ශානකගේ ශතකයට ධනංජයගෙන් කඩුලු වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

4435

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 සහ පලිහ වටයේ තරග කොරෝනා වසංගතයට පසුව පසුගිය සතියේ දී නැවතත් ආරම්භ විය.

ඒ අනුව ඊයේ (15) ආරම්භ වූ සුපිරි 8 වටයේ තරග හතරක දෙවන දිනය සහ අද (16) ආරම්භ වූ පලිහ වටයේ තරග තුනක් ඇතුළු තරග 7ක් අද ක්‍රියාත්මක විය.

සුපිරි 8 වටයේ තරග

සුපිරි 8 වටයේ තරග හතර තුල අද කිසිදු ශතකයක් වාර්තා නොවූ නමුත් ලහිරු උදාර, ලසිත් අබේරත්න, චාමික කරුණාරත්න, රොෂේන් සිල්වා, ලහිරු මධුසංක, ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ලහිරු ගමගේ, දුවිඳු තිලකරත්න සහ ශසික දුල්ෂාන් කඩුලු 5 අවස්ථාවන් වාර්තා කරගනිමින් දස්කම් දක්වන ලදි.

සී. සී. සී සහ සැරසන්ස් තරගයේ පළමු ඉනිමේ වාසිය මඟ හැරී ගිය සී. සී. සී කණ්ඩායම වේගයෙන් පන්දුවට පහර දෙමින් පූර්ණ තරග ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් කරන බවක් පෙනෙන්නට තිබෙන අතර ලසිත් අබේරත්න 4 පහර 9ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 88*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. 

4 පහර 5ක් සහ 6 පහර තුනකින් වර්ණවත් වූ ලහිරු මදුසංකගේ ඉනිම ලකුණු 63දී නිමා වූ නමුත් ඔහු එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ පන්දු 81ක් තුලයි.

එන්. සී. සී ආරම්භක පිතිකරු ලහිරු උදාර මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහු පසුගිය තරගයේ දී ශතකයක් ලබා ගනිමින් මේ තරගය තුල ද ශතකයකට ආසන්නව සිටිය දී ලකුණු 90කට දැවී ගියේය. 

ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 11ක් ඇතුළත් වූ අතර චාමික කරුණාරත්නගේ ලකුණු 93 ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 5ක් ඇතුළත් විය. පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද එකසේ දස්කම් දැක්වූ දුවිඳු තිලකරත්න ලකුණු 63කට කඩුලු 6ක් දවා ගනිමින් කඩුලු 5 අවස්ථාවක් තමන් සතු කර ගන්නා ලදි.

රාගම කණ්ඩායම පූර්ණ තරග පරාජයක් ලබාගෙන කෝල්ට්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයට අවතීර්ණ වුවත් මේ තරගයේ දෙවන දිනය අවසන් වන විට තරගයේ වැඩි ගෞරවය දිනාගෙන සිටින්නේ රාගම කණ්ඩායමයි. 

රාගම දෙවන ඉනිම සඳහා අර්ධ ශතක ලබා ගත් ලහිරු තිරිමාන්න 4 පහර 6ක් සමඟින් එම ලකුණු 63 ලබා ගන්නා විට රොෂේන් සිල්වා 4 පහර 3ක් සහ 6 පහර දෙකක් එල්ල කරමින් මේ ලකුණු 67 ලබා ගත්තේය.  

එන්. සී. සී ට එරෙහිව පසුගිය දා දෙවැනි ඉනිමේ ශතකයක් ලබා ගත් චන්දිමාල් මෙවර මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 62ක් ලබා ගනිමින් දස්කම් ප්‍රදර්ශනය කළේ 4 පහර 8ක් එල්ල කරමිනි. අසේල ගුණරත්න නොදැවී ලකුණු 43*යි.

සී. සී. සී සහ සැරසන්ස්

සී. සී. සී පළමු ඉනිම – 142 (40.4): මිනෝද් භානුක 92, කසුන් රාජිත 5/63, සාලිය සමන් 3/33.

සැරසන්ස් පළමු ඉනිම – 183 (49.3): මිලින්ද සිරිවර්ධන 89, ලහිරු ගමගේ 5/29. විශ්ව ප්‍රනාන්දු 3/37.

