රිච්මන්ඩ් සහ මහානාම ක්‍රීඩකයින් ජයග්‍රහණ අතරට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

364
U19 Schools Cricket Tournament 2022/23

පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (03) නිමාවට පත් වෙද්දී, තවත් තරගය කිහිපයක පළමු දිනය ක්‍රියාත්මක වුනා.

අද අවසන් වූ තරගවලින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය ජයග්‍රහණ ලබා ගනිද්දී, පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සමත් වුනා.

ඊයේ දිනය අවසන් වන විට පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 393ක් ලබා සිටි මහානාම කණ්ඩායම වෙනුවෙන් සචිර වැලිවත්ත ලබා ගත් අගනා ලකුණු 188 සහ අංජල බණ්ඩාර ලබා ගත් අර්ධ ශතකය නිසා කඩුලු 6ක් දැවී ලකුණු 608ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වුනා.

දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට වෙනුක් හෙට්ටිආරච්චි (4/46) ඇතුළු පන්දු යවන්නන් ලබා දුන් පීඩනය නිසා කිංග්ස්වුඩ් දෙවැනි ඉනිම ලකුණු 125කට සීමා වුනා.

යූරි කොත්තිගොඩ (5/10 සහ 4/62) සහ ශෙරෝන් අභිෂේක් (4/26) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් නිසා කොළඹ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින්ට එරෙහිව ඉනිමකින් සහ 43කින් ජය ගැනීමට ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට හැකි වුනා.

මහිම කොටුවිල වාර්තා කළ අගනා ශතකය (115) නිසා වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින්ට එරෙහි තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වුනේ කුරුණෑගල සාන්ත අනා විද්‍යාලයටයි.

දිනයේ ශතක ලාභීන් අතරට එක් වෙමින් ගයන වීරසිංහ 149 ලබා ගත් අගනා ශතකය නිසා ගාල්ල මහින්ද ක්‍රීඩකයින්ට එරෙහිව පළමු දිනයේ කඩුලු 7ක් දැවී ලකුණු 415ක් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින්ට හැකි වුනා.

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය

  • කිංග්ස්වුඩ් පළමු ඉනිම – 79 (32): නෙනුක දිසානායක 21, වෙනුක් හෙට්ටිආරච්චි 5/19, රෂ්මික පෙරේරා 2/06.
  • මහානම පළමු ඉනිම – 608/6d (3): සචිර වැලිවත්ත 188, කෝංජන පෙරේරා 165, අංජල බණ්ඩාර 69, බනුල අලගවත්ත 67, කවිඳු අමමෙත් 53, අමේෂ් රූපසිංහ 2/43.
  • කිංග්ස්වුඩ් දෙවැනි ඉනිම – 125 (32.3): නිකේෂ්ල නානයක්කාර 42, වෙනුක් හෙට්ටිආරච්චි 4/46, විරංග යේෂාන් 3/30.

මහානාම විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 404ක ජයක්.

රිච්මන්ඩ් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක පළමු ඉනිම – 57 (26.2): ගවිරු සෙන්හස් 13, යූරි කොත්තිගොඩ 5/10, මහීෂ ද සිල්වා 5/15.
  • රිච්මන්ඩ් පළමු ඉනිම – 233 (64.2): ජනෙත් කෞෂාල් 61, තමිඳු ප්‍රදීප්ත 35, අදීෂ බණ්ඩාරනායක 3/47.
  • ඩී. එස්. සේනානායක දෙවැනි ඉනිම – 133 (42.3): ගවිරු සෙන්හස් 32, හිමන්ත කේෂාන් 30, ශෙරෝන් අභිෂේක් 4/26, යූරි කොත්තිගොඩ 4/62.

රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 43ක ජයක්.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

  • සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම – 218 (93.2): දසුන් පෙරේරා 80, කවිඳු නිෂාර 33, මාන් මුසම්මිල් 6/88.
  • සාන්ත ආනා පළමු ඉනිම – 358 (101.1): මහිම කොටුවිල 115, චමිත් සසේංජන 86, ආදිත්‍ය නිර්වාන් 57, හශාන් කවිඳු 4/51.
  • සාන්ත ජෝසප් වාස් දෙවැනි ඉනිම – 34/0 (9)

තරගය ජය පරාජයෙන් තොරයි.

මහින්ද විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය

  • මලියදේව විද්‍යාල පළමු ඉනිම – 415/7 (100): ගයන වීරසිංහ 149, අමේෂ් තෙන්නකෝන් 64, චමත්කර් හෙට්ටිආරච්චි 48, ශෙහාන් හසරංග 4/84.
  • වේල්ස් කුමර විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය
  • වේල්ස් කුමර පළමු ඉනිම – 136 (40): සුමල්ක ප්‍රනාන්දු 55, ප්‍රින්ස් ප්‍රනාන්දු 34, රනුක මලවිආරච්චි 4/47, දසිස් මංචනායක 3/19.
  • රාජකීය විද්‍යාල පළමු ඉනිම – 40/0 (11.4)

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<