ලෝක කුසලානයට යන නවසීලන්ත සංචිතය නම් කරයි

ICC Men's T20 Cricket World Cup 2024

40
ICC Men's T20 Cricket World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Kane Williamsonගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට Rachin Ravindra සහ Matt Henry සිය මංගල විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඇතුළත් වී ඇති අතර, වේගපන්දු යවන ක්‍රීඩක Tim Southee සිය හත් වැනි ලෝක කුසලානය වෙනුවෙන් සංචිතයට නම් කිරීම විශේෂත්වයක්.

මීට අමතර ආබධයක් නිසා මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට පවා අවස්ථාව අහිමි වී ගිය Devon Conway ද මෙම සංචිතයට එක් කර ඇති අතර, ඔහු කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට ඉඩ පවතිනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ තවත් වේගපන්දු බලාපොරොත්තු ද්විත්වයක් වන Adam Milne සහ Kyle Jamieson දෙදෙනාට ම ආබාධ හේතුවෙන් මෙවර ලෝක කුසලානය අහිමි ව යනු ඇති.

මේ අතර Ben Sears සංචිතයේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

නවසීලන්ත සංචිතය:

 

Kane Williamson (නායක), Finn Allen, Trent Boult, Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Ben Sears (අතිරේක)

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<