සී. සී. සී දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 307/7 (74): ලසිත් අබේරත්න 88*, ලහිරු මධුසංක 63, කසුන් රාජිත 4/84.

සී. සී. සී කණ්ඩායම ලකුණු 266ක් ඉදිරියෙන්


එන්. සී. සී සහ බී. ආර්. සී

බී. ආර්. සී පළමු ඉනිම – 316 (83.3): භානුක රාජපක්ෂ 115, දුවිඳු තිලකරත්න 53*, අශේන් ඩැනියල් 4/93.

එන්. සී. සී පළමු ඉනිම – 275 (65.2): චාමික කරුණාරත්න 93, ලහිරු උදාර 90, දුවිඳු තිලකරත්න 6/63.

බී. ආර්. සී දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 42/5 (12): ලහිරු කුමාර 3/31.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය

රාගම පළමු ඉනිම – 258 (63): සමින්ද ප්‍රනාන්දු 73, නිශාන් මධුෂ්ක 57, අකිල දනංජය 4/24.

කෝල්ට්ස් පළමු ඉනිම – 163 (57.3): සන්තුෂ් ගුණතිලක 33, ප්‍රභාත් ජයසූරිය 27, ශසික දුල්ෂාන් 6/45.

රාගම දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 190/6 (57): රොෂේන් සිල්වා 67, ලහිරු තිරිමාන්න 63, ප්‍රභාත් ජයසූරිය 3/51.

රාගම ලකුණු 285ක් ඉදිරියෙන්

>>කෝල්ට්ස් සහ රාගම තරගයේ සේයා රූ<< 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

හලාවත මේරියන්ස් පළමු ඉනිම – 269 (82.3): ශෙහාන් ජයසූරිය 95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, අසේල ගුණරත්න 3/37, දුශාන් විමුක්ති 3/90.

යුද හමුදා පළමු ඉනිම – 216 (70): දිනේෂ් චන්දිමාල් 62, අසේල ගුණරත්න 43, අසිත ප්‍රනාන්දු 4/71,

හලාවත මේරියන්ස් දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 85/5 (23): සීකුගේ ප්‍රසන්න 4/40.

හලාවත මේරියන්ස් ලකුණු 138ක් ඉදිරියෙන්

තවත් ක්‍රිකට් පුවත්: 

පලිහ තරග

පළමු දිනය අවසන් වන විට තරග තුන තුල ශතකයක් (දසුන් ශානක), අර්ධ ශතක තුනක් (දුනිත් ජයතුංග, සාලින්ද උෂාන්, සම්මු අශාන්) සහ කඩුලු 5 අවස්ථා දෙකක් (ධනංජය ද සිල්වා, උපුල් ඉන්ද්‍රසිරි) වාර්තා විය. 

එසේම මුවර්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ලකුණු 59කට කඩුලු 7ක් දවා ගනිමින් දකුණතින් පිට දඟපන්දු යවන ධනංජය සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන විට, සිය දෙවන පළමු පෙළ ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ දුනිත් ජයතුංග බදුරලිය ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් සිය මංගල පළමු පෙළ අර්ධ ශතකයක් ලබා ගත්තේය.

බදුරලිය ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය

බදුරලිය පළමු ඉනිම – 267 (84.5):දුනිත් ජයතුංග 57, සාලින්ද උෂාන් 51, දමිත් පෙරේරා 43, උපුල් ඉන්ද්‍රසිරි 5/65.

මීගමුව පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 20/0 (3):

Photos: Negombo CC Vs. Badureliya CC | SLC Premier Plate Tournament 2019/20


එස්. එස්. සී සහ ලංකන් ක්‍රිකට් සමාජය

එස්. එස්. සී  පළමු ඉනිම – 332 (76.2): දසුන් ශානක 112, සම්මු අශාන් 54, චානක රුවන්සිරි 3/53, කේෂාන් විජේරත්න 3/93, දුනිත් වෙල්ලාලගේ 3/97.

ලංකන් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 14/0 (8):


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය

මුවර්ස් පළමු ඉනිම – 206 (71.2):නිපුන් කරුණානායක 44, දිනුක ඩිල්ශාන් 43, ධනංජය ද සිල්වා 7/59.

ටැමිල් යූනියන් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 37/3 (19):

Photos: Tamil Union C & AC vs Moors SC | Premier Plate Tournament 2019/20

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<