ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමට ඉතිහාසගත ජයක්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

700

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා හොකී අර්ධ අවසන් පූර්ව තරග අද (02) පැවති අතර එහි දී ගෝල 1- 0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජයට පත්කරමින් ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වරට අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම සමත් වුනා. මේ අද දින ඔලිම්පික් පිටියේ සිදු වූ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්. 

මලල ක්‍රීඩා (Athletics) 

පිරිමි මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවට සහ ඔලිම්පික් වාර්තාවට (43.03) හිමිකම් කියනා දකුණු අප්‍රිකාවේ Wayde van Niekerk අද පැවති අවසන් පූර්ව වටයෙන් ඉවත් වීම ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වුනා. 

ඔහු ඊයේ පැවති මූලික වටයේ තරගය තත්පර 45.25කින් නිමා කරමින් තෙවැනි ස්ථානය දිනාගෙන අවසන් පූර්ව වටයට තේරී පත්වුනා. අද දිනයේ පැවති අවසන් පූර්ව වටයේ ඔහු සහභාගී වූ තරගය තත්පර 45.48කින් නිමා කළ ද ඔහුට එහි දී හිමි වුනේ පස්වැනි ස්ථානය.

කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට Puerto Rico රාජ්‍යයේ Jasmine Camacho-Quinn සමත් වුනේ තත්පර 12.37ක කාලයක් වාර්තා කරමින්. තත්පර 12.52ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත් ඇමරිකා එක්සත් ජනපදයේ Kendra Harrison මෙම ඉසව්වේ ලෝක වාර්තාවට (12.20) හිමිකම් කීම විශේෂත්වයක්. තත්පර 12.55කින් ඉසව්ව නිමා කළ ජැමෙයිකාවේ Megan Tapper හට ලෝකඩ පදක්කම හිමි වුනා.

(Jasmine Camacho-Quinn සහ Kendra Harrison තරගය නිමා කරමින්) ඡායාරූපය – olympics.com

රන් පදක්කම හිමි Jasmine Camacho-Quinn විසින් අවසන් පූර්ව වටයේ දී තත්පර 12.26ක දක්ෂතාවයක් දක්වමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වීම තවත් විශේෂ සිදුවීමක්. 

පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට මීටර් 8.41ක දක්ෂතාවයක් දැක්වූ ග්‍රීසියේ Miltiadis Tentoglou සමත් වුනා. රිදී පදක්කම මීටර් 8.41ක දක්ෂතාවයක් දක්වමින් කියුබාවේ Juan Miguel Echevarría විසින් දිනා ගත් අතර මීටර් 8.21ක දක්ෂතාවයක් දක්වමින් කියුබාවේ Maykel Massó විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

සුදුසුකම් ලැබීමේ වටයේ දී රිදී පදක්කම හිමි කියුබාවේ Juan Miguel Echevarría විසින් මීටර් 8.50ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. 

පිරිමි මීටර් 3000 steeplechase ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 8:09.90කින් තරගය නිමා කළ මොරොක්කෝ රාජ්‍යයේ Soufiane El Bakkali විසින් දිනා ගත්තා. රිදී පදක්කම මිනිත්තු 8:10.38ක කාලයක් වාර්තා කළ ඉතියෝපියාවේ Lamecha Girma විසින් හිමි කර ගත් අතර මිනිත්තු 8:11.45ක කාලයකින් තරගය නිමා කළ කෙන්යාවේ Benjamin Kigen හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

කාන්තා කවපෙත්ත විසි කිරීම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට මීටර් 68.98ක දක්ෂතාවයක් දැක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ Valarie Allman සමත් වුනා. එහි රිදී පදක්කම මීටර් 66.86ක දක්ෂතාවයක් දැක්වූ ජර්මනියේ Kristin Pudenz හට හිමි වූ අතර කියුබාවේ Yaime Pérez විසින් මීටර් 65.72ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

(Valarie Allman අවසන් තරගය අතරතුර) ඡායාරූපය – olympics.com

කාන්තා මීටර් 5000 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට නෙදර්ලන්තයේ Sifan Hassan සමත් වුනේ මිනිත්තු 14:36.79ක කාලයක් වාර්තා කරමින්. එහි රිදී පදක්කම මිනිත්තු 14:38.86කින් ඉසව්ව නිමා කළ කෙන්යාවේ Hellen Obiri හට හිමි වූ අතර ඇය 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද රිදී පදක්කමේ හිමිකාරිය වනවා. මිනිත්තු 14:38.87කින් ඉසව්ව නිමා කළ ඉතියෝපියාවේ Gudaf Tsegay හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

බයිසිකල් ධාවනය (Cycling) 

