15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය 26 වැනිදා සිට

U15 Sri Lanka Youth League 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. 

තරග 13කින් යුත් මෙම තරගාවලිය සඳහා කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, මහනුවර සහ දඹුල්ල ලෙස කණ්ඩායම් 5ක් එක් වෙන අතර සියලු තරග කොළඹ ක්‍රීඩාංගණ 4ක දී පැවැත්වීමට යෝජිතයි. 

15න් පහළ ශූරතාව කොළඹ දකුණ දිනා ගනී

මෙවර තරගාවලියේ පළමු වටයේ තරග දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 4 අතරට එක් වෙන කණ්ඩායම් දෙසැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට එක් කර ගන්නවා. එම තරග ද්විත්වය ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය දෙසැම්බර් මස 5 වැනිදා කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.    

තරගාවලියේ කාලසටහන 

  • නොවැම්බර් 26 වැනිදා

මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කොළඹ උතුර සහ කොළඹ දකුණු අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. 

  • නොවැම්බර් 27 වැනිදා

දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. 

  • නොවැම්බර් 29 වැනිදා

කොළඹ දකුණ සහ මහනුවර අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. 

ගාල්ල සහ දඹුල්ල අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

  • නොවැම්බර් 30 වැනිදා 

ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. 

දඹුල්ල සහ මහනුවර අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

  • දෙසැම්බර් 2 වැනිදා

කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

කොළඹ දකුණු සහ ගාල්ල අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

  • දෙසැම්බර් 3 වැනිදා

1 වැනි අවසන් පූර්ව තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

2 වැනි අවසන් පූර්ව තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

  • දෙසැම්බර් 5 වැනිදා

අවසන් මහා තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<