පුංචිහේවා පළමුපෙළ හොඳම පන්දු යැවීම වාර්තා කරයි

SLC Major Club 3 Day Tournament 2023

2582
SLC Major Club 3 Day Tournament 2023

මාසයකට අධික කාලයක විරාමයකට පසු අද (05) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය නිමා වූයේ, Chilaw Marians නියෝජනය කරන 31 හැවිරිදි වියේ පසුවන දකුණතින් වේගපන්දු යවන රජින්ද පුංචිහේවාගේ දක්ෂතාත් සමඟින්.

ඔහු Tamil Union කණ්ඩායමට එරෙහිව ලකුණු 37කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා. එය ඔහුගේ පළමුපෙළ තරග 15ක හොඳම පන්දු යැවීමයි.

ඊට අමතරව අනෙකුත් පන්දු යවන්නන් අතරින් බදුරලිය කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චානක කොමසාරු ලකුණු 82කට කඩුලු 4ක් දවා ගනිමින් ද සහ Ace Capital කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන වනුජ සහන් ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූවා.

මේ අතර පිතිකරුවන් අතරින් Tamil Union C & AC කණ්ඩායම වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තා. එය පළමු දිනයේ පිතිකරුවන් අතරින් පෑ ඉහළ ම දක්ෂතාවයි.

ඊට අමතර ව සහ NCC කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 85ක් ද සහ ගුවන් හමුදා කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ද ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂඳ ප්‍රනාන්දු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද, NCC කණ්ඩායම කවීන් බණ්ඩාර පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ද සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ කෙමිර විජේනායක පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ද ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතරට එක් වුනා.

මේ අතර අද කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ Kurunegala YCC සහ Sebastianites C&AC අතර තරගයත්, Colts ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ CCC සහ Colts CC අතර තරගයක් සහ කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Ragama CC සහ Sri Lanka Army SC අතර තරගයත් අයහපත් කාලගුණ තත්ත්වය මතත් සහ ක්‍රීඩාංගණවල පැවති තෙත සහිත තත්ත්වයත් හේතුවෙන් පන්දුවක් හෝ නොයවා පළමු දිනයට අතහැර දැමුණා.

Group A

  • Panadura SCසහ SSC

ක්‍රීඩාංගණය – Moors

කාසියේ වාසිය – SSC

SSC – පළමු ඉනිම පන්දුවාර 18.0ක දී කඩුල්ලක් දැවී 96: අවිශ්ක ප්‍රනාන්දු 36, ෂෙවොන් ඩැනියෙල් නොදැවී 39

  • Nugegoda SWCසහ Negombo CC

ක්‍රීඩාංගණය – මොරටුව, ද සොයිසා

කාසියේ වාසිය – Nugegoda SWC

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 55.0ක දී කඩුලු 5ක් දැවී 154: පසිඳු ලක්ෂාන් 35, හිමාෂ ලියනගේ 42, Jatin Saxena නොදැවී 28, සුවත් මෙන්ඩිස් 2/18

Group B

  • Tamil Union C&AC සහ Chilaw Marians CC

ක්‍රීඩාංගණය – P. Sara Oval

කාසියේ වාසිය – Chilaw Marians CC

Tamil Union C&AC – පළමු ඉනිම පන්දුවාර 63.0ක දී කඩුලු 8ක් දැවී 223: සිතාර හපුහින්න 21, රොන් චන්ද්‍රගුප්ත 29, රවිඳු ප්‍රනාන්දු 90, දිලුම් සුදීර නොදැවී 38, රජින්ද පුංචිහේවා 6/37, ලසිත් ලක්ෂාන් 2/76

  • Baduraliya SC සහ NCC

ක්‍රීඩාංගණය – මග්ගොන Surrey Village 

කාසියේ වාසිය – Baduraliya SC

NCC – පළමු ඉනිම පන්දුවාර 56.0ක දී කඩුලු 7ක් දැවී 268: නිරෝෂන් දික්වැල්ල 34, ලහිරු උදාර 32, කවින් බණ්ඩාර 60, උපුල් තරංග නොදැවී 85,  Parvez Rasool 2/135, චානක කොමසාරු 4/82

  • Ace Capital CCසහ Moors SC

ක්‍රීඩාංගණය – කටුනායක, FTZ 

කාසියේ වාසිය – Ace Capital CC

Moors SC – පළමු ඉනිම පන්දුවාර 54.5ක දී සියලුම දෙනා දැවී 154: රමේෂ් මෙන්ඩිස් 45, සිතුම් දිසානායක 2/21, රොෂාන් ජයතිස්ස 3/50, වනුජ සහන් 4/49

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 13.0ක දී කඩුලු 3ක් දැවී 53: රවින්ද රත්නායක 20

  • Police SCසහ Sri Lanka Air Force SC

ක්‍රීඩාංගණය – තිඹිරිගස්යාය, පොලිස්

කාසියේ වාසිය – Sri Lanka Air Force SC

Sri Lanka Air Force SC – පළමු ඉනිම පන්දුවාර 57.0ක දී කඩුලු 4ක් දැවී 192: කෙමිර විජේනායක 54, ගීත් කුමාර 40, චානක රුවන්සිරි නොදැවී 80, මාලින්ද පුෂ්පකුමාර 2/82

  • Galle CC Kandy CCC

ක්‍රීඩාංගණය – ගාල්ල

කාසියේ වාසිය – Kandy CCC

Galle CC – පළමු ඉනිම පන්දුවාර 24.0ක දී කඩුල්ලක් දැවී 81: ඕෂඳ ප්‍රනාන්දු නොදැවී 55, විශ්ව විජේරත්න නොදැවී 21

මෙම සියලු තරග හෙට (06) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<