අසිත සහ දුශාන් පන්දු යැවීමේ කඩඉම්වලට

454
SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ම ඊයේ (10) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් තම පළමුපෙළ තරගවල සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට අසිත ප්‍රනාන්දු සහ දුශාන් හේමන්ත සමත් වුනා.

CCC නියෝජනය කරන දකුණතින් මද වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු Kandy කණ්ඩායමට එරෙහිව ලකුණු 32කට කඩුලු 4ක් ලබා ගන්නා ලද අතර ඒ අනුව ඔහු මේ දක්වා වූ පළමුපෙළ තරග 67ක දී තම කඩුලු 200 කඩඉම පසු කිරීමට සමත් වුනා.

ඒ අතර BRC නියෝජනය කරන වමතින් දඟපන්දු යවන දුශාන් හේමන්ත Nugegoda කණ්ඩායමට එරෙහිව ලකුණු 50කට කඩුලු 4ක් ලබා ගන්නා ලද අතර ඒ සමඟ ම ඔහු තම තරග 45ක් වූ පළමු පෙළ තරගවල දී කඩුලු 100ක් වාර්තා කිරීමට ද සමත් වුනා.

නිමා වූ දිනයේ දී පිතිකරුවන් අතරින් කැපී පෙනෙන ඉනිමක නිරත වූයේ NCC කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල. ඔහු Chilaw Marians කණ්ඩායමට එරෙහිව පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 85ක් ලබා සිටියා.

ඊට අමතරව Negombo කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර, Chilaw Marians කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් සහ Kandy කණ්ඩායමේ කෝසල සහන් අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී Galle කණ්ඩායමේ සචිත්‍ර පෙරේරා ද කඩුලු 4ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

Chilaw Marians CC සහ NCC

  • ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන
  • කාසියේ වාසිය – Chilaw Marians CC

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 57.1ක දී සියලුම දෙනා දැවී 208 (ලසිත් ලක්ෂාන් 67, රවීන් යසස් 26, චමෝද් සඳරු 26, පුලින තරංග 33, කවිඳු නිර්මාල් 25, චාමික ගුණසේකර 2/42, රවීන් සේයර් 2/46, ලසිත් ඇඹුල්දෙණිය 2/48, යුගීෂ දිශාන් 2/26

NCC – පළමු ඉනිම පන්දුවාර 32.0ක දී කඩුලු 3ක් දැවී 132 (නිරෝෂන් දික්වැල්ල නොදැවී 85, උපුල් තරංග 22, චමෝද් සඳරු 2/43)

Tamil Union C & AC සහ Air Force SC

  • ක්‍රීඩාංගණය – P. Sara Oval
  • කාසියේ වාසිය – Tamil Union C&AC

Air Force SC – පළමු ඉනිම පන්දුවාර 41.0ක දී කඩුලු 7ක් දැවී 172 (Abhimanyu Chauhan 86, ගීත් කුමාර 23, දිලුම් සුදීර 2/51, විජයකාන්ත් වියස්කාන්ත් 2/19, රවිඳු ප්‍රනාන්දු 2/58)

Group B

BRC සහ Nugegoda SWC

  • ක්‍රීඩාංගණය – BRC
  • කාසියේ වාසිය -Nugegoda SWC

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 56.2ක දී සියලුම දෙනා දැවී 178 (රුමේෂ් බුද්ධික 23, කවින් පෙරේරා 32, සුවත් මෙන්ඩිස් 25, චලන ද සිල්වා 43, මොහොමඩ් ශිරාස් 3/31, දුවිඳු තිලකරත්න 2/39, දුශාන් හේමන්ත 4/50

BRC – පළමු ඉනිම පන්දුවාර 2.0ක දී කිසිවෙක් නොදැවී 5

Kandy CCC සහ CCC

  • ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව
  • කාසියේ වාසිය – Kandy CCC

Kandy CCC – පළමු ඉනිම පන්දුවාර 50.0ක දී කඩුලු 7ක් දැවී 178 (ඉමාල් ලියනගේ 32, දේශාන් ඩයස් නොදැවී 36, සහන් කෝසල 50, අසිත ප්‍රනාන්දු 4/32, අශාන් ප්‍රියංජන් 2/37)

Negombo CC සහ Galle CC

  • ක්‍රීඩාංගණය – FTZ, කටුනායක
  • කාසියේ වාසිය – Galle CC

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 57.4 දී සියලුම දෙනා දැවී 133 (ඩිල්ශාන් මුනවීර 52, සචිත්‍ර පෙරේරා 4/28, පසිඳු මධුශාන් 2/15)

Galle CC – පළමු ඉනිම පන්දුවාර 32.0ක දී කඩුලු 2ක් දැවී 71 (ඉරෝෂ් සමරසූරිය 22, බුද්දික හසරංග නොදැවී 20)

මෙම තරග අද (11) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක අතර මීට අමතර ව තවත් තරග කිහිපයක් අද දිනයේ දී ද ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<