යුධ හමුදාවෙන් නොක්-අවුට් ගැහිල්ලක්

256
BASL

මේ වනවිට ක්‍රියාත්මක අන්තර්මධ්‍යම බොක්සිං තරගාවලියේ දෙවන දිනය ඊයේ (28) පැවැත්වුණේ කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදීයි. එහිදී යළිත් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

දිනය තුළ පැවති මූලික වටයේ තරග අවසන් වූයේ පහත පරිදි යි.

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

මෙහි මූලික තරග අටක් දිනය තුළදී පැවැත්විණ.

යුධ හමුදා ක්‍රීඩකයන් දෙපලක් වූ එන්. රාජපක්ෂ සහ අයි. චාමර අතර තරගයෙන් 3-2ක ජූරි බහුතරයක් දිනාගත් චාමර ඉදිරියට ගියේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. හේමන්ත සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එල්. ධර්මප්‍රිය අතර තරගයෙන්ද 3-2 ක තීරණයක් වාර්තා වූ අතර එහි ජය හිමිවූයේ ධර්මප්‍රියට යි.

මාස් ලීනියා ක්‍රීඩා සමාජයේ මිහාන් ප්‍රනාන්දු සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ කේ. ජයවික්‍රම අතර තරගයේදී දෙදෙනාගේ හිස් එකට ගැටුණු අතර ජයවික්‍රමගේ නළල පැලී ගියේය. ඒ අවස්ථාවේදී ලකුණු අතින් ඉදිරියෙන් සිටි ජයවික්‍රමට ජය හිමිවිය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. ජයසංක සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. සුගත් අතර තරගයේදී 4-1ක ජූරි බහුතරයක් දිනාගත් සුගත් ඉදිරියට යන්නට සමත් විය.

ගුවන් හමුදාවේ ඩී. මධුශංක සහ නාවික හමුදාවේ ඩී. රත්නායක අතර පැවැත්වෙන්නට තිබූ තරගයට මධුශංක සහභාගී නොවීම හේතුවෙන් නිතරග ජයක් හිමිවූයේ රත්නායකට යි.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ සී. ප්‍රේමවංශ සහ නාවික හමුදා කණ්ඩායමේ ජේ. කුමාර අතර තරගයේදී නොක් අවුට් ජයක් ලැබීමට ප්‍රේමවංශට හැකිවිය.

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ කේ. මධුරංග සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්. කුමාර අතර තරගයේදී 4-1ක ජූරි බහුතරයකින් මධුරංගට ජය හිමිවිය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් ද සිල්වා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ගමගේ අතර තරගයේදී ගමගේ නොක් අවුට් වී බිම ඇදවැටීම නිසා ජය හිමිවූයේ ද සිල්වාට යි.

පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී. ජයම්පති විසින් පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. බණ්ඩාර නොක් අවුට් තත්වයට පත්කරමින් ජය ලබාගත්තේය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ පී. ගලප්පත්ති සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්. කුමාර අතර තරගයේදී 5-0ක් ලෙස කුමාරට ජය හිමිවිය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ජයවීර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. දයාරත්න අතර තරගයෙන් 5-0ක් ලෙස ජයවීර ජයගත්තේය.

ගුවන් හමුදා කෆීර් ක්‍රීඩා සමාජයේ යූ. කුමාරව, යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්. සිරිවර්ධන විසින් තෙවරක් බිමහෙලීම නිසා සිරිවර්ධන ඉදිරියට යන්නට සමත් විය.

මාස් සිල්වර්ලයින් කණ්ඩායමේ බී. සමරදිවාකර සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සී. පණ්ඩිතරත්න අතර තරගයේදී 4-1ක් ලෙස ජයගන්නට සමරදිවාකර සමත් විය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ ඒ. මධුශංකට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජයේ බී. වීරපිටිය ජයගත්තේ මධුශංක විසින් නීතිවිරෝධී පහරක් එල්ලකිරීම හේතුවෙනුයි.

