17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ 277/8

Sri Lanka U17 tour of Pakistan 2026

2
Sri Lanka U17 tour of Pakistan 2026

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක ම තුන් දින තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

>>17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක<<

Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිම වෙනුවෙන් මැදි පෙළින් පිටියට පිවිසි සසිත් බණ්ඩාර පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා සිටියා.

ඊට අමතර ව රවීන් සචින්ත ද පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 79ක්.

ඔවුන් දෙදෙනාට අමතර ව චෙනුක දොඩංගොඩ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද සහ ආරම්භක පිතිකරු මෙතුක ගුණරත්න පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Mohammad Yaqoob Kahan, Mohammad Saim සහ Mohammad Ihsaan කඩුලු ද්විත්වය බැගින් ද Abdullah Ahmed Butt සහ Mohammad Saim කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 277 (83.0) මෙතුක ගුණරත්න 22, චෙනුක දොඩංගොඩ 26, සසිත් බණ්ඩාර නොදැවී 96, රවින් සචින්ත නොදැවී 38, Mohammad Ihsaan 2/55, Mohammad Saim 2/45, Mohammad Yaqoob Kahan 2/33

මෙම තරගය අද (10) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<