මිනෝද්, රවිඳුගේ සහ දුශාන් දිනය වර්ණවත් කරයි

SLC Major Club 3 Day Tournament 2023

449

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දී අද (12) පිතිකරුවන් ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මිනෝද් භානුක සහ රවිඳු ප්‍රනාන්දු සමත් වෙද්දී, දුශාන් විමුක්ති පන්දු යවන්නන් අතරින් වැඩි දක්ෂතා දැක්වූවා.

Kandy Customs කණ්ඩායමට එරෙහිව පෙර දින නොදැවී ලකුණු 27ක් ලබා සිටි CCC කණ්ඩායමේ මිනෝද් භානුක අද තම ඉනිම ශතකයක් කරා රැගෙන ගියා. ලකුණු 144ක් වූ ඔහුගේ ඉනිම පන්දු 146කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් ඇතුළත් වුනා.  

මේ අතර ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව Tamil Union කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු ද අද ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. ඔහු පෙර දිනයේ තරගය නතර කරන විට නොදැවී ලකුණු 70ක් ලබා ගත් අතර අද තම ඉනිම අවසන් වන විට පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Sebastianites කණ්ඩායමේ දුශාන් විමුක්ති. ඔහු Police කණ්ඩායමට එරෙහිව ලකුණු 68කට කඩුලු 6ක් දවා ගත්තා.

අද පැවති තරගවල දී CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක සහ චතුරංග ද සිල්වා, Negombo කණ්ඩායමේ පසිඳු ලක්ෂාන් සහ ඇන්ජලෝ ජයසිංහ සහ Police කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ දුවිඳු තිලකරත්න, Colts කණ්ඩායමේ අකිල දනංජය සහ SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.  

මේ අතර අද නිමා වූ තරග අතරින් Colts CC සහ SSC අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 62ක ජයග්‍රහණයක් ලබා ගැනීමට SSC කණ්ඩායම ද, BRC සහ Nugegoda කණ්ඩායම් අතර තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට  BRC ක්‍රීඩකයෝ ද සහ Chilaw Marians සහ NCC අතර තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට NCC කණ්ඩායම ද සමත් වුනා.  

Chilaw Marians CC සහ NCC

  • ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන 
  • කාසියේ වාසිය – Chilaw Marians CC 

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 57.1ක දී සියලුම දෙනා දැවී 208 (ලසිත් ලක්ෂාන් 67, රවීන් යසස් 26, චමෝද් සඳරු 26, පුලින තරංග 33, කවිඳු නිර්මාල් 25, චාමික ගුණසේකර 2/42, රවීන් සේයර් 2/46, ලසිත් ඇඹුල්දෙණිය 2/48, යුගීෂ දිශාන් 2/26 

NCC – පළමු ඉනිම පන්දුවාර 52.1ක දී සියලුම දෙනා දැවී 226 (නිරෝෂන් දික්වැල්ල 105, උපුල් තරංග 22, සහන්ආරච්චිගේ 36, චමෝද් සඳරු 3/70, අවිඳු තීක්ෂණ 2/69, ලසිත් ලක්ෂාන් 4/60) 

Chilaw Marians CC – දෙවැනි ඉනිම පන්දුවාර 81.2ක දී සියලුම දෙනා දැවී 214 (විශ්ව චතුරංග 21, ලසිත් ලක්ෂාන් 32, කසුන් විදුර 65, පුලින තරංග 47, ලසිත් ඇඹුල්දෙණිය 4/79, යුගීෂ දිශාන් 2/44, අශේන් ඩැනියෙල් 3/52) 

NCC – දෙවැනි ඉනිම පන්දුවාර 40.3ක දී කඩුලු 7ක් දැවී 200 (නිරෝෂන් දික්වැල්ල 23, කවින් බණ්ඩාර නොදැවී 87, උපුල් තරංග 41, චමෝද් සඳරු 2/61, ලසිත් ලක්ෂාන් 3/77) 

NCC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  

Tamil Union C & AC සහ Air Force SC

  • ක්‍රීඩාංගණය – P. Sara Oval 
  • කාසියේ වාසිය – Tamil Union C&AC 

Air Force SC – පළමු ඉනිම පන්දුවාර 56.3ක දී සියලුම දෙනා දැවී 238 (Abhimanyu Chauhan 86, රොස්කෝ තටිල් 63, ගීත් කුමාර 23, දිලුම් සුදීර 4/74, විජයකාන්ත් වියස්කාන්ත් 3/29, රවිඳු ප්‍රනාන්දු 2/70) 

