තිලකරත්න සම්පත්ගෙන් හුදකලා ඉනිමක්

SLC Major Club 3 Day Tournament 2023

832

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වූ අද (07) දවස නිමාවේ දී තිලකරත්න සම්පත් හුදකලා ඉනිමක නිරත වෙමින් ශතකයක් ලබා ගනිද්දී, ලහිරු උදාර සහ අශේන් බණ්ඩාර ද ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත්වුනා.

නුගේගොඩ කණ්ඩායම නියෝජනය කරන 41 වැනි වියේ පසුවන තිලකරත්න සම්පත් මීගමුව කණ්ඩායමට එරෙහිව පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 133ක් ලබා ගත්තා. මෙය තිලකරත්න සම්පත්ගේ පළමුපෙළ 8 වැනි ශතකයයි.

ඔහු මේ දක්වා පළමු පෙළ තරග 152ක ඉනිම් 255කට මුහුණ දෙමින් ලකුණු 6727ක් ලබා සිටින අතර ඔහු මෙම ඉනිම ක්‍රියාත්මක කරද්දී එම කණ්ඩායමේ තවත් එක් ක්‍රීඩකයෙක් පමණක් ලකුණු 11ක් ලබා ගත් අතර අනෙකුත් පිතිකරුවෝ කිසිවෙකුත් ඉලක්කම් 2 ලකුණු ලබා නොගැනීම විශේෂත්වයක් වුනා.

NCC කණ්ඩායමේ 29 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 123ක් ලබා ගත්තා. ඔහු අද වාර්තා කළේ තම 84ක් වන පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකයයි.

පොලිස් කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර ද ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගන්නවා. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වෙනවා.

මේ අතර අද දවසේ දී අර්ධ ශතක ලාභීන් අතරට බදුරලිය කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු, Tamil Union කණ්ඩායමේ නවොද් පරණවිතාන සහ කමේෂ් නිර්මාල් එක් වුනා.

දවසේ හොඳම පන්දු යවන්නා වූයේ Ace Capital කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන වනුජ සහන්. ඔහු Moors කණ්ඩායමට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට පෙර ඔහු පළමු ඉනිමේ දී ලකුණු 49කට කඩුලු 4ක් ලබා සිටි අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 102කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මෙය ඔහුගේ පළමුපෙළ තරග 16ක තරගයක දී කඩුලු 10ක් දවා ගත් දෙවැනි අවස්ථාවයි. ඔහු මේ දක්වා ලබා ඇති පළමුපෙළ කඩුලු සංඛ්‍යාව 80ක්.

ඊට අමතරව Kandy CCC කණ්ඩායමේ ගයාන් සිරිසෝම, පොලිස් ක්‍රීඩා සමාජයේ නලීන් ප්‍රියදර්ශන සහ Chilaw Marians කණ්ඩායමේ චමෝද් සඳරු සහ Moors කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් ද කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ සහ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Kurunegala YCC සහ Sebastianites C&AC අතර තරගයත්, Ragama CC SRI Lanka Army SC අතර තරගයත් ක්‍රීඩාංගණවල පැවති අයහපත් තත්ත්වයන් හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර Colts ක්‍රීඩාංගණයේ දී පැවති CCC සහ Colts කණ්ඩායම් අතර තරගයට, අද දිනයේ දී පන්දුවක් හෝ යැවීමට හැකි වූයේ නැහැ.

Group A

Panadura SC සහ SSC

  • ක්‍රීඩාංගණය – Moors
  • කාසියේ වාසිය – SSC

SSC – පළමු ඉනිම පන්දුවාර 49.0ක දී කඩුලු 3ක් දැවී 237 (අවිශ්ක ප්‍රනාන්දු 36, ෂෙවොන් ඩැනියෙල් නොදැවී 137, අසේල සම්පත් 2/62)

Panadura SC – පළමු ඉනිම පන්දුවාර 23.0ක දී කඩුලු 6ක් දැවී 93 (සුඛිත මනෝජ් 36, Samarth Seth 24, නිසල තාරක 2/14, ප්‍රභාත් ජයසූරිය 2/47)

තරගයේ විසඳුමක් නෑ.

Nugegoda SWC සහ Negombo CC

  • ක්‍රීඩාංගණය – මොරටුව, ද සොයිසා
  • කාසියේ වාසිය – Nugegoda SWC

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 102ක දී සියලුම දෙනා දැවී 268 (පසිඳු ලක්ෂාන් 35, හිමාෂ ලියනගේ 42, Jatin Saxena 77, මාධව වර්ණපුර 36, ලහිරු ගමගේ 2/61, ඩිල්ශාන් අබේසිංහ 3/35, සුවත් මෙන්ඩිස් 4/32)

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 67.5ක දී සියලුම දෙනා දැවී 179 (තිලකරත්න සම්පත් 133, චනුර ප්‍රනාන්දු 3/36, උපුල් ඉන්ද්‍රසිරි 2/56, Jatin Saxena 2/08

Negombo CC – දෙවැනි ඉනිම පන්දුවාර 12.0ක දී කඩුල්ලක් දැවී 26

තරගයේ විසඳුමක් නෑ.

CCC සහ Colts CC

  • ක්‍රීඩාංගණය – Colts
  • කාසියේ වාසිය – CCC

CCC – පළමු ඉනිම පන්දුවාර 34.0ක දී කඩුලු 5ක් දැවී 140 (ලසිත් කෲස්පුල්ලේ 62, චමිඳු විජේසිංහ 19, Sahamsunder Krishnasriram 3/54, අකිල ධනංජය 2/34

තරගය විසඳුමක් නෑ.

Group B

Tamil Union C&AC සහ Chilaw Marians CC

  • ක්‍රීඩාංගණය – P. Sara Oval
  • කාසියේ වාසිය – Chilaw Marians CC

Tamil Union C&AC – පළමු ඉනිම පන්දුවාර 70.5ක දී සියලුම දෙනා දැවී 248 (සිතාර හපුහින්න 21, රොන් චන්ද්‍රගුප්ත 29, රවිඳු ප්‍රනාන්දු 90, දිලුම් සුදීර නොදැවී 45, විජයකාන්ත් වියස්කාන්ත් 34, රජින්ද පුංචිහේවා 7/50, ලසිත් ලක්ෂාන් 3/79)

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 57.3ක දී සියලුම දෙනා දැවී 206 (විශ්ව චතුරංග 28, ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 60, ශිරාන් ප්‍රනාන්දු 3/33, රවිඳු ප්‍රනාන්දු 2/64, දිලුම් සුදීර 3/52, විජයකාන්ත් වියස්කාන්ත් 2/22)

Tamil Union C&AC – දෙවැනි ඉනිම පන්දුවාර 39.1ක දී කඩුලු 7ක් දැවී 216 (නවොද් පරණවිතාන 85, රොන් චන්ද්‍රගුප්ත 26, කමේෂ් නිර්මාල් 63, චමෝද් සඳරු 5/49)

Chilaw Marians CC – දෙවැනි ඉනිම පන්දුවාර 11.0ක දී කඩුලු 3ක් දැවී 51 (විශ්ව චතුරංග 20, දිලුම් සුදීර 2/15)

තරගයේ විසදුමක් නෑ.

Baduraliya SC සහ NCC

  • ක්‍රීඩාංගණය – මග්ගොන Surrey Village
  • කාසියේ වාසිය – Baduraliya SC

NCC – පළමු ඉනිම පන්දුවාර 71.3ක දී සියලුම දෙනා දැවී 301 (නිරෝෂන් දික්වැල්ල 34, ලහිරු උදාර 32, කවින් බණ්ඩාර 60, උපුල් තරංග 92, අශේන් ඩැනියෙල් 32, Parvez Rasool 4/150, චානක කොමසාරු 5/97)

Baduraliya SC – පළමු ඉනිම පන්දුවාර 92ක දී සියලුම දෙනා දැවී‍ 273 (Adil Reshi 51, රනේෂ් සිල්වා 57, අනුක් ප්‍රනාන්දු 58,  Parvez Rasool  58, සම්පත් නිශ්ශංක 2/17, ලසිත් ඇඹුල්දෙණිය 4/108)

NCC – දෙවැනි ඉනිම පන්දුවාර 29.0ක දී කඩුලු 3ක් දැවී 221 (ලහිරු උදාර 123, නිරෝෂන් දික්වැල්ල 35, සහන් ආරච්චිගේ නොදැවී 41, Parvez Rasool   2/114)

තරගයේ විසඳුමක් නෑ.

