනයේ තරග අද (22) නිමාවට පත් වුනා. එහි දී කොළඹ දකුණ සහ කොළඹ උතුර කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා.

කොළඹ SSC පිටියේ දී පැවති කොළඹ දකුණ – දඹුල්ල තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් ලබා ගන්නට කොළඹ දකුණ සමත් වුනා. කොළඹ දකුණ වෙනුවෙන් දුරංක සිල්වා ලකුණු 41ක් ලබා ගන්නා විට, ගීතික ද සිල්වා කඩුලු 4ක් දවා ගනිමින් දඹුල්ල වෙනුවෙන් දස්කම් අතරට පැමිණියා.

දඹුල්ල කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ඉතාමත් ආසන්නව කඩුලු 5ක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටිය දී ක්‍රියාත්මක වුනු වේගපන්දු යවන ක්‍රීඩක රනුක මලවිආරච්චි දඹුල්ල අවසන් කඩුලු 5 ලකුණු 24ක් තුල දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වෙමින් කොළඹ දකුණ ජයග්‍රහණය තහවුරු කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු දඹුලු කණ්ඩායමේ බුද්ධිම සහන් ලකුණු 45ක් ලබා ගත්තා.

●ආසියානු කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි
●“මම පසුතැවෙන්නේ නැහැ” – Harmanpreet Kaur
●ආසියානු කුසලානයට එන පාකිස්තාන සංචිතය නම් කරයි
●ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන දක්ෂතා
●17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ තරග කාලසටහන සහ කණ්ඩායම්

කොළඹ උතුර සහ මහනුවර අතර පැවති අනෙක් තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 138ක් ලබා ගත්තා.

එහි දී අංක 5 පිතිකරු සමින්ද මදුරංග සහ අංක 10 පිතිකරු තනුග පලිහවඩන ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වෙමින් පිළිවෙළින් ලකුණු 28ක් සහ ලකුණු 24ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දසුන් වැලිඅංග කඩුලු 4ක දස්කමක් දක්වන විට, වේගපන්දු යවන ක්‍රීඩක ජයවි ලියනගම කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ මහනුවර කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 38ක් තුල දැවී ගිය නමුත්, ලක්වින් අබේසිංහ සහ අහමඩ් නාහිම් එක්ව පිළිවෙළින් ලකුණු 25ක් සහ ලකුණු 19ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම ස්ථාවර කළා.

කෙසේ වෙතත් ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 46ක් තුල බිඳ දැමීමට යෙනුල දෙව්තුස සහ දුල්නිත් සිගේරා ඇතුළු කොළඹ උතුරු පන්දු යවන්නන් සමත් වීම නිසා ලකුණු 17ක තියුණු ජයක් ලබා ගන්නට කොළඹ උතුර ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ දකුණ සහ දඹුල්ල (SSC ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ දකුණ – 147 (40.1): දුරංක සිල්වා 41, රමිරු පෙරේරා 19, ගීතික ද සිල්වා 4/30
  • දඹුල්ල – 137 (36.1): බුද්ධිම සහන් 45, රනුක මලවිආරච්චි 5/17, රෂාන් නවාන්ජන 3/30

කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 10ක ජයක්

කොළඹ උතුර සහ මහනුවර (CCC ක්‍රී

  • කොළඹ උතුර – 138 (40.1): සමින්ද මදුරංග 28, තනුග පලිහවඩන 24, දසුන් වැලිඅංග 4/20, ජයවි ලියනගම 3/11
  • මහනුවර – 121 (39.2): ලක්වින් අබේසිංහ 25, යෙනුල දෙව්තුස 2/08, දුල්නිත් සිගේරා 2/12

    කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 17ක ජයක්

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (21) පැවති තරග දෙකේ දී කොළඹ දකුණ පරාජය කරමින් කොළඹ උතුර කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබා ගත් අතර මහනුවර කණ්ඩායම ගාල්ල කණ්ඩායම ලකුණු 108කින් පරාජය කළා.

17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගය ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<