පාකිස්තනය ඉන්දියාවට එකට එක කරන්නයි සූදානම !

ආසියානු කුසලානය 2023

893

ඉන්දියාව පාකිස්තානයට එන්නේ නැත්නම්, ආසියානු කුසලානය පාකිස්තානයේ නොපවත්වයි නම්, සමහර විට පාකිස්තානය 2023 ආසියානු කුසලානයෙන් ඉවත් වනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja පවසනවා.

“ ඉන්දියාව එන්නේ නැත්නම් ( එන්නේ නැහැ) , ඒ නිසා ආසියා කුසලනයේ සත්කාරකත්වය පාකිස්තානයෙන් ඉවත් කළොත් සමහර විට ආසියා කුසලානයට සහබාගී නොවෙන කණ්ඩායම අපි වේවි.”

මේ දිනවල රාවල්පිණ්ඩි හීදී පැවැත්වෙන පාකිස්තාන – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයට සමගාමීව Ramiz Raja විසින් මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළා.

“ ඉන්දියාවට පාකිස්තානයට යා නොහැකි නිසා ආසියානු කුසලානය වෙනත් ස්තානයක පවත්වාවී”

BCCI හි ලේකම් මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ලෙස ද කටයුතු කරන Jay Shah විසින් පසුගිය ඔක්තෝම්බරයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ශික රැස්වීමෙන් පසුව මාධ්‍යයට එසේ ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර ඉන් දින කිහිපයකට පසුව ඉන්දීය ක්‍රීඩා අමත්‍යය Anurag Thakur විසින් ප්‍රකාශ කළේ ඉන්දියාව පාකිස්තානයට යනවාද නැද්ද යන්න ඉන්දියාවේ ස්වේදශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත රඳා පවතිනු ඇති බවයි.

ඉන්දියාව අවසන් වරට පාකිස්තාන සංචාරයක යෙදුනේ 2008 ආසියානු කුසලානය වෙනුවෙන් වන අතර, පාකිස්තානය අවසන් වරට ඉන්දීය සංචාරයක නිරත වුනේ 2016 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙනුයි.

දෙරට අතර පවතින දේශපාලන මත ගැටු හේතුවෙන් දුරස් වී ඇති මෙම කණ්ඩායම් දෙක, අවසන් වරට ද්වීපාර්ශවික තරගාවලියක් ක්‍රීඩා කළේ 2012/13 දී පාකිස්තනය විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදීයි.

එතැන් පටන් ඔවුන් එකිනෙකා මුණ ගැසුනේ ACC හෝ ICC ක්‍රිකට් තරගාවලි වලදී පමණක් වන අතර, ඒ අනූව ඔවුන් මෙවර ආසියානු කුසලානයේ දී දෙවරක් සහ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එක් වරක් මුණ ගැසුණා.

“ අපි පෙන්වලා තියෙනවා ලොකු රටවලට සත්කාරකත්වය දෙන්න පුළුවන් කියලා, රටවල් දෙක අතර ද්වීපාර්ශවික ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට ඇති ගැටලුව ගැන මට තේරුම් ගන්න පුළුවන්. නමුත් ආසියානු කුසලානය කියන්නේ ගොඩක් රටවල් සහබාගී වෙන ආසියානු කලාපයේ ලෝක කුසලානය වගේ තරගාවලිය.

ඇයි අපිට මුලින් සත්කාරකත්වය ලබා දීලා පස්සේ ඉන්දියාව එන්නේ නැහැ කියලා කියන්නේ?

ඉන්දියානු රජයෙන් ඔවුන්ට මෙහේ එන්න දෙන්නේ නැත්නම් මම ඒක පිළිගන්නවා, නමුත් ආසියානු කුසලානයේ සත්කාරක රට වෙනස් කරන එක නිවැරදි දෙයක් නෙවෙයි.”

Ramiz Raja විසින් එසේ පැවසූ අතර තව දුරටත් පවසා සිටියේ මේ අයුරින් සත්කාරකත්වය වෙනස් කිරීම මෙම සිදුවීම් දෙස දේශපාලනිකව බලන අයට හොඳ අවස්ථාවක් වනු ඇති බවත්, ඔවුන් කෙසේ හෝ උත්සහා කළ යුත්තේ දෙරට අතර ක්‍රිකට් තරගාවලි පැවැත්වීමටත් බවයි.

BBC මගින් පැවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමින් මේ අදහස් පළ කළ Ramiz Raja විසින් ප්‍රකාශ කළේ ඉන්දියාවට පාකිස්තානය සමග ක්‍රීඩා කිරීමට නම් ‘ සාමන්‍ය බුද්දිය (Common sense)’ අවශ්‍ය බවයි.

“ ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන්නේ නැත්නම් තරගයක් නැහැ, මම ඒක නිතරම කියන දෙයක්. මම ඉන්දියාවට ආදරෙයි. මම IPL තරගාවලි ගණනාවක විස්තර විචාරකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. මම දන්නවා රසිකයින්ට අවශ්‍යයි ඉන්දියා පාකිස්තාන තරග ආයෙත් බලන්න.”

ඔබ දැක්කා ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්තාන තරගය බලන්න 90000 කට අධික පිරිසක් ඇවිත් හිටියා. මට ICC ය ගැන පොඩි කළකිරීමක් තියෙනවා, මොකද පාපන්දු ලෝක කුසලානයේ ඉරාන – ඇමරිකා තරගය ගැන FIFA සභාපති ට ප්‍රශ්න ආවා.

මොකද ඉරානයේ ගොඩක් ගැටළු තියෙනවා. එතනදී ඔහු කිවුවේ පාපන්දුවෙන් අපිට ගොඩක් දේවල් විසඳන්න පුළුවන් කියලා. අපිට පුළුවන් ක්‍රීඩාවෙන් මේ ගෝත්‍රික මානසිකත්වයන් පිටු දකින්න, අපි පිත්තට සහ පන්දුවට කතා කරන්න ඉඩ දෙමු “

පාකිස්තානය දැනටමත් ආසියානු කුසලානයෙන් ඉවත් වන බවට ඉඟි පල කරන නිසාම 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම ගැටළුව තවත් උග්‍ර වීමටත් ඉඩ පවතිනවා.

“ ආරක්ශක ගැටළු නිසා පාකිස්තාන රජය විසින් පාකිස්තාන කණ්ඩායමට, ඉන්දියාවට යන්න ඉඩ නොදුන්නොත් මොකද වෙන්නේ?

මේක ටිකක් සංවේදී කාරණාවක්, මේ විවාදය පටන් ගත්තේ BCCI විසින්.දැන් අපි ඒකට ප්‍රතිචාර දැක්විය යුතුයි!”

මෙම සිදුවීම පිළිබඳ කනස්සලු වනවාද යන්න BBC ය මගින් විමසූ විට Ramiz Raja විසින් ඒ අයුරින් පවසා තිබුනා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<