භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම්

ZIM-AFRO T10 තරගාවලිය 2023

1616

ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි.

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ජූලි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි දී සෑම කණ්ඩායමක් සඳහාම විදෙස් ක්‍රීඩකයින් (marquee players) 4 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායමක් වන Cape Town Samp Army හි marquee players ලෙස භානුක සහ තීක්ෂණ තෝරාගෙන ඇති අතර ඔවුන්ට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Rahmanullah Gurbaz සහ Karim Janat ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

එම කණ්ඩායමේ හිමිකරු වන Ritesh Patel පවසා සිටියේ, ඉහත ක්‍රීඩකයින් සිව්දෙනා සිය කණ්ඩායමට එකතු කර ගන්නට ලැබීම පිළිබඳව ඔහු සතුටට පත්වන බවයි.

කණ්ඩායම් විසින් තෝරා ගත් Marquee Players ලැයිස්තුව

  • Harare Hurricanes: Eoin Morgan, Evin Lewis, Shahnawaz Dahani, Robin Uthappa
  • Cape Town Samp Army: භානුක රාජපක්ෂ, Karim Janat, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ
  • Durban Qalandars: Asif Ali, Sisanda Magala, George Linde, Hazratullah Zazai
  • Joburg Buffaloes: Yusuf Pathan, Mushfiqur Rehman, Tom Banton, Noor Ahmad
  • Bulawayo Braves: Sikandar Raza, Ashton Turner, Tymal Mills, Ben McDermott

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<