Ace Capital CC සහ Moors SC

  • ක්‍රීඩාංගණය – කටුනායක, FTZ
  • කාසියේ වාසිය – Ace Capital CC

Moors SC – පළමු ඉනිම පන්දුවාර 54.5ක දී සියලුම දෙනා දැවී 154 (රමේෂ් මෙන්ඩිස් 45, සිතුම් දිසානායක 2/21, රොෂාන් ජයතිස්ස 3/50, වනුජ සහන් 4/49)

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 58.0ක දී සියලුම දෙනා දැවී 181 (පවන්ත වීරසිංහ 63, රවින්ද රත්නායක 20, සිතාර ගිම්හාන් 26, රමේෂ් මෙන්ඩිස් 3/34, තිලංග උදේශන 2/21, ප්‍රවීන් ජයවික්‍රම 3/48)

Moors SC – දෙවැනි ඉනිම පන්දුවාර 39.2ක දී සියලුම දෙනා දැවී 152 (සොහාන් ද ලිවේරා 47, රමේෂ් මෙන්ඩිස් 33, මොහොමඩ් ශමාස් 42, රොෂාන් ජයතිස්ස 2/57, වනුජ සහන් 6/53)

Ace Capital CC – දෙවැනි ඉනිම පන්දුවාර 38.5ක දී කඩුලු 9ක් දැවී 131 (රවිඳු රත්නායක 24, රොෂාන් ජයතිස්ස 40, සකුන ලියනගේ නොදැවී 25, මිලාන් රත්නායක 2/17, රමේෂ් මෙන්ඩිස් 5/50, ප්‍රවීන් ජයවික්‍රම 2/40)

Ace Capital කණ්ඩායමට කඩුල්ලක ජයක්.

Police SC සහ Sri Lanka Air Force SC

  • ක්‍රීඩාංගණය – තිඹිරිගස්යාය, පොලිස්
  • කාසියේ වාසිය – Sri Lanka Air Force SC

Sri Lanka Air Force SC – පළමු ඉනිම පන්දුවාර 82.2ක දී සියලුම දෙනා දැවී 255 (කෙමිර විජේනායක 54, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 85, මොවින් සුබසිංහ 34, චාරුක ප්‍රමෝද් 2/18, මාලින්ද පුෂ්පකුමාර 5/92, සුපුන් මධුශංක 2/50)

Police SC – පළමු ඉනිම පන්දුවාර 29.2ක දී සියලුම දෙනා දැවී 101 (ධනුජ ඉඳුවර 45, මොවින් සුබසිංහ 5/36, දුලංජන මෙන්ඩිස් 2/14, චානක රුවන්සිරි 2/10)

Sri Lanka Air Force SC – දෙවැනි ඉනිම පන්දුවාර 44.4ක දී කඩුලු 8ක් දැවී 122 (විහඟ රුවනරා 23, ගීත් කුමාර 43, මාලින්ද පුෂ්පකුමාර 3/31, නලින් ප්‍රියදර්ශන 5/65)

Police SC – දෙවැනි ඉනිම පන්දුවාර 40.4ක දී කඩුලු 6ක් දැවී 218 (තරුෂ සිල්වා 22, ධනුජ ඉඳුවර 23, අශේන් බණ්ඩාර නොදැවී 102, සුපුන් මධුශංක 25, මොවින් සුබසිංහ 2/43)

තරගයේ විසඳුමක් නෑ.

Galle CC සහ Kandy CCC

  • ක්‍රීඩාංගණය – ගාල්ල
  • කාසියේ වාසිය – Kandy CCC

Galle CC – පළමු ඉනිම පන්දුවාර 61.3ක දී සියලුම දෙනා දැවී 183 (ඔෂඳ ප්‍රනාන්දු 70, විශ්ව විජේරත්න 27, හර්ෂ විතාන 42, බුද්ධික සංජීව 3/44, ගයාන් සිරිසෝම 5/51)

Kandy CCC – පළමු ඉනිම පන්දුවාර 28.0ක දී කඩුලු 5ක් දැවී 109 (සදීශ් ජයවර්ධන 21, සමීන් කඳනාරච්චි 45, සහන් කෝසල 21, සචිත්‍ර පෙරේරා 2/49)

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<