සිතාර, දික්වැල්ල සහ මාලින්දගෙන් කැපී පෙනෙන දක්ෂතා

SLC Major Club 3 Day Tournament 2023

282
SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දී අද (11) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සිතාර හපුහින්න, නිරෝෂන් දිකවැල්ල සහ මාලින්ද පුෂ්පකුමාර සමත් වුනා.

අද පැවති තරගවල දී පළමු ශතකය වාර්තා කිරීමට NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සමත් වුනා. Chilaw Marians හා සමඟ පැවැත්වෙන තරගයේ පෙර දිනයේ ඔහු නොදැවී ලකුණු 85ක් ලබා සිටි අතර අද ඔහු තම ඉනිම 105ක් දක්වා ගෙන ගියා. එම ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 121කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළා.

දවසේ දෙවැනි ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගත්තේ Tamil Union ආරම්භක වමත් පිතිකරු සිතාර හපුහින්න. ඔහු Air Force කණ්ඩායමට එරෙහිව පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග 7ක් වූ පළමුපෙළ තරගවල මංගල ශතකයයි.

මේ අතර Police නියෝජනය කරන වමත් පා දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර Sebastianites කණ්ඩායමට එරෙහිව ලකුණු 88කට කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වුනා.

ඊට අමතරව දිනයේ දක්ෂතා දැක්වූවන් අතරට පෙර දිනයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ Negombo කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර අද ද අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ඊට අමතරව CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ, BRC කණඩායමේ ලක්ෂාන් ගමගේ, Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්, SSC කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර, Air Force කණ්ඩායමේ රොස්කෝ තටිල්, Tamil Union කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු සහ Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී CCC නියෝජනය කරන දකුණතින් මද වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු පෙර දිනයේ කඩුලු 4ක් දවාගෙන සිටි අතර අද තවත් කඩුලු 2ක් දවා ගනිමින් Kandy කණ්ඩායමේ ඉනිම නිමා වන විට ලකුණු 49කට කඩුලු 6ක් දවා ගත්තා.

ඊට අමතරව Negombo කණ්ඩායමේ නිශාන් පීරිස් Galle කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර BRC සහ Nugegoda කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ පළමු ඉනිම්වල දී දෙපිලේ ම ක්‍රීඩකයෝ ලකුණු 178ක් බැගින් රැස් කරමින් තම ඉනිම් අවසන් කර ගැනීම කැපී පෙනෙන සිදු වීමක් වුනා.

Group A

Police SC vs Sebastianites C & AC

  • ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන
  • කාසියේ වාසිය – Chilaw Marians CC

Police SC – පළමු ඉනිම පන්දුවාර 40.4ක දී සියලුම දෙනා දැවී 181 (හේෂාන් ධනුශ්ක 45, ධනුජ ඉඳුවර 20, අශේන් බණ්ඩාර 67, චාමිකර එදිරිසිංහ 4/61, ඉසිත විජේසුන්දර 3/20)

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 42.3ක දී සියලුම දෙනා දැවී 198 (අභිශේක් ලියනාරච්චි 20, අදීශ නානායක්කාර 48, තරිඳු රත්නායක 61, මාලින්ද පුෂ්පකුමාර 7/88, නලින් ප්‍රියදර්ශන 2/99)

Police SC – දෙවැනි ඉනිම පන්දුවාර 2.0ක දී කිසිවෙක් නොදැවී 0

Chilaw Marians CC සහ NCC

  • ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන
  • කාසියේ වාසිය – Chilaw Marians CC

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 57.1ක දී සියලුම දෙනා දැවී 208 (ලසිත් ලක්ෂාන් 67, රවීන් යසස් 26, චමෝද් සඳරු 26, පුලින තරංග 33, කවිඳු නිර්මාල් 25, චාමික ගුණසේකර 2/42, රවීන් සේයර් 2/46, ලසිත් ඇඹුල්දෙණිය 2/48, යුගීෂ දිශාන් 2/26

NCC – පළමු ඉනිම පන්දුවාර 52.1ක දී සියලුම දෙනා දැවී 226 (නිරෝෂන් දික්වැල්ල 105, උපුල් තරංග 22, සහන්ආරච්චිගේ 36, චමෝද් සඳරු 3/70, අවිඳු තීක්ෂණ 2/69, ලසිත් ලක්ෂාන් 4/60)

Chilaw Marians CC – දෙවැනි ඉනිම පන්දුවාර 53.0ක දී කඩුලු 6ක් දැවී 150 (විශ්ව චතුරංග 21, ලසිත් ලක්ෂාන් 32, කසුන් විදුර 65, ලසිත් ඇඹුල්දෙණිය 3/56, යුගීෂ දිශාන් 2/37)

Tamil Union C & AC සහ Air Force SC

  • ක්‍රීඩාංගණය – P. Sara Oval
  • කාසියේ වාසිය – Tamil Union C&AC

Air Force SC – පළමු ඉනිම පන්දුවාර 56.3ක දී සියලුම දෙනා දැවී 238 (Abhimanyu Chauhan 86, රොස්කෝ තටිල් 63, ගීත් කුමාර 23, දිලුම් සුදීර 4/74, විජයකාන්ත් වියස්කාන්ත් 3/29, රවිඳු ප්‍රනාන්දු 2/70)

