කොදෙව් – ශ්‍රී ලංකා 19න් පහළ කාලසටහන නිකුත් වෙයි

බටහිර ඉන්දිය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

671

යොවුන් ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් සඳහා සහභාගී වීමට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට පෙර කොදෙව් කණ්ඩායම අගෝස්තු 25 වැනිදා කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ දී පුහුණු තරගයකට ද සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ටෙස්ට් තරග ද්විත්වය සැප්තැම්බර් 05 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

තරගාවලියේ කාලසටහන,

  • අගෝස්තු 25 – පුහුණු තරගය (CCC)
  • අගෝස්තු 27 – පළමු එක්දින තරගය (දඹුල්ල)
  • අගෝස්තු 30 – දෙවැනි එක්දින තරගය (දඹුල්ල)
  • සැප්තැම්බර් 01 -තෙවැනි එක්දින තරගය (දඹුල්ල)
  • සැප්තැම්බර් 5 සිට 8 – පළමු ටෙස්ට් තරගය (දඹුල්ල)
  • සැප්තැම්බර් 12 සිට 15 – දෙවැනි ටෙස්ට් තරගය (දඹුල්ල)

මෙම තරගාවලිය ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<