කොදව්වන් සමඟ තරග කරන ශ්‍රී ලංකා යොවුන් සංචිතය

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3181

අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

රාජකීය විද්‍යාලයීය පිතිකරු සිනෙත් ජයවර්ධන ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකයා ලෙස තෝරාගෙන ඇති අතර රිච්මන්ඩ් විද්‍යාලයීය පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ තරුපති සංචිතයේ උපනායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ එක්සත් අරාබි එමීර් සංචාරයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 9 දෙනෙකු (මල්ෂ තරුපති, දිනුර කළුපහන, සිනෙත් ජයවර්ධන, විහාස් තෙව්මික, විශේන් හැලඹගේ, හිරාන් ජයසුන්දර, විශ්ව ලහිරු, ගරුක සංකේත සහ විශ්ව රාජපක්ෂ) අලුතින් තෝරා ගත් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට ද වරම් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ටෙස්ට් තරග ද්විත්වය සැප්තැම්බර් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර සංචාරයට පෙර පුහුණු තරගයක් අගෝස්තු 25 වැනිදා කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය: සිනෙත් ජයවර්ධන (නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), මල්ෂ තරුපති (උපනායක – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), විශ්ව රාජපක්ෂ (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව), දිනුර කළුපහන (මහින්ද විද්‍යාලය, ගාල්ල), විහාස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය), ගරුක සංකේත (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල), විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර), කවීෂ පියුමාල් (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), පැතුම් මලිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), පුලිඳු පෙරේරා (මහනුවර ධර්මරාජ විද්‍යාලය), රවිශාන් නෙත්සර (පී. ද. එස්. කුලරත්න විදුහල, අම්බලන්ගොඩ), රුසඳ ගමගේ (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), රුවිෂාන් පෙරේරා (කොළඹ ආනන්ද විද්‍යාලය), සාරුජන් ෂන්මුගනාදන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොටහේන), විශේන් හැලඹගේ (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය), දිනිරු අබේවික්‍රමසිංහ (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර), ජනිත් ප්‍රනාන්දු (සාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව), සුපුන් වඩුගේ (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), තරණ විමලධර්ම (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර) 

තරගාවලියේ කාලසටහන 

  • අගෝස්තු 25 – පුහුණු තරගය (CCC) 
  • අගෝස්තු 27 – පළමු එක්දින තරගය (දඹුල්ල) 
  • අගෝස්තු 30 – දෙවැනි එක්දින තරගය (දඹුල්ල) 
  • සැප්තැම්බර් 01 -තෙවැනි එක්දින තරගය (දඹුල්ල) 
  • සැප්තැම්බර් 5 සිට 8 – පළමු ටෙස්ට් තරගය (දඹුල්ල) 
  • සැප්තැම්බර් 12 සිට 15 – දෙවැනි ටෙස්ට් තරගය (දඹුල්ල) 

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<