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර 64.1ක දී සියලුම දෙනා දැවී 308 (සිතාර හපුහින්න 109, ලසිත් අබේරත්න 46, රවිඳු ප්‍රනාන්දු නොදැවී 70, ලසඳ රුක්මාල් 3/54, ගීත් කුමාර 2/46)  

Air Force SC – දෙවැනි ඉනිම පන්දුවාර 50.2ක දී සියලුම දෙනා දැවී 198 (කෙමිර විජේනායක 28, Abhimanyu Chauhan 68, ගීත් කුමාර නොදැවී 39, චානක රුවන්සිරි 31, ශිරාන් ප්‍රනාන්දු 2/16, දිලුම් සුදීර 2/49, විජයකාන්ත් වියස්කාන්ත් 4/53, නවෝද් පරණවිතාන 2/37)  

තරගයේ විසඳුමක් නෑ. 

Colts CC සහ SSC 

  • ක්‍රීඩාංගණය – SSC 
  • කාසියේ වාසිය – SSC 

Colts CC – පළමු ඉනිම පන්දුවාර 33.5 සියලුම දෙනා දැවී 131 (ධනංජය ලක්ෂාන් 60, ශෙරොන් ෆොන්සේකා 21, අකිල දනංජය 21, ලක්ෂිත මනසිංහ 3/49, ප්‍රභාත් ජයසූරිය 4/33) 

SSC – පළමු ඉනිම පන්දුවාර 61.0ක දී කඩුලු 8ක් දැවී 304 (අවිශ්ක ප්‍රනාන්දු 36, ෂෙවෝන් ඩැනියෙල් 28, නිපුන් ධනංජය 25, මනෝජ් සරත්චන්ද්‍ර 86, චමිඳු වික්‍රමසිංහ 32, ලක්ෂිත මනසිංහ නොදැවී 26, අකිල දනංජය 5/134, ධනංජය ලක්ෂාන් 2/38) 

Colts CC – දෙවැනි ඉනිම පන්දුවාර 27.1ක දී සියලුම දෙනා දැවී 111 (කවිශ්ක අංජුල 41, ප්‍රභාත් ජයසූරිය 5/47, ලක්ෂිත මනසිංහ 3/34) 

SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 62ක ජයක්.  

BRC සහ Nugegoda SWC 

  • ක්‍රීඩාංගණය – BRC 
  • කාසියේ වාසිය – Nugegoda SWC 

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 56.2ක දී සියලුම දෙනා දැවී 178 (රුමේෂ් බුද්ධික 23, කවින් පෙරේරා 32, සුවත් මෙන්ඩිස් 25, චලන ද සිල්වා 43, මොහොමඩ් ශිරාස් 3/31, දුවිඳු තිලකරත්න 2/39, දුශාන් හේමන්ත 4/50 

BRC – පළමු ඉනිම පන්දුවාර 53.1ක දී සියලුම දෙනා දැවී 178 (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 23, Abhishek Raman 24, රිසිර වීරසූරිය 37, ලක්ෂාන් ගමගේ 58, තිලකරත්න සම්පත් 3/60, චලන ද සිල්වා 4/47, සුවත් මෙන්ඩිස් 3/28)  

Nugegoda SWC – දෙවැනි ඉනිම පන්දුවාර 47.1ක දී සියලුම දෙනා දැවී 131 (රුමේෂ් බුද්ධික 29, කෙවින් පෙරේරා 21, මොහොමඩ් ශිරාස් 2/16, ජනිත් සිල්වා 2/11, දුවිඳු තිලකරත්න 5/48) 

BRC – දෙවැනි ඉනිම පන්දුවාර 34.3ක දී කඩුලු 9ක් දැවී 132 (නිමන්ද මධුශංක 33, ලක්ෂාන් ගමගේ 20, ඩිල්රුවන් පෙරේරා නොදැවී 21, ලහිරු ගමගේ 2/43, සුවත් මෙන්ඩිස් 3/28) 

BRC කණ්ඩායමට කඩුල්ලක ජයක්.  