යුධ හමුදා කණ්ඩායමේ කේ. රත්නායක සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්. කිරිඇල්ල අතර තරගයේදී නොක් අවුට් ආකාරයෙන් ජයගන්නට කිරිඇල්ල සමත් වූයේ දැවැන්ත පහරක් සමඟින්.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්.කුමාර සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. චාමර අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජයගන්නට කුමාර සමත්විය.

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙපලක් වූ ඊ. සමරසිංහ සහ එස්. විජේසුන්දර අතර තරගයේදී තෙවරක් ප්‍රතිවාදියා බිමහෙලන්නට සමත් වූ සමරසිංහ ජය හිමිකර ගත්තේය.

පොලිස් ක්‍රීඩා සමාජයේ එල්. දිසානායක සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්. රූපසිංහ අතර පැවති තරගයෙන් රූපසිංහ ජයගත්තේ ප්‍රතිවාදී කණ්ඩායම විසින් තරගය නවත්වන ලෙස කළ ඉල්ලීම අනුවයි.

යුධ හමුදාවේ එන්. ඒකනායක සහ ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ කේ. තිලකරත්න අතර තරගයේදී විනිසුරු විසින් තරගය නවත්වා තිලකරත්නව ජයග්‍රාහකයා කළේය.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ සී. මධුශංක සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. සමරනායක අතර තරගයෙන් 5-0ක ජූරි තීරණයක් ලබාගත් මධුශංක ඉදිරියට යන්නට සමත් විය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙපලක් වූ කේ. අතුකෝරාල සහ බී. ගමගේ අතර පැවති තරගයේදී 4-1ක් ලෙස ජයගන්නට අතුකෝරාල සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සී. සෙනවිරත්න විසින් පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. කුමාරසිංහව පරාජය කළේ 4-1ක් ලෙසයි.

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. සංජීව සහ ගුවන් හමුදා කෆීර් ක්‍රීඩා සමාජයේ ඩී. පුෂ්පකුමාර අතර පැවති තරගයේදී 5-0ක් ලෙස පුෂ්පකුමාරට ජය හිමිවිය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ එස්. තෙන්නකෝන් සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ ඩී. ප්‍රේමකුමාර අතර තරගයේදී නොක් අවුට් වශයෙන් ජයගන්නට ප්‍රේමකුමාර සමත් විය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ සී. සිල්වා සහ යුධ හමුදාවේ ඩී. දසනායක අතර පැවති තරගයෙන් දසනායක ජය හිමිකරගත්තේ විනිසුරු විසින් තරගය නතර කළ බැවිනි.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ඩී. සම්පත් සහ ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ එස්. සමීර අතර තරගයේදී සම්පත්ට ජයහිමිවූයේ නොක් අවුට් විසඳුමකිනි.

හොරණ විද්‍යාරතන විද්‍යාපීඨයේ සී. සුධම්ම සහ මාස් ලීනියා කණ්ඩායමේ සී. සිසිරකුමාර අතර තරගයේදී ප්‍රතිවාදීන් විසින් තරගය නවතන්නැයි කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන සිසිරකුමාරට ජයහිමිකරදෙමින් තරගය නිමාවිය.

පිරිමි, කි.ග්‍රෑ. 81 ලයිට් හෙවිවෙයිට් බරපන්තිය

ගුවන් හමුදා කණ්ඩායමේ එම්. සිල්වා සහ ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ එස්. තිලකරත්න අතර තරගයේදී සිල්වා ජයහිමිකර ගත්තේය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ එච්. මුණසිංහ සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්. මධුරසිංහ අතර තරගයේදී විනිසුරු විසින් තරගය නවත්වා මධුරසිංහ ජයග්‍රාහකයා බවට පත්කළේය.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එන්. බණ්ඩාර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. තිලකරත්න අතර පැවති දිනයේ අවසන් තරගයෙන් බණ්ඩාර ජයගත්තේ 5-0ක් ලෙසයි.

අද (29) තරගාවලියේ තෙවන දිනයයි. කාන්තා තරගද අද ඇරඹෙන අතර ThePapare.com ඔබට එහි සියලු පුවත් ගෙනෙන්නට සූදානම්.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට