ඇෆ්ගනිස්තාන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

351

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායමක් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත යොමු කළ තීරු ලිපියක් මඟින්.

මේ එම ලිපියේ සිංහල පරිවර්තනය පහතින්,

“මම ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්නන් දැකලා පුදුම වුනා. ඔවුන් තමයි මේ තරගාවලියේ මම දකින හොඳම පන්දු යවන්නන්.

සමහර අය කියන්න පුළුවන් ඔවුන් ස්කොට්ලන්තය වගේ කණ්ඩායමකට පන්දු යැවුවේ කියලා. නමුත් Mujeeb Ur Rahman සහ Rashid Khanගේ පන්දු යැවීම ඉතාමත් විශිෂ්ට මට්ටමක තිබුණා. පිතිකරුවන් ඒ පන්දු හමුවේ සම්පූර්ණයෙන්ම අසරණ වුනා.

ඔවුන් ඉදිරි තරගවල දීත් ඒ විදිහට පන්දු යැවුවොත් ඔවුන් අනික් කණ්ඩායම්වලට ලොකු අභියෝගයක් වේවි.

සමහර වෙලාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායම මට අපේ 1996 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා කණ්ඩායම මතක් කරනවා. තාමත් මේක කියන්න කලින් වැඩියි ඒත් ඔවුන්ගේ දඟපන්දු යවන්නන් තුන්දෙනා හොඳින් පන්දු යැවුවොත් අපිට කියන්න බැහැ කුමක් වේවි ද කියලා.

1996 ගැන හිතලා බැලුවාම අපිට ගොඩක් අත්දැකීම් තියන පිතිකරුවන් හිටියා. ඒ වගේම හොඳ තරුණ පන්දු යවන්නන් හිටියා. ඒත් එක්කම අපි ක්‍රීඩා කරපු තණතීරු අපිට උදව් කළා. 1990 දශකයේ දී අපි අපේ රටේ දී ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. අපි දැනගෙන හිටියා මේ තත්ත්වය එක්ක ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපිට දක්ෂතාවයත් තිබුණා.

මේ දේවල් ඇෆ්ගනිස්තාන කණ්ඩායමටත් එහෙමමයි. ඔවුන්ට ඉන්නවා Mohammed Nabi, ඔහු ඉතාමත් දීර්ඝ කාලයක් ක්‍රීඩා කරන කෙනෙක්. ඒ වගේම ඔවුන්ට ඉන්නවා දක්ෂ තරුණ පිතිකරුවන් – Hazratullah Zazai සහ Rahmanullah Gurbaz වගේ. ඔවුන් ස්කොට්ලන්තය එරෙහිව හොඳින් ක්‍රීඩා කළා.

මේ දඟපන්දු යවන්නන් සලකන්නේ නැතුව තත්ත්වය. විස්සයි විස්ස ක්‍රීඩාවේ දී ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්නන්ට අත්දැකීම් රැසක් තියනවා. මට පේන්නේ නැහැ ඔවුන්ට මේ තරගාවලියේ පෙරළිකාරයන් වෙන්න බැරි ඇයි කියලා.

කෙසේ වෙතත් මේ වෙද්දී හොඳම තැන ඉන්න කණ්ඩායම ගත්තොත් පාකිස්තානය ඉස්සරහින් ඉන්නවා. ඔවුන් ඉන්දියාව සහ නවසීලන්තය පරාජය කරලා ඉන්නේ. ඒ ඔවුන්ගේ කාණ්ඩයේ හොඳම කණ්ඩායම් දෙක.

ඔවුන් ඉතාමත් දක්ෂ කණ්ඩායමක්. ඔවුන් කවදත් එහෙමයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වගේ ඔවුන්ටත් හොඳ සහ නරක දවස් තියනවා. ඒත් දැන් ඉන්න පාකිස්තාන කණ්ඩායම වෙනස්. මම දන්නේ නැහැ ඒ වෙනස ආවේ කොහොමද කියලා. ඒත් ඔවුන්ට ඉතාමත් හොඳ පන්දු බලඇණියක් සහ ඉදිරියට යන්න හැකියාවක් තියනවා.

පාකිස්තානයේ පිතිකරණය ගත්තම එය කේන්ද්‍ර ගත වෙන්නේ Babar Azam වටේ. ඔහු පාකිස්තානයට ඉන්න හොඳම පිතිකරුවා. ඔහුට අමතරව අත්දැකීම් බහුල Shoaib Malik සහ Mohammed Hafeez ඉන්නවා. ඔවුන් අවුරුදු 15ක් විතර ජාත්‍යන්තර ක්‍රිකට් සෙල්ලම් කරන අය. ඒ වගේම පාකිස්තානයට දක්ෂ තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. සාම්ප්‍රදායිකව පාකිස්තානය පන්දු රැකීමේ සාර්ථක කණ්ඩායමක් නෙමෙයි. ඒත් දැන් ඔවුන් ඒකත් වෙනස් කරගෙන තියනවා.

මම හිතන්නේ පාකිස්තානයේ මේ වෙනසට ප්‍රධාන හේතුව Matthew Haydenගේ බලපෑම. ඔහු ක්‍රීඩා කරන කාලයේ ඉඳන්ම තරගය හොඳින් අවබෝධ කර ගත් ක්‍රීඩකයෙක්. ඔහු පාකිස්තාන කණ්ඩායමට හොඳ උපදේශකවරයෙක් වෙලා තියනවා.

2021 ලෝක කුසලාන තරගාවලියේ පැහැදිලි වෙන එක දෙයක් තමයි ශක්තිමත් කණ්ඩායම්වලට හොඳ පන්දු බලඇණියක් ඉන්නවා කියන එක.

පාකිස්තානය ශක්තිමත් වෙනවා Haris Rauf සහ Shaheen Shah Afridiගේ වේගපන්දුවෙන්. ඔවුන් දෙදෙනාටම පැයට කිලෝමීටර් 140 ඉක්මවූ පන්දු යවන්න හැකියාවක් තියනවා. ඒ වගේම ඔවුන් ඉතාමත් හොඳින් යෝකර් පන්දු සහ වේගය අඩාල කළ පන්දු යවනවා.

මේ තණතීරුවල වේගවත් පන්දු ලොකු වෙනසක් කරනවා. ඒ වගේම නිවැරදි එල්ලය එක්ක පන්දු යවන දඟපන්දු යවන්නන් ගොඩක් වැදගත් වෙනවා.

මේ ගැන ගත්තම මට යම් අවිශ්වාසයක් තියෙන්නේ ඉන්දීය කණ්ඩායම ගැන. Jasprit Bumrah කියන්නේ තරග දිනවන්නෙක්. ඒත් ඉන්දීය කණ්ඩායම ඔහු මත බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

මම හිතන්නේ ඔවුන්ට ඒක වෙනස් කරගන්න පුළුවන් පා දඟපන්දු යවන්නෙක් එක් කරගැනීමෙන්. එහෙම නැත්නම් Ravichandran Ashwin යොදාගන්න පුළුවන්. වේගපන්දු යවන්නන් දෙන්නෙක් එක්ක තරගයට යන එක අවදානමක්. ඒ වගේම Hardik Pandya පන්දු යවන්නෙත් නැති නිසා සමබරතාව පවත්වා ගන්න අමාරුයි.”

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<