IPL පරණ විදිහටම තියන්න සැලසුම්

IPL 2023

636

Indian Premiere League (IPL) ක්‍රිකට් තරගාවලිය Covid-19 උත්සන්න වීමට පෙර පැවති ක්‍රමයටම (Home and away format) 2023 වසරේ සිට නැවත පැවැත්වීමට තීරණය කර ඇති බව BCCI ප්‍රධානී Saurav Ganguly විසින් ප්‍රකාශ කර තිබෙනවා. 

2020 වසරේ දී Covid-19 වයිරස ව්‍යාප්ත වීම නිසාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ තුනක් පමණක් භාවිත කරමින් (ඩුබායි, සාජා, අබුඩාබි) තරගාවලිය පැවැත්වුණු අතර, 2021 වසරේ දී ද ඉන්දියාවේ ක්‍රීඩාංගණ හතරක් පමණක් භාවිත කරමින් (දිල්ලි, අහමදාබාද්, මුම්බායි, චෙන්නායි) තරගාවලිය පැවැත්විය 

2021 දී තරගාවලියේ මුල් භාගය ඉන්දියාවේ පැවැත්වුණු නමුත් පසුව Covid-19 වයිරසය ව්‍යාප්තිය වැඩි වූ නිසා තරගාවලියේ ඉතිරි භාගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සිදු වූ අතර, 2022 වසරේ දී ද මෙම තරගාවලිය ඉන්දියාවේ සීමිත ක්‍රීඩාංගණ ප්‍රමාණයක පමණක් පැවැත්විය. 

කෙසේ වෙතත් මෙම වසංගතයේ ව්‍යාප්තිය පාලනය කර ඇති පසුබිමක් තුල නැවතත් මෙම තරගාවලිය පෙර පැවැත්වූ ලෙස (Home and away format)  පැවැත්වීමට තීරණය කර ඇත. 

Home and away format – සෑම කණ්ඩායමක්ම තවත් කණ්ඩායමක් සමඟ තමන්ගේ ක්‍රීඩාංගණයේ (Home ground) එක් තරගයකුත්, තම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ (Away ground) තවත් තරගයක් ලෙස තරඟ දෙකක් ක්‍රීඩා කරයි. 

“IPL තරගාවලිය මීළඟ වාරයේ සිට (2023) නැවතත් Home and away format එක අනුව පැවැත්වෙනු ඇති අතර, කණ්ඩායම් 10 ම තමන්ගේ Home matches තමන්ට නියම වී ඇති ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කරනු ඇත.”  යනුවෙන් Ganguly විසින් ඉන්දීය  පාළනාධිකාරිය වෙතට (Board’s Affiliated State units) ඉදිරි කාලය සඳහා ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් BCCIයට ඇති සැලසුම් ලියා දක්වමින් යැවූ ලිපියේ සඳහන්ව ඇත. 

එහි දී Ganguly විසින් ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් ඇති තවත් අනාගත සැලසුම් කිහිපයක්ම මෙසේය. 

2020 වසරෙන් පසුව අංග සම්පූර්ණ දේශීය ක්‍රිකට් සමයක් (Season) ඇරඹීමට BCCI විසින් සැලසුම් කර ඇත. 

එමෙන්ම පළමු වරට ලබන වර්ෂයේ දී කාන්තා IPL ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට ද වැඩකටයුතු සූදානම් කරමින් පවතින බව ඔහු විසි දන්වා යවා ඇත. 

ඉන්දීය පුවත් සේවයක් වන PTI විසින් සඳහන් කරන අන්දමට මෙම තරගාවලිය ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව මාර්තු මාසයේ දී පැවැත්වීමට බොහෝ ඉඩකඩක් පවතී. 

“BCCI විසින් මේ දිනවල කාන්තා IPL තරගාවලිය පිළිබඳ සැලසුම් සකසමිනුයි ඉන්නේ, බොහෝ විට එය ලබන වසර මුල භාගයේ දී පැවැත්වීමට ඉඩ තිබෙනවා,” Ganguly විසින් තම ලිපියේ එලෙස සඳහන් කර තිබෙනවා. 

කාන්තා IPL තරගාවලිය මගින් ඉන්දීය කාන්තා ක්‍රිකට් වල ගුණාත්මකභාවය තවත් ඉහළ නැංවෙනු ඇති. 

මීට අමතරව වයස අවුරුදු 15න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට BCCI විසින් තීරණය කර තිබෙනවා. 

“එමෙන්ම ලබන වසරේ සිට වයස අවුරුදු 15න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව අපි ඉතා සතුටින් දැනුම් දෙනවා. මේ වන විට ලෝක මට්ටමින් කාන්තා ක්‍රිකට් ඉතාම ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා, ඒ වගේම වර්තමානයේ දී අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද ඉතාම හොඳින් ක්‍රීඩා කරනවා. මෙම අලුත් තරගාවලිය මගින් අපේ නවක ක්‍රීඩිකාවන්ට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට පැමිණීමට මංපෙත් විවර කර දෙනු ඇත.” 

මෙම 15න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් 26 සිට ලබන වසරේ ජනවාරි 12 දක්වා ක්‍රීඩාංගණ 12ක දී පැවැත්වීමට නියමිතයි. 

තවත් මෙවැනි උණුසුම් ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

Time of India ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<