ගෙවුනු දවස: දෙසැම්බර් 09 – ක්‍රිකට් පිටිය උණුසුම් වේ

391
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

සිතාරගෙන් නොදැවී 104ක්

දේශීය ක්‍රිකට් පිටියට කාර්‍යබහුල දිනයක් වූ ඊයේ (09) දිනයේ ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් පැවති තරග සංඛ්‍යාව 6කි. එහිදී NCC ක්‍රීඩා සමාජය නියෝජනය කරන සඳුන් වීරක්කොඩි සහ ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරන සිතාර ගිම්හාන් ශතක වාර්තා කරමින් තම කණ්ඩායම් වලට ශක්තියක් විය.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 352 (පන්දුවාර 111.3): නිලුශාන් නෝනිස් 34, දිල්හාන් කුරේ 86, ශාලික කරුණානායක 45, එරංග රත්නායක 62, චාමික කරුණාරත්න 3/80, දුලාංජන මෙන්ඩිස් 2/66, ජීවන් මෙන්ඩිස් 4/87.

ටැමිල් යූනියන් – එක් කඩුල්ලක් දැවී ලකුණු 228 (පන්දුවාර 66): දිනුක් වික්‍රමනායක 33, සිතාර ගිම්හාන් 104*, තරංග පරණවිතාන 81*.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 51): ශෙහාන් ප්‍රනාන්දු 46, විශ්ව විජේරත්න 47, සචින් හේවාවසම් 26, මලිත් මහේල 5/41, ටනීශ වීරකෝන් 3/24.

බ්ලූම්ෆීල්ඩ් – කඩුලු 3ක් දැවී ලකුණු 134 (පන්දුවාර 33): අදීශ නානායක්කාර 54*, නිපුන් කරුණානායක 47*, දිලේශ් ගුණරත්න 2/47.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 302 (පන්දුවාර 79.5): ඉරෝෂ් සමරසූරිය 72, උමේෂ් කරුණාරත්න 84, දෙනුවන් රාජකරුණා 69, චතුර රන්දුනු 28, දිනුක හෙට්ටිආරච්චි 5/96, ඇන්ඩි සොලමන් 2/25, ටී. එම්. සම්පත් 3/64.

BRC – කිසිවෙකුත් නොදැවී ලකුණු 23 (පන්දුවාර 6): ලිසුල ලක්ෂාන් 13*, දේශාන් ඩයස් 10*.

සම්පූර්ණ වාර්තාව: සඳුන් වීරක්කොඩි සහ සිතාර ගිම්හාන් ශතක වාර්තා කරති


තරග 6ක ආරම්භය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (09) ආරම්භ විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 230/10 (73): අචිර එරංග 59, රංග දිසානායක 41, ලහිරු ලක්මාල් 36, නවීන් කවිකාර 5/63, අනුරුද්ධ ප්‍රනාන්දු 3/47

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේදී) – 30/01 (15): පසිදු බිම්සර 14*, ශසීන් ප්‍රනාන්දු 13*, සහන් ජයවර්ධන 1/10

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 197/10 (55.4): හශාන් ප්‍රභාත් 82, කව්ශික ඒකනායක 46, දර්ශන මහවත්ත 30, රමේශ් සෙල්වරාජ් 6/63

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 143/06 (34): පැතුම් නිස්සංක 64, ෆහාඩ් බාබර් 24, කව්ශික ඒකනායක 3/27

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම ( පළමු දිනය අවසානයේ දී) – 289/07 (93): කුසල් එදිරිසූරිය 133*, බුද්ධික හසරංග 55, සමීර සඳමාල් 32, සුවන්ජි මදනායක 3/76

සම්පූර්ණ ලිපිය: කුසල්ගේ නොදැවුනු ඉණිම නාවිකයන්ට සවියක් වෙයි

දිනයක නිමාව