ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්

ICC Women's T20 World Cup Qualifiers 2024

78

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියේ සිය දෙවන පුහුණු තරගයෙන් වනාටු දේශයට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුනා.

අබුඩාබි හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය වනාටු නායිකාවට හිමි වූ අතර, ඇයගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ ඔවුන්ට කිසිදු ලෙසකින් සාර්ථක වීමට ඉඩක් නොලැබුණු අතර, වනාටු ඉනිම ලකුණු 58කට සීමා වුනා.

ඉනිමේ එක් ක්‍රීඩිකාවක් හැර අනෙක් සියල්ලන් ම ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට සමත් නොවීම විශේෂත්වයක්.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෂිනි ගිම්හානි කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, උදේෂිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව විසින් පන්දුවාර 8 පන්දු 2ක් තුළ අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, මෙහි දී හසිනි පෙරේරා නොදැවී ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුනා.

  • වනාටු – 58/10 (17) Valenta Langiatu 12, ශෂිනි ගිම්හානි 3/12, අචිනි කුලසූරිය 2/8
  • ශ්‍රී ලංකාව – 59/1 (8.2) හසිනි පෙරේරා 27*, හර්ශිතා සමරවික්‍රම 14*

ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.

  • තරගයේ වීරවරිය – ශෂිනි ගිම්හානි

තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන අප්‍රේල් 25 වැනි දා තායිලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<