ගෙවුනු දවස මාර්තු 25 – රාජකීයයන්ට කුසලානය මඟ හැරේ

607

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

රිච්මන්ඩ් විදුහල එක් දින තරගය ජය ගනි

Richmond Collegeමීට දින කිහිපයකට පෙරාතුව කුරුණෑගල මලියදේව විද්‍යාලය පරදවමින් රිච්මන්ඩ් විද්‍යාලය අන්තර් පාසල් සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් තරගය දක්වා ගෙන යාමට කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා බෙහෙවින් දායක විය. එය තවදුරටත් ඉදිරියට ගෙනගිය කමිඳු ඊයේ (25) මහින්ද විද්‍යාලයට එරෙහිව පැවති එක්දින තරගයේ දී ඉතාමත් සාර්ථක පිතිකරණයක යෙදෙමින් තම විද්‍යාලයට පහසු ජයක් ලබා ගැනීමට උපකාරී විය.

මහින්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 46.4) නවෝද් පරණවිතාන 66, ප්‍රමීත් හංසික 31, විනුර දුල්සර 21, සඳුන් මෙන්ඩිස් 3/30, අවිඳු තීක්ෂණ 2/29.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 172 (පන්දුවාර 33.3) කමිඳු මෙන්ඩිස් 84*, ආදිත්‍ය සිරිවර්ධන 38.

සම්පූර්ණ වාර්තාව: කමිඳුගේ නොදැවුනු ඉනිම නිසා රිච්මන්ඩ් විදුහලට ජය


ඩී.එස් – මහානාම සටන විසඳුමකින් තොරයි

Mahnama College vs D S Senanayake Collegeකොළඹ පී. සරා ඕවල් පිටිය එකම ජය ඝෝෂාවකින් ගිගුම් දුන්, ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 11 වැනි රන් සටන ඊයේ (25) දිනයේ දී නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. ඊයේ දිනයේ තරමක පසුබෑමකට ලක් වුවත් අද සාර්ථක ලෙස තරගයට පිවිසුණු ඩී. එස්. පිතිකරුවන්ට අද මහානාම ප්‍රථම  ඉනිම ආසන්නයටම ලඟා වීමට හැකි විය.

මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 60): බිශාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදූක වැලිකල 41, විහාන් මුදලිගේ 37*, කවිඳු මුණසිංහ 22, විහාන් ගුණසේකර 6/100, මුදිත ලක්ෂාන් 2/83.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 97): මුදිත ලක්ෂාන් 98, ශෙසාඩ් අමීන් 55, නිදූක වැලිකල 3/81.

මහානාම විද්‍යාලය – එක් කඩුල්ලක් දැවී ලකුණු 115 (පන්දුවාර 24.3): පැතුම් බොතේජු 55*, කවිඳු මුණසිංහ 52.

සම්පූර්ණ තරග වාර්තාව: මුදිතගේ සුපිරි ඉනිම සේනානායක විද්‍යාලය ගලවා ගනියි


රුහුණ මහා සටන ජය පරාජයෙන් තොරයි?

මහා ක්‍රිකට් තරග අතරින් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන තරගයක් වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන රුහුණු මහා ක්‍රිකට් සටන ඊයේ (24) 117 වැනි වරටත් ආරම්භ වූයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී යි. තරගයේ අවසන් දවස හෙටයි (26).

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36,  ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු  199 (පන්දුවාර 101): ලහිරු ඩිල්ශාන් 63*, රමින්ද ප්‍රවිනාත් 43, තරුශ කාවින්ද 30, තිලිණ ප්‍රශාන් 5/44

සම්පූර්ණ තරග වාර්තාව: ලහිරුගේ අර්ධ ශතකය සාන්ත තෝමස් ඉනිම රැක ගනී


පීතරයින්ට ජය – ජෝසප්වරුන් පරාදයි

Joe-Peteකොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර 43 වන වරට පැවති සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 54ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය ඊයේ (25) සමත් විය. පීටර් ඒ. පිලායි පියතුමන්ගේ සමරු කුසලානය වෙනුවෙන් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විය.

සාන්ත පීතර විද්‍යාලය  –  කඩුලු 8 කට ලකුණු 311 (පන්දුවාර 50): මනෙල්ක ද සිල්වා 107, සුලක්ෂණ ප්‍රනාන්දු 90, සන්තුෂ් ගුණතිලක 31, දිනෙත් මදුරාවල 2/22 සහ නිපුන් සමරසිංහ 2/58

සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන් දැවී ලකුණු 257 (පන්දුවාර 49.3): දිනෙත් මදුරාවල 73, හවිත් පෙරේරා 47, ජෙහාන් ඩැනියෙල් 35, සන්තුෂ් ගුණතිලක 3/31 සහ සචින් සිල්වා 3/53

සම්පූර්ණ තරග වාර්තාව: මනෙල්කගේ ශතකයත් සමඟින් ජය සාන්ත පීතර විදුහලට


පැතුම් ඩිල්ෂාන් 132

SLC Inter District Cricketශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (22) ක්‍රීඩාංගණ 7කදී පැවැත්විය. එම තරග වලින් යාපනය, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, බදුල්ල, මන්නාරම සහ මහනුවර යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

වව්නියාව – සියල්ලන්ම දැවී 136 (27.3): කමල් පුෂ්පකුමාර 29, අසේල අලුත්ගේ 24, ඉශාර ප්‍රශාන් 4/29, ජීවන් මෙන්ඩිස් 3/23

යාපනය – 137/6 (20.2): රමිත් රඹුක්වැල්ල 36*, අසේල අලුත්ගේ 4/57

කුරුණෑගල – සියල්ලන්ම දැවී 180 (31.5): ධනුෂ්ක ධර්මසිරි 57, කල්ප බණ්ඩාරනායක 35, රාජික ඩිල්ශාන්  ඩිල්ශාන් 3/16, මලින්ද පුශ්පකුමාර 2/20, ඉසුරු උදාන 2/36

පුත්තලම – 184/3 (පන්දුවාර 36.3): රවීන් යසස් 71, රුක්ෂාන් ප්‍රනාන්දු 69*, ඉසුරු උදාන 33, අනුරුද්ධ රාජපක්ෂ 1/24

සම්පූර්ණ වාර්තාව: ඩිල්ශාන්ගේ ශතකය බදුල්ලට ජය ගෙන එයි


ඉතිහාසගත ජයක් බංග්ලාදේශයට

Tamim Iqbalමීට පෙර කිසිම දිනක මෙරට පැවති සම්පූර්ණ එක්දින තරගයක දී ශ්‍රී ලංකාව පරාජය කරන්නට  බංග්ලාදේශයට හැකිව තිබුණේ නැත (ඔවුන් මීට පෙර මෙරට දී ශ්‍රී ලංකාව පරාජය කළ එකම තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තීරණය විය). කෙසේ වෙතත් තම 100 වන ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණයේ සතුට එක්දින තරගාවලියටත් රැගෙන ආ තමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් ප්‍රමුඛ බංගලාදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුල්ලේ පැවති පළමු එක්දින තරගයෙන් ලැජ්ජා සහගත ලකුණු 90ක පරාජයක් හිමි කර දෙන්නට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: තමීම් සහ ශකීබ් ශ්‍රී ලංකාව සමතලා කරයි


   රග්බි   

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට

Royal-College-vs-Isipathana

පාසල් රග්බි පිටියේ පස්වැනි සතියේ තරග කිහිපයක්ම ඊයේ පැවති අතර එම තරගවලින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඒ පිළිවෙළින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමිනි.

.

ලකුණු සටහන

  • සාන්ත තෝමස් විදුහල සහ විද්‍යා විද්‍යාලය (HT 12:00 / FT 20:12)
  • රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය ( HT 14:05 / FT 17:22)
  • ධර්මරාජ විද්‍යාලය සහ ඩී. එස් සේනානායක විද්‍යාලය (HT 24:12 / FT 45-12)

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තුවන්න


   පාපන්දු   

රිනවුන් 04 – 01 කුරේ

Renown SC Player Goal Celebratingප්‍රථම අර්ධයේ දී ගෝල 01-01ක් ලෙස සම තත්වයේ පසුවූවත්, දෙවැනි අර්ධයේ වාර්තා කළ ගෝල ත්‍රිත්වයත් සමඟින් රිනවුන් ක්‍රීඩා සමාජය කුරේ ක්‍රීඩා සමාජය පරාජය කරමින් අර්ධ අවසන් තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (25) සමත් විය. ඒ කොළඹ සිටි ලීග් පිටියේ දී පැවති සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයකිනි.

.

සම්පූර්ණ වාර්තාව: දෙවැනි අර්ධයේ දී පෙරමුණ ගත් රිනවුන් අර්ධ අවසන් වටයට

දිනයක අවසානය