කාන්තා කණ්ඩායම් sprint ඉසව්වේ අවසන් තරගයේ දී ජර්මනියේ Lea Friedrich සහ Emma Hinze පරාජයට පත්කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට තත්පර 31.895කින් තරගය නිමා කළ චීනයේ Bao Shanju සහ Zhong Tianshi සමත් වුනා. ඔවුන් දෙදෙනා විසින් පළමු වටයේ දී තත්පර 31.804ක දක්ෂතාවයක් දක්වමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්. චීනයේ Zhong Tianshi සමඟ Gong Jinjie 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

(Bao Shanju සහ Zhong Tianshi අවසන් තරගයේ ධාවනයේ යෙදෙමින්) ඡායාරූපය – olympics.com

රිදී පදක්කම හිමි වූ ජර්මනියේ Lea Friedrich සහ Emma Hinze විසින් වාර්තා කළ කාලය තත්පර 31.980ක් වූ අතර ලෝකඩ පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Daria Shmeleva සහ Anastasia Voynova විසින් දිනා ගත්තා. තත්පර 32.252ක දක්ෂතාවයක් දැක්වූ Daria සහ Anastasia විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද රිදී පදක්කම (32.401) දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

වෙඩි තැබීම (Shooting) 

පිරිමි 50m rifle three positions ඉසව්වේ රන් පදක්කම අවසන් වටයේ දී නව ලෝක වාර්තාවක් සමඟ නව ඔලිම්පික් වාර්තාවක් ලෙස ලකුණු 466.0ක් රැස් කරගැනීමට සමත් වූ චීනයේ Zhang Changhong හට හිමි වුනා. පෙර ලෝක වාර්තාව (465.3) චීනයේ Yang Haoran සතු වූ අතර පෙර ඔලිම්පික් වාර්තාව (458.8) ඉතාලියේ Niccolò Campriani සතු වූවා.

(Zhang Changhong අවසන් තරගය අතරතුර) ඡායාරූපය – olympics.com

2016 රියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමේ හිමිකරු වූ රුසියානු ඔලිම්පික් කමිටුවේ Sergey Kamenskiy හට මෙවර ද රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම සර්බියාවේ Milenko Sebić විසින් දිනා ගත්තා. 

පිරිමි 25m rapid fire pistol ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට ප්‍රංශයේ Jean Quiquampoix සමත් වුනේ අවසන් වටයේ දී ලකුණු 34ක් රැස්කර ගෙන ඔලිම්පික් වාර්තාව සම කරමින්. කියුබාවේ Leuris Pupo ලකුණු 29ක් සමඟින් රිදී පදක්කම දිනා ගන්නා විට ලකුණු 26ක් වාර්තා කළ චීනයේ Li Yuehong විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

Jean විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමට ද සමත්ව ඇති අතර එහි රන් පදක්කම දිනා ගත් ජර්මනියේ Christian Reitz මෙවර ඔලිම්පික් උළෙලේ සුදුසුකම් ලැබීමේ වටය අවසානයේ දී පෙරමුණ ගැනීමට සමත් වුවත් අවසන් වටයේ දී ඔහුට හිමි වූයේ පස්වැනි ස්ථානය වීම විශේෂත්වයක්. 

බැඩ්මින්ටන් (Badminton) 

කාන්තා යුගල ඉසව්වේ අවසන් තරගය සඳහා චීනයේ Chen Qingchen සහ Jia Yifan සමඟ ඉන්දුනීසියාවේ Greysia Polii සහ Apriyani Rahayu තරග වැදුණා. එහි දී පළමු වටය ලකුණු 19-21ක් ලෙසත්, දෙවැනි වටය ලකුණු 15-21ක් ලෙසත් ජයග්‍රහණය කරමින් තරග වට 2-0ක ජයක් හිමි කර ගැනීමට ඉන්දුනීසියාවේ Greysia සහ Apriyani සමත් වුනා.

(ඉන්දුනීසියාවේ Greysia Polii සහ Apriyani Rahayu අවසන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව) ඡායාරූපය – olympics.com

ලෝකඩ පදක්කම සඳහා දකුණු කොරියාවේ කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා තිබූ අතර එහි දී Lee So-hee සහ Shin Seung-chan තරග වට 2-0ක් ලෙස පරාජයට පත් කිරීමට Kim So-yeong සහ Kong Hee-yong සමත් වුනා. 

ඩෙන්මාර්කයේ Viktor Axelsen සහ චීනයේ Chen Long පිරිමි කේවල ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගෙන සිටියා. අවසන් තරගයේ දී පළමු වටය ලකුණු 21-15ක් සහ දෙවැනි වටය ලකුණු 21-12ක් ලෙස තරග වට 2-0ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඩෙන්මාර්කයේ Viktor Axelsen සමත් වුනා. 

