මහිත්ගේ පිත්ත නොනැවතී ලකුණු හඹා යයි!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

455
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (20) දිනයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කෙසේ වෙතත් මෙම තරග වල දී ගල්කිස්ස සාන්ත තෝමස්, කටුනේරිය සාන්ත සෙබස්තියන් සහ වත්තල සාන්ත ජෝසප් විද්‍යාල විසින් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මෙහි දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නායක මහිත් පෙරේරා විසින් මෙම තරගවාරයේ නොකඩවා පවත්වාගෙන ආ සිය පිතිකරණ දක්ෂතා තවදුරටත් රැක ගනිමින් විශිෂ්ට සහ ඉවසිලිවන්ත ශතකයක් (නොදැවී ලකුණු 115ක්) වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ මෙම ශතකයත් සමඟයි තෝමසුවන්ට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් කරා යාමට හැකියාව ලැබුණේ.

මේ අතර ගාල්ල ඇලෝශියස් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර ඊයේ (19) ආරම්භ වූ සාම්ප්‍රදායික තරගයේ පළමු ඉනිම් දෙක නිමා වන විට සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගත්තා. කෙසේ වෙතත් ඇලෝශියස් පිතිකරුවන් විසින් අද දිනයේ දී සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 201ක් ලබා ගනිමින් සෙබස්තියන් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 193ක ඉලක්කයක් ලබා දුන්නා. මෙම ඉලක්කය හඹා යමින් සිටි සෙබස්තියන් ක්‍රීඩකයින් අද දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 89ක් ලබා තරමක් අවදානම් තත්වයකයි රැඳී සිටියේ. කෙසේ වෙතත් අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි වුනා.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 267/10 (75.2) අවීශ සමාශ් 96, සෙනුජ වකුණුගොඩ 82*, කවිඳු ඩයස් 4/66, අභීත් පරණවිදාන 2/65
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 270/7 (116.4) මහිත් පෙරේරා 115*, නාතන් කල්දේරා 51, ඩනික් පෙරේරා 2/46, යෙනුල දෙව්තුස 2/71

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ගාල්ල ඇලෝශියස් විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය– 114/10 (28.5) සෙවිත දුල්මාල් 27, විහඟ තීක්ෂණ 5/35 & 201/9 (d) (48.3) සෙවිත දුමාල් 51, හසිත සුරංග 45, විහඟ තීක්ෂණ 4/39, සචින්ත සන්දීප 2-48
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 123/10 (43.3) මහීෂ සිතුම් 48, දුල්සත් නිම්විරු 5/28, හසිත සුරංග 3/17 & 89/6 (47) හසිත් කාවින්ද 35, තීක්ෂණ තාරුක 3/26, දුල්සත් නිම්විරු 2/30

තරගය ජය පරාජයෙන් තොරයි, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ වේළුවන විද්‍යාලය

  • වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය – 252/10 (56.3) හෂේන් සිල්වා 76, දිනුක පෙරේරා 44, මිනිඳු පෙරේරා 4/37, මනුජය පබසර 2/35 & 179/4 (53) නෙමිත ද සොයිසා 76, මිනිඳු පෙරේරා 2/47
  • කොළඹ වේළුවන විද්‍යාලය – 83/10 (56.2) මනුජය පබසර 13, චලක පෙරේරා 4/23, යසිත් සස්මිත 3/24

තරගය ජය පරාජයෙන් තොරයි, වත්තල සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර තවත් දෙදින සාම්ප්‍රදායික තරගයක් අද දිනයේ දී ආරම්භ වුනා.

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය– 175/10 (67.2) දෙනෙත් පීරිස් 46, නුවන් බොලොග්න 44, ශවිඳු සිල්වා 4/43, විදුන්ශ විජේරත්න 3/15
  • වත්තල ලයිසියම් විද්‍යාලය – 87/6 (35) ශවිඳු සිල්වා 23, මදූශ මෙන්ඩිස් 3/27

තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (21) ක්‍රියාත්මක වනු ඇති.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<