ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලියේ විනිසුරුවරුන් නම් කරයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

575

එළඹෙන 18 වැනිදා ආරම්භ වන ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන විනිසුරුවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මේ තරගාවලිය සඳහා ICC සුපර් ලීගයේ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළක් වෙනවා.

ICC Elite පැනලයේ තරග විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන සහ ICC තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා රංජන් මඩුගල්ල යන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ද ඊට ඇතුළත්. ඊට අමතරව රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රඹුක්වැල්ල, ලින්ඩන් හැනිබල් යන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මණ්ඩලයේ (ICC International Panel) සිටින විනිසුරුවරුන් මේ තරගාවලියේ තරග  නිලධාරි විනිසුරුවරුන් අතරට එක් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2012 සහ 2018 වර්ෂවල දී ICC වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට පිදෙන David Shepherd කුසලාන දිනා ගැනීමට සමත්ව සිටින ධර්මසේන මහතා ද මෙම තරගාවලියේ ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.

යම් තරගාවලියක් සඳහා තරග තීරකවරයකු නම් කිරීමේ දී අනුගමනය කරනු ලබන සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ තරග වදිනු ලබන රටවල් දෙකට අයත් නොවන රටක තීරකවරයෙකු පත් කිරීමයි. කෙසේ වෙතත් ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට ICCය තීරණය කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ට මේ අනගි අවස්ථාව ලැබී තිබෙනවා.

2021 ශ්‍රී ලංකා – ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග නිලධාරි මණ්ඩලය

  • තරග තීරක – රංජන් මඩුගල්ල
  • විනිසුරුවන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රඹුක්වැල්ල, ලින්ඩන් හැනිබල්

ශ්‍රී ලංකා – ඉන්දීය නව තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 18
  • දෙවැනි එක්දින තරගය – ජූලි 20
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 23
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 25
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 27
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 29

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 3.00 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 8 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<