ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් Abu Dhabi Knight Riders කණ්ඩායමට

ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගාවලිය 2023

1140

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පළමු වරට සංවිධානය කරන ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ Abu Dhabi Knight Riders කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන චරිත් අසලංක, සීක්කුගේ ප්‍රසන්න සහ ළහිරු කුමාර තෝරාගෙන තිබෙනවා.

එම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමක් වන Abu Dhabi Knight Riders හි නිල සංචිතය ඊයේ (16) ප්‍රකාශයට පත් කළ අතර එම සංචිතය සඳහා ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් වන Sunil Narine, Andre Russell සහ එංගලන්ත ක්‍රීඩක Jonny Bairstow ඇතුළත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 14 සහ එක්සත් අරාබි ක්‍රීඩකයින් 4ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම තරගාවලිය 2023 වසරේ සිට වසර දෙකක කාලයකට ජනවාරි මාසයේ දී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසර හිමිව ඇති අතර තරගාවලිය සඳහා තරග 34ක් ඇතුළත් වනවා.

එමෙන්ම, ලොව ඉහළම මට්ටමේ ලීගයක් ලෙස පැවැත්වීමට සැලසුම් කරන මෙම තරගාවලිය ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

Abu Dhabi Knight Riders කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වූ විදෙස් ක්‍රීඩකයින්: Charith Asalanka (Sri Lanka), Lahiru Kumara (Sri Lanka), Seekkuge Prasanna (Sri Lanka), Sunil Narine (West Indies), Andre Russell (West Indies), Jonny Bairstow (England), Paul Stirling (Ireland), Colin Ingram (South Africa), Akeal Hossain (West Indies), Ravi Rampaul (West Indies), Raymon Reifer (West Indies), Kennar Lewis (West Indies), Ali Khan (USA), Brandon Glover (Netherlands)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<