ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මිහිලියාට – පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල

134

සැප්තැම්බර් 5දා සිට 11 වැනිදා දක්වා සැමෝවාහිදී පැවැත්වෙන 5 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස මිහිලියා මෙත්සරණී පත්කර තිබේ.

මේ වන විට ආසියානු ස්කොෂ් කනිෂ්ඨ ශේ්‍රණිගත කිරීම්හි 11 වැනි ස්ථානයේ පසුවන මිහිලියා පසුගිය අගෝස්තු 27දා ඉරානයේදී අවසන් වූ ආසියානු කනිෂ්ඨ ඒකල ස්කොෂ් තරගාවලියේදී අවසන් 8 දෙනා අතරටද තේරී පත්වී තිබිණි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා නම් කර ඇති කණ්ඩායම –
ධම්මික රණතුංග (උස පැනීම), සුරංජිත් රාජපක්‍ෂ (මී.400 කඩුලු පැනීම), යමානි දුලාංජලී (මී.400 හා මී.400 කඩුලු), පූර්ණිමා කල්පනී (දුර පැනීම), මිහිලියා මෙත්සරණි (ස්කොෂ්), බෙවිෂාන් ජිත් විජේවික්‍රම, ඉසුරු සේනාධීර, ශ්‍රීමාලි සමරකෝන් (බර ඉසිලීම)