තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් IPL අත්හදා බැලීම් වලට

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

6129
Two more Sri Lankans invited for the Rajasthan royals

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පූර්ව සමය ආරම්භ වීමත් සමඟ කණ්ඩායම් ලොව පුරා සිටින නවක ක්‍රීඩකයින් සිය අත්හදා බැලීමේ කඳවුරු (IPL tryouts) වෙත කැඳවීමට පටන් ගෙන තිබෙනවා.

Rajasthan Royals පවත්වන අත්හදා බැලීමේ කඳවුර සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක Shevon Daniel කැඳවීමෙන් පසුව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ට්‍රෙවීන් මැතිව් සහ කෙවින් කොත්තිගොඩ හට ආරාධනා කර තිබෙනවා.

ප්‍රේක්ෂකයින් මවිත කරන අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවන කෙවින් කොත්තිගොඩ අබුඩාබි පන්දුවාර 10 තරගාවලියේ Bangla Tigers නියෝජනය කරමින් ලොව පුරා අවධානය දිනා ගත්තා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩකයෙකු වන ට්‍රෙවීන් මැතිව් නිමා වූ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ තරග පහක් තුළ කඩුලු 6ක් දවා ගත්තේ පන්දුවාරයකට 3.57ක කැපී පෙනෙන සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ශෙවෝන්, ට්‍රෙවීන් සහ කෙවින් අද (01) ඉන්දියාව බලා පිටත් වීමට නියමිත අතර 2023 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<