මෙවර අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් 7ක්

අබුඩාබි T10 ලීගය 2022

372

2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා.

ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

6 වැනි වරට පැවැත්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙවර අලුතින් කණ්ඩායම් දෙකක් (New York Strikers සහ Morrisville Samp Army) එක්ව තිබෙන අතර ඒ අනුව මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වදිනවා.

පසුගිය වසරේ පැවැත්වුණු තරගාවලියේ දී Deccan Gladiators පළමු වරට එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුනු අතර එහි අනුශූරතාවය දිනා ගත්තේ Delhi Bulls කණ්ඩායමයි.

ඊයේ දිනයේ දී පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිල දී ගැනීමට පිළිවෙළින් Northern Warriors සහ Morrisville SAMP Army යන කණ්ඩායම් සමත් වුනා.

ඔවුන් දෙදෙනා හැරෙන්නට මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනා (දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ) තරගාවලියේ අවසන් කෙටුම්පත් කිරීමට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් මිලට ගෙන තිබීම විශේෂත්වයක් වුනා.

2021 වසරේ දී අවසන් වරට පැවැත්වුණු තරගාවලිය අවසානයේ දී තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනේ ගියවර Deccan Gladiators නියෝජනය කළ වනිඳු හසරංගයි.

කෙසේ නමුත් Northern Warriors විසින් වනිඳුව මෙවර T10 තරගාවලියට අදාළ අවසන් කෙටුම්පත් කිරීමටත් පෙරාතුවම ඔවුන්ගේ Icon (ප්‍රධාන සන්නාම) ක්‍රීඩකයා ලෙස මිල දී ගත්තා.

තවද මෙවර තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 8 ප්‍රධාන සන්නාම ක්‍රීඩකයින් අතර වනිඳුට අමතරව සිටින අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ Chennai Braves නියෝජනය කරන දසුන් ශානකයි.

Chris Lynn (Team Abu Dhabi), Shakib Al Hasan (Bangla Tigers), Kieron Pollard (New York Strikers), Nicholas Pooran (Deccan Gladiators), Dwayne Bravo (Delhi Bulls) සහ David Miller (Morrisville Samp Army) යන ක්‍රීඩකයින් 6 දෙනා වනිඳු සහ දසුන්ට අමතරව මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන ප්‍රධාන සන්නාම ක්‍රීඩකයින් වෙනවා.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන් තරග වදිනු ලබන කණ්ඩායම් මෙසේයි,

  • Northern Warriors – වනිඳු හසරංග
  • Chennai Braves – දසුන් ශානක, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ
  • Samp Army – චාමික කරුණාරත්න
  • Northern Warriors – දුෂ්මන්ත චමීර
  • Bangla Tigers – මතීෂ පතිරණ

මෙවර තරගාවලියේ සියලුම සංචිත,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<