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර 55.0ක දී කඩුලු 7ක් දැවී 275 (සිතාර හපුහින්න 109, ලසිත් අබේරත්න 46, රවිඳු ප්‍රනාන්දු නොදැවී 70, ලසඳ රුක්මාල් 3/41, ගීත් කුමාර 2/46)

Group B

Colts CC vs SSC

  • ක්‍රීඩාංගණය – SSC
  • කාසියේ වාසිය – SSC

Colts CC – පළමු ඉනිම පන්දුවාර 33.5 සියලුම දෙනා දැවී 131 (ධනංජය ලක්ෂාන් 60, ශෙරොන් ෆොන්සේකා 21, අකිල දනංජය 21, ලක්ෂිත මනසිංහ 3/49, ප්‍රභාත් ජයසූරිය 4/33)

SSC – පළමු ඉනිම පන්දුවාර 37.0ක දී කඩුලු 6ක් දැවී 219 (අවිශ්ක ප්‍රනාන්දු 36, ෂෙවෝන් ඩැනියෙල් 28, නිපුන් ධනංජය 25, මනෝජ් සරත්චන්ද්‍ර 61, චමිඳු වික්‍රමසිංහ 32, අකිල දනංජය 4/74, ධනංජය ලක්ෂාන් 2/33)

BRC සහ Nugegoda SWC

  • ක්‍රීඩාංගණය – BRC
  • කාසියේ වාසිය – Nugegoda SWC

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 56.2ක දී සියලුම දෙනා දැවී 178 (රුමේෂ් බුද්ධික 23, කවින් පෙරේරා 32, සුවත් මෙන්ඩිස් 25, චලන ද සිල්වා 43, මොහොමඩ් ශිරාස් 3/31, දුවිඳු තිලකරත්න 2/39, දුශාන් හේමන්ත 4/50

BRC – පළමු ඉනිම පන්දුවාර 53.1ක දී සියලුම දෙනා දැවී 178 (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 23, Abhishek Raman 24, රිසිර වීරසූරිය 37, ලක්ෂාන් ගමගේ 58, තිලකරත්න සම්පත් 3/60, චලන ද සිල්වා 4/47, සුවත් මෙන්ඩිස් 3/28)

Nugegoda SWC – දෙවැනි ඉනිම පන්දුවාර 44.0ක දී කඩුලු 7ක් දැවී 124 (රුමේෂ් බුද්ධික 29, කෙවින් පෙරේරා නොදැවී 21, ජනිත් සිල්වා 2/11, දුවිඳු තිලකරත්න 4/48)

Kandy CCC සහ CCC

  • ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව
  • කාසියේ වාසිය – Kandy CCC

Kandy CCC – පළමු ඉනිම පන්දුවාර 71.0ක දී සියලුම දෙනා දැවී 258 (ඉමාල් ලියනගේ 32, දේශාන් ඩයස් නොදැවී 36, සහන් කෝසල 50, යොහාන් මද්දගේ 47, අසිත ප්‍රනාන්දු 6/49, අශාන් ප්‍රියංජන් 2/64, චතුරංග ද සිල්වා 2/54)

CCC – පළමු ඉනිම පන්දුවාර 16.0ක දී කඩුල්ලක් දැවී 84 (ලසිත් කෲස්පුල්ලේ නොදැවී 51, මිනෝද් භානුක නොදැවී 27,

Negombo CC සහ Galle CC

  • ක්‍රීඩාංගණය – FTZ, කටුනායක
  • කාසියේ වාසිය – Galle CC

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 57.4 දී සියලුම දෙනා දැවී 133 (ඩිල්ශාන් මුනවීර 52, සචිත්‍ර පෙරේරා 4/28, පසිඳු මධුශාන් 2/15)

Galle CC – පළමු ඉනිම පන්දුවාර 78.0ක දී සියලුම දෙනා දැවී 169 (ඉරෝෂ් සමරසූරිය 22, බුද්දික හසරංග 39, විශ්ව විජේරත්න 28, උපුල් ඉන්ද්‍රසිරි 3/44, නිශාන් පීරිස් 5/42))

Negombo CC – දෙවැනි ඉනිම පන්දුවාර 42ක දී කඩුලු 3ක් දැවී 158 (ඩිල්ශාන් මුණවීර 57, පසිඳු ලක්ෂාන් නොදැවී 40, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 32, මිලින්ද සිරිවර්ධන 21, සචිත්‍ර පෙරේරා 2/52)

මෙම තරග අතරින් Police සහ Sebastianites කණ්ඩායම් අතර තරගය හෙට (12) දෙවැනි දිනයට පැවැත්වීමට නියමිත අතර අනෙකුත් තරග තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට අමතරව තවත් තරග කිහිපයක් අද දිනයේ දී ද ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<