Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු

IPL 2024

63
IPL 2024

ඊයේ (15) Sunrisers Hyderabad සහ Royal Challengers Bangaluru කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගය විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නව වාර්තා රැසක් අලුත් කිරීමට සමත් වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 287ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස Bangaluru කණ්ඩායමෙන් ලකුණු 262ක් වාර්තා වුනා.

මෙහි දී Sunrisers ඉනිම වෙනුවෙන් Travis Head විසින් වේගවත් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, Heinrich Klaasenගේ පිත්තෙන් ද අර්ධ ශතකයක් වාර්තා වුනා.

මීට අමතරව පිළිතුරු ඉනිම දියත් කළ බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් Dinesh Karthik සහ Faf Du Plessis විසින් ද විශිෂ්ට අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් වුනා.

මෙම තරගය තුළ නව IPL වාර්තා රැසක් සහ ලෝක විස්සයි විස්ස පිටියේ වාර්තා කිහිපයක් ද අලුත් වීම විශේෂත්වයක්.

ඊයේ තරගය සමඟින් වෙනස් වූ වාර්තා මෙසේයි;

Sunrisers Hyderabad කණ්ඩායම වාර්තා කළ ලකුණු 287 IPL ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ඔවුන් විසින් ම මීට පෙර මෙම තරගාවලියේ දී ම Mumbai Indians කණ්ඩායමට එරෙහිව පිහිටුවා තිබූ ලකුණු 277ක වාර්තාව මෙහි දී බිඳ වැටුණා. එමෙන්ම මෙය ලෝක විස්සයි විස්ස ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස ද වාර්තා අතරට එක් වුනා.

එමෙන්ම තරගය පරාජය වුව ද RCB කණ්ඩායම විසින් වාර්තා කළ ලකුණු 262 මෙතෙක් විස්සයි විස්ස ඉතිහාසයේ දෙවැනි ඉනිමක වාර්තා වූ ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ.

මෙම තරගයේ දී දෙපිළෙන් ම හයේ පහර 38ක් වාර්තා වූ අතර, එය මෙතෙක් විස්සයි විස්ස ඉතිහාසයේ ඉනිම් දෙකක් තුළ වාර්තා වූ ඉහළම හයේ පහර සංඛ්‍යාව සම කළා. එමෙන්ම Sunrisers ඉනිමේ දී මින් හයේ පහර 22ක් වාර්තා වූ අතර, IPL ඉතිහාසයේ එක් ඉනිමක වාර්තා වූ ඉහළම හයේ පහර සංඛ්‍යාව ලෙසයි එය වාර්තා අතරට එක් වුනේ.

මේ අතර සමස්ත තරගයේ දී දෙපිළෙන් ම හයේ සහ හතරේ පහර 81ක් වාර්තා වූ අතර, 2023 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයක දී වාර්තා වූ තරගයක එල්ල කළ ඉහළම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවේ වාර්තාව මෙහි දී සම වුනා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙක විසින් ලකුණු 549ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය මෙතෙක් ඉතිහාසයේ විස්සයි විස්ස තරගයක වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ.

තරගයේ දී Sunrisers වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට Headට වැය වුනේ පන්දු 39ක් පමණක් වන අතර එය IPL ඉතිහාසයේ සිව් වැනි වේගවත් ම ශතකය ලෙස වාර්තා අතරට එක් වුනා.

එමෙන්ම Sunrisers ඉනිමේ දී RCB වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් සිව් දෙනෙකුම (Reece Topley , Yash Dayal  Lockie Ferguson and Vijaykumar Vyshak) ලකුණු පනහා ඉක්මවමින් ප්‍රතිවාදීන් වෙත ලකුණු ලබා දුන් අතර, එවන් සිදුවීමක් විස්සයි විස්ස පිටියෙන් වාර්තා වුනේ ඉතිහාසයේ පළමු වතාවටයි.

මීට අමතරව මෙම තරගය තුළ ඉනිම දෙකේ දීම ලකුණු 50 ඉක්මවූ සබඳතා 7ක් වාර්තා වූ අතර, එය ද ලෝක ඉතිහාසයේ එවන් දක්වතාවක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසයි වාර්තා අතරට එක් වුනේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<