අවසන් තරගයේ දී පරාජයට පත් වූ චීනයේ Chen Long විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි ලෝකඩ පදක්කම ඩෙන්මාර්කයේ Viktor Axelsen හට හිමි වීම විශේෂත්වයක්. 

ඉන්දුනීසියාවේ Anthony Sinisuka Ginting සහ ග්වාතමාලාවේ Kevin Cordón ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු අතර එහි දී තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දුනීසියාවේ Anthony Sinisuka සමත් වුනා. 

බර එසවීම (Weightlifting) 

කාන්තා 87+kg බර පන්තිය යටතේ තරග වැදුණු චීනයේ Li Wenwen නව ඔලිම්පික් වාර්තා තුනක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. Wenwen විසින් Snatch ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 140, Clean & Jerk ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 180 සමඟ ඇය විසින් එසවූ මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 320 ද නව ඔලිම්පික් වාර්තා ලෙස සටහන් වුනා. මෙම බර පන්තියේ ලෝක වාර්තා තුනම Li Wenwen සතු වීම විශේෂත්වයක්.

(Li Wenwen අවසන් තරගයේ බර ඔසවමින්) ඡායාරූපය – olympics.com

මහා බ්‍රිතාන්‍යයේ Emily Campbell විසින් රිදී පදක්කම හිමිකර ගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ Sarah Robles හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

කාන්තා 87 kg බර පන්තියේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට චීනයේ Wang Zhouyu සමත් වුනා. ඇය විසින් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක්, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 150ක් සමඟ එසවූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 270ක්. මෙම ඉසව්වේ රිදී පදක්කම ඉක්වදෝරයේ Tamara Salazar විසින් දිනා ගත් අතර ඩොමිනිකන් ජනරජයේ Crismery Santana හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

Gymnastics 

  • පිරිමි Rings ඉසව්ව 
  1. රන් පදක්කම – Liu Yang (චීනය) 
  2. රිදී පදක්කම – You Hao (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Eleftherios Petrounias (ග්‍රීසිය) 
  • කාන්තා Floor ඉසව්ව 
  1. රන් පදක්කම – Jade Carey (ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Vanessa Ferrari (ඉතාලිය) 
  3. ලෝකඩ පදක්කම – Mai Murakami (ජපානය) සහ Angelina Melnikova (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  • පිරිමි Vault ඉසව්ව 
  1. රන් පදක්කම – Shin Jea-hwan (දකුණු කොරියාව) 
  2. රිදී පදක්කම – Denis Ablyazin (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Artur Davtyan (ආර්මේනියාව) 

මල්ලවපොර (Wrestling) 

  • පිරිමි Greco-Roman 60 kg බර පන්තිය 
  1. රන් පදක්කම – Luis Orta (කියුබාව) 
  2. රිදී පදක්කම – Kenichiro Fumita (ජපානය) 
  3. ලෝකඩ පදක්කම – Walihan Sailike (චීනය) සහ Sergey Emelin (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  • පිරිමි Greco-Roman 130 kg බර පන්තිය 
  1. රන් පදක්කම – Mijaín López (කියුබාව) 
  2. රිදී පදක්කම – Iakob Kajaia (ජෝර්ජියාව) 
  3. ලෝකඩ පදක්කම – Rıza Kayaalp (තුර්කිය) සහ Sergey Semenov (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  • කාන්තා Freestyle 76 kg බර පන්තිය 
  1. රන් පදක්කම – Aline Rotter-Focken (ජර්මනිය) 
  2. රිදී පදක්කම – Adeline Gray (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Yasemin Adar (තුර්කිය) සහ Zhou Qian (චීනය) 

Equestrian 

  • කණ්ඩායම් eventing ඉසව්ව 
  1. රන් පදක්කම – මහා බ්‍රිතාන්‍යය (Laura Collett, Tom McEwen සහ Oliver Townend) 
  2. රිදී පදක්කම – ඕස්ට්‍රේලියාව (Kevin McNab, Andrew Hoy සහ Shane Rose) 
  3. ලෝකඩ පදක්කම – ප්‍රංශය ( Nicolas Touzaint, Karim Laghouag සහ Christopher Six) 
  • කේවල eventing ඉසව්ව 
  1. රන් පදක්කම – Julia Krajewski (ජර්මනිය) 
  2. රිදී පදක්කම – Tom McEwen (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Andrew Hoy (ඕස්ට්‍රේලියාව) 

මෙවර ඔලිම්පික් උළෙලේ දසවැනි දිනය (02) අවසන් වන විට තවදුරටත් පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමඟ ප්‍රබල චීනය විසින් හිමිකරගෙන තිබෙනවා.  

රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනාගෙන ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමඟින් සත්කාරක ජපානය තෙවැනි ස්ථානයේ පසුවෙනවා.

හෙට (03) දිනයේ දී 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන අවසන් තරග 26ක් පැවැත්වීමට නියමිතයි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<