Home Sinhala චාමර, චාමික සුසංයෝගයෙන් කොළඹ ගොඩයයි

චාමර, චාමික සුසංයෝගයෙන් කොළඹ ගොඩයයි

497

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (04) කොළඹ සහ දඹුල්ල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.

19න් පහළ ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වයට හුරුපුරුදු මුහුණක්

2020 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනීමේ ප්‍රධාන අපේක්ෂාවෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා තුන්

කාසියේ වාසිය දිනූ දඹුල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලබා ගත් අතර ලකුණු 239ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක දඹුලු ක්‍රීඩකයන්ට පිළිතුරු ලෙසින් සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.

කොළඹ ක්‍රීඩකයන්ගේ මන්දගාමී ඉනිම වරෙක කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 152ක් ලෙසිනි. එම අවස්ථාවේ දී ඉනිම ගොඩ දැමීමