ශෙවෝන් ඩැනියෙල්ගෙන් ශතකයක්

SLC Major Club 3 Day Tournament 2023

333
SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (06) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට  SSC කණ්ඩායමේ ශෙවොන් ඩැනියෙල් සමත් වුනා.

පෙර දිනයේ දී නොදැවී ලකුණු 39ක් ලබා සිටි 19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු ශෙවෝන් ඩැනියෙල් අද තම පළමුපෙළ තරග දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පානදුර ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 137ක් ලබා ගත්තා.

මේ අතර CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ද, බදුරලිය කණ්ඩායමේ රනේෂ් සිල්වා පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ද, Ace Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ද සහ Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60ක් ද ලබා ගනිමින් අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යැවීමේ දී පොලිස් කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ද අද තම පළමුපෙළ කඩුලු 900 කඩඉම පසු කළා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 92කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ පළමුපෙළ තරග දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 77 වැනි අවස්ථාව බවට පත් වුනා.

ඊට අමතරව බදුරලිය කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චානක කොමසාරු NCC කණ්ඩායමට එරෙහිව ලකුණු 97කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ පළමුපෙළ තරග දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 46 වැනි අවස්ථාවයි.

මේ අතර ගුවන් හමුදා කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන මොවින් සුබසිංහ ද පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වන ලද අතර එය ඔහුගේ පළමුපෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා.

මේ අතර පෙර දිනයේ ද කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය මත පන්දුවක් හෝ නොයැවූ Kurunegala YCC සහ Sebastianites C & AC අතර තරගය දෙවැනි දිනයටත් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

Group A

  • Panadura SC සහ SSC

ක්‍රීඩාංගණය – Moors

කාසියේ වාසිය – SSC

SSC – පළමු ඉනිම පන්දුවාර 49.0ක දී කඩුලු 3ක් දැවී 237: අවිශ්ක ප්‍රනාන්දු 36, ශෙවොන් ඩැනියෙල් නොදැවී 137, අසේල සම්පත් 2/62

  • Nugegoda SWC සහ Negombo CC

ක්‍රීඩාංගණය – මොරටුව, ද සොයිසා

කාසියේ වාසිය – Nugegoda SWC

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 102ක දී සියලුම දෙනා දැවී 268: පසිඳු ලක්ෂාන් 35, හිමාෂ ලියනගේ 42, Jatin Saxena 77, මාධව වර්ණපුර 36, ලහිරු ගමගේ 2/61, ඩිල්ශාන් අබේසිංහ 3/35, සුවත් මෙන්ඩිස් 4/32

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 7ක දී 19

  • CCC සහ Colts CC

ක්‍රීඩාංගණය – Colts

කාසියේ වාසිය – CCC

CCC – පළමු ඉනිම පන්දුවාර 34.0ක දී කඩුලු 5ක් දැවී 140: ලසිත් කෲස්පුල්ලේ 62, චමිඳු විජේසිංහ 19, Sahamsunder Krishnasriram 3/54, අකිල ධනංජය 2/34

Group B

  • Tamil Union C&AC සහ Chilaw Marians CC

ක්‍රීඩාංගණය – P. Sara Oval

කාසියේ වාසිය – Chilaw Marians CC

Tamil Union C&AC – පළමු ඉනිම පන්දුවාර 70.5ක දී සියලුම දෙනා දැවී 248: සිතාර හපුහින්න 21, රොන් චන්ද්‍රගුප්ත 29, රවිඳු ප්‍රනාන්දු 90, දිලුම් සුදීර නොදැවී 45, විජයකාන්ත් වියස්කාන්ත් 34, රජින්ද පුංචිහේවා 7/50, ලසිත් ලක්ෂාන් 3/79

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 57.3ක දී සියලුම දෙනා දැවී 206: විශ්ව චතුරංග 28, ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 60, ශිරාන් ප්‍රනාන්දු 3/33, රවිඳු ප්‍රනාන්දු 2/64, දිලුම් සුදීර 3/52, විජයකාන්ත් වියස්කාන්ත් 2/22

Tamil Union C&AC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 18 (2)

  • Baduraliya SC සහ NCC

ක්‍රීඩාංගණය – මග්ගොන Surrey Village

කාසියේ වාසිය – Baduraliya SC

NCC – පළමු ඉනිම පන්දුවාර 71.3ක දී සියලුම දෙනා දැවී 301: නිරෝෂන් දික්වැල්ල 34, ලහිරු උදාර 32, කවින් බණ්ඩාර 60, උපුල් තරංග 92, අශේන් ඩැනියෙල් 32, Parvez Rasool 4/150, චානක කොමසාරු 5/97

Baduraliya SC – පළමු ඉනිම පන්දුවාර 59ක දී කඩුලු 4ක් දැවී 185: Adil Reshi 51, රනේෂ් සිල්වා 57, අනුක් ප්‍රනාන්දු 40, ලසිත් ඇඹුල්දෙණිය 2/62

  • Ace Capital CC සහ Moors SC

ක්‍රීඩාංගණය – කටුනායක, FTZ

කාසියේ වාසිය – Ace Capital CC

Moors SC – පළමු ඉනිම පන්දුවාර 54.5ක දී සියලුම දෙනා දැවී 154: රමේෂ් මෙන්ඩිස් 45, සිතුම් දිසානායක 2/21, රොෂාන් ජයතිස්ස 3/50, වනුජ සහන් 4/49

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 58.0ක දී සියලුම දෙනා දැවී 181: පවන්ත වීරසිංහ 63, රවින්ද රත්නායක 20, සිතාර ගිම්හාන් 26, රමේෂ් මෙන්ඩිස් 3/34, තිලංග උදේශන 2/21, ප්‍රවීන් ජයවික්‍රම 3/48

Moors SC – දෙවැනි ඉනිම පන්දුවාර 19.0ක දී කඩුලු 5ක් දැවී 77: සොහාන් ද ලිවේරා 47, වනුජ සහන් 2/21

  • Police SC සහ Sri Lanka Air Force SC

ක්‍රීඩාංගණය – තිඹිරිගස්යාය, පොලිස්

කාසියේ වාසිය – Sri Lanka Air Force SC

Sri Lanka Air Force SC – පළමු ඉනිම පන්දුවාර 82.2ක දී සියලුම දෙනා දැවී 255: කෙමිර විජේනායක 54, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 85, මොවින් සුබසිංහ 34, චාරුක ප්‍රමෝද් 2/18, මාලින්ද පුෂ්පකුමාර 5/92, සුපුන් මධුශංක 2/50

Police SC – පළමු ඉනිම පන්දුවාර 29.2ක දී ලකුණු 101: ධනුජ ඉඳුවර 45, මොවින් සුබසිංහ 5/36, දුලංජන මෙන්ඩිස් 2/14, චානක රුවන්සිරි 2/10

Sri Lanka Air Force SC – දෙවැනි ඉනිම පන්දුවාර 8.0ක දී කඩුලු 2ක් දැවී 12: මාලින්ද පුෂ්පකුමාර 2/02

  • Galle CC සහ Kandy CCC

ක්‍රීඩාංගණය – ගාල්ල

කාසියේ වාසිය – Kandy CCC

Galle CC – පළමු ඉනිම පන්දුවාර 53.0ක දී කඩුලු 5ක් දැවී 157: ඔෂඳ ප්‍රනාන්දු 70, විශ්ව විජේරත්න 27, හර්ෂ විතාන නොදැවී 33, බුද්ධික සංජීව 2/35

මෙම සියලු තරග හෙට (07) තෙවැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟම.