Physically ශූරතාව Southern Super Kings කණ්ඩායමට

Physically Challenge Premier League 2024

166

ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් සංගමය සහ ජාතික තරුණ සේවා සභාව එක් ව සංවිධානය කළ Physically Challenge Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Southern Super Kings කණ්ඩායම පසුගියදා සමත් වූවා.

ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනිම සඳහා පැවැති මෙම තරගාවලියට මුලු දිවයින ම ආවරණය වන පරිදි කණ්ඩායම් 5ක් එක්කර ගෙන තිබුණා.

ඒ අතුරින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ North Central Volcanoes කණ්ඩායමයි. ඔවුන් සමඟින් පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Southern Super Kings කණ්ඩායම සමත් වූවා. ඔවුන් මෙම තරගාවලිය නිමා කරන්නේ අපරාජිතව සිටිමිනුයි.

තරගාවලියේ ගමන් මඟ
  Team 1 Team 2 Results
1 Western Super Warriors North Central Volcanoes Western Super Warriors කණ්ඩායමට ලකුණු 18ක ජයක්.
2 Southern Super Kings Sabaragamuwa Royal Stars Southern Super Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
3 North West Titans North Central Volcanoes North Central Volcanoes කඩුලු 3ක ජයක්.
4 Sabaragamuwa Royal Stars Western Super Warriors Western Super Warriors කණ්ඩායමට ලකුණු 10ක ජයක්.
5 North Central Volcanoes Southern Super Kings Southern Super Kings කණ්ඩායමට ලකුණු 32ක ජයක්.
6 Western Super Warriors North West Titans North West Titans කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
7 North Central Volcanoes Sabaragamuwa Royal Stars North Central Volcanoes කණ්ඩායමට ලකුණු 52ක ජයක්.
8 Southern Super Kings Western Super Warriors Southern Super Kings කණ්ඩායමට 10ක ජයක්.
9 Sabaragamuwa Royal Stars North West Titans Sabaragamuwa Royal Stars කඩුලු 10ක ජයක්.
10 North West Titans Southern Super Kings Southern Super Kings කණ්ඩායමට ලකුණු 74ක ජයක්.
අවසන් මහා තරගය
11 North Central Volcanoes Southern Super Kings Southern Super Kings කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Southern Super Kings කණ්ඩායම:

දුලාන් ප්‍රියශාන්ත (නායක), අමිල නුවන්, චානුක ඩිල්ශාන්, කසුන් ඈපා, ලක්ෂිත වීරකෝන්, එම්. අයි. එම්. අක්‍රම්, නදීශාන් අමරසේන, නුවන් අසංක, පෝල් කුමාර, ප්‍රමෝන් චතුරංග, සංජීව ප්‍රේමලාල්, සුරේශ් ප්‍රියංකර, තරිඳු ලක්ෂාන්, තරිඳු තිවංක.

අවසන් මහා තරගය, පානදුර, 20, ජනවාරි 2024, Physical Challenge Premier League

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර

o කාසියේ වාසිය – Sothern Super Kings

කාසියේ වාසිය දිනා ගත් Sothern Super Kings කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි North Central Volcanoes කණ්ඩායම නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ මෙම තරගාවලියේ කණ්ඩායමක් පෑ දුර්වල ම ඉනිම අවසාන මහා තරගයේ දී ක්‍රීඩා කිරීමයි.

ඔවුන්ගේ ඉනිම පන්දු 66ක දී ලකුණු 33කට සීමා කිරීමට Sothern Super Kings කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූවා. ඒ අතුරින් පෙරමුණ ගත්තේ නායක දුලාන් ප්‍රියශාන්ත. ඔහු පන්දුවාර 3ක් පමණක් යවමින් ලකුණු 07කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව එම්. අයි. එම්. අක්‍රම් ලකුණු 05කට කඩුලු 3ක් දවා ගත් අතර චානුක ඩිල්ශාන් සහ නදීශාන් අමරසේන කඩුල්ල බැගින් දවා ගත්තා.

North Central Volcanoes කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ Sowntharajan Sivasritharan. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ලකුණු  34ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි Sothern Super Kings කණ්ඩායම පන්දු 26ක් පමණක් උපයෝගී කර ගෙන කඩුල්ලක් පමණක් දැවී ලකුණු 34 ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු තරිඳු තිවංක පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා. ඊට අමතර ව පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ නායක දුලාන් ප්‍රියශාන්ත පන්දු 7ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 9ක් ලබා ගත්තා. එම දක්ෂතා ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කිරීමට ද හේතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

North Central Volcanoes – සියලුම දෙනා දැවී 33 (11.0) Sowntharajan Sivasritharan 17, දුලාන් ප්‍රියශාන්ත 4/07, එම්. අයි. එම්. අක්‍රම් 3/05

Sothern Super Kings – කඩුල්ලක් දැවී 34 (4.2) තරිඳු තිවංක නොදැවී 18, දුලාන් ප්‍රියශාන්ත නොදැවී 9, දුමින්ද විජේරත්න 1/13

Sothern Super Kings කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ North Central Volcanoes කණ්ඩායමේ දුමින්ද විජේරත්න. ඔහු පළමු වටයේ පැවැති තරග 5 දී ලකුණු 145ක් ලබා ගනිමින් එහි පළමු අසුන හිමි කර ගත්තා. ඔහුගේ මෙම ලකුණු අතරට Western Super Warriors කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 59ක් සහ Sabaragamuwa Royal Stars කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 60ක් ද ඇතුලත්.

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය Western Super Warriors කණ්ඩායමේ ගයාන් ගුණරත්න සතු වුණා. ඔහු තරග 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 144ක්. එම ලකුණු සංඛ්‍යාවට North Central Volcanoes කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 52ක් සහ Sabaragamuwa Royal Stars කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 89ක් ද ඇතුලත්. සබරගමුවට එරෙහිව පන්දු 55ක දී ලබා ගත් ලකුණු 89 මෙම තරගාවලියේ පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වූයේ තරග 5ක දී ලකුණු 121ක් ලබා ගත් Sothern Super Kings කණ්ඩායමේ සුරේෂ් ප්‍රියංකර. ඔහු ගේ හොඳම ඉනිම බවට පත් වුණේ Western Super Warriors කණ්ඩායමට එරෙහිව පන්දු 22ක දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 50යි.

එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය තරග 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 110ක් ලබා ගත් North Central Volcanoes කණ්ඩායමේ සනි උඩුගම ද සහ 5 වැනි ස්ථානය North West Titans කණ්ඩායම වෙනුවෙන් තරග 4ක දී ලකුණු 110ක් ලබා ගත් ඉසුරු ප්‍රනාන්දුයි.

තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලුලාභී ලැයිස්තුවේ පළමු සිව් දෙනා ම Sothern Super Kings කණ්ඩායමේ පන්දු යවන්නන්ට හිමි වීම විශේෂත්වයක්.

එහි පළමු ස්ථානය හිමිකර ගත් පන්දු යවන්නා වූයේ වමතින් පා දඟ පන්දු යැවූ Sothern Super Kings කණ්ඩායමේ චානුක ඩිල්ශාන්. ඔහු තරග 5ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 15ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ Western Super Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 10ක දවා ගත් කඩුලු 6යි.

ඊට අමතර ව North Central Volcanoes කණ්ඩායමට එරෙහිව ලකුණු 11කට ලබා ගත් කඩුලු 4ක් ද ඊට ඇතුලත්.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

චානුක ඩිල්ශාන්

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ චානුක ඩිල්ශාන් තමන් සහභාගී වූ තරග 5න් තරග 3ක දී පිටියට පිවිසෙමින් ලකුණු 76ක් ලබා ගනිමින් වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට ද පත් වුනා.

තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් වුණේ North West Titans කණ්ඩායමට එරෙහිව පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලබා ගත් ලකුණු 49යි.

පළමු පෙළ ක්‍රිකට් පිටියේ ද සක්‍රීය ක්‍රීඩකයෙක් චානුක ඩිල්ශාන් මේ දක්වා තරග 20කට සහභාගී වෙමින් කඩුලු 66ක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වූයේ එම්. අයි. එම්. අක්‍රම්. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 11ක් වූ අතර තෙවැනි ස්ථානය කඩුලු 7ක් බැගින් ලබා ගත් නදීශාන් අමරසේන සහ දුලාන් ප්‍රියශාන්ත ද පත් වුණා.

එහි 5 වැනි ස්ථානය හිමි වූයේ North West Titans කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු. ඔහු තරග 4ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6ක්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<