Kandy CCC සහ CCC

  • ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව  
  • කාසියේ වාසිය – Kandy CCC 

Kandy CCC – පළමු ඉනිම පන්දුවාර 71.0ක දී සියලුම දෙනා දැවී 258 (ඉමාල් ලියනගේ 32, දේශාන් ඩයස් නොදැවී 36, සහන් කෝසල 50, යොහාන් මද්දගේ 47, අසිත ප්‍රනාන්දු 6/49, අශාන් ප්‍රියංජන් 2/64, චතුරංග ද සිල්වා 2/54) 

CCC – පළමු ඉනිම පන්දුවාර 73.0ක දී කඩුලු 6ක් දැවී 398 (ලසිත් කෲස්පුල්ලේ 67, මිනෝද් භානුක 144, කමිඳු මෙන්ඩිස් 57, පවන් රත්නායක නොදැවී 53, චතුරංග ද සිල්වා නොදැවී 50, ගයාන් සිරිසෝම 2/78, යොහාන් මද්දගේ 3/83 

Kandy CCC – දෙවැනි ඉනිම පන්දුවාර 9.3ක දී කඩුලු 3ක් දැවී ලකුණු 52 (ඉමාල් ලි යනගේ 33, විශ්ව ප්‍රනාන්දු 3/24)  

තරගයේ විසඳුමක් නෑ. 

Negombo CC සහ Galle CC

  • ක්‍රීඩාංගණය – FTZ, කටුනායක  
  • කාසියේ වාසිය – Galle CC 

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 57.4 දී සියලුම දෙනා දැවී 133 (ඩිල්ශාන් මුනවීර 52, සචිත්‍ර පෙරේරා 4/28, පසිඳු මධුශාන් 2/15) 

Galle CC – පළමු ඉනිම පන්දුවාර 78.0ක දී සියලුම දෙනා දැවී 169 (ඉරෝෂ් සමරසූරිය 22, බුද්දික හසරංග 39, විශ්ව විජේරත්න 28, උපුල් ඉන්ද්‍රසිරි 3/44, නිශාන් පීරිස් 5/42)) 

Negombo CC – දෙවැනි ඉනිම පන්දුවාර 66ක දී කඩුලු 7ක් දැවී 278 (ඩිල්ශාන් මුණවීර 57, පසිඳු ලක්ෂාන් 67, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 65, මිලින්ද සිරිවර්ධන 21, Jatin Saxena 41, සහන් අදීශ 2/75, සචිත්‍ර පෙරේරා 3/83) 

Galle CC – දෙවැනි ඉනිම පන්දුවාර 22.2ක දී කඩුලු 7ක් දැවී 35 (ධනුශ්ක සඳරුවන් 3/15, නිශාන් පීරිස් 4/10) 

තරගයේ විසඳුමක් නෑ.  

දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ තරග 

Police SC vs Sebastianites C & AC

  • ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන 
  • කාසියේ වාසිය – Chilaw Marians CC 

Police SC – පළමු ඉනිම පන්දුවාර 40.4ක දී සියලුම දෙනා දැවී 181 (හේෂාන් ධනුශ්ක 45, ධනුජ ඉඳුවර 20, අශේන් බණ්ඩාර 67, චාමිකර එදිරිසිංහ 4/61, ඉසිත විජේසුන්දර 3/20) 

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 42.3ක දී සියලුම දෙනා දැවී 198 (අභිශේක් ලියනාරච්චි 20, අදීශ නානායක්කාර 48, තරිඳු රත්නායක 61, මාලින්ද පුෂ්පකුමාර 7/88, නලින් ප්‍රියදර්ශන 2/99)  

Police SC – දෙවැනි ඉනිම පන්දුවාර 66.1ක දී සියලුම දෙනා දැවී 204 (අශේන් බණ්ඩාර 26, ප්‍රියමාල් පෙරේරා 90, චතුරංග කුමාර 44, චාමිකර එදිරිසිංහ 2/51, දුශාන් විමුක්ති 6/68) 

Sebastianites C & AC – දෙවැනි ඉනිම පන්දුවාර 0.5ක දී කිසිවෙක් නොදැවී 1 

මෙම තරගය හෙට (13) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

මේ අතර අද Moors ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Moors සහ Baduraliya කණ්ඩායම් අතර තරගයත්, Bloomfield පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Bloomfield සහ  Kurunegala Youth අතර තරගයත් ක්‍රීඩාංගණවල පැවති අයහපත් තත්ත්වයන් හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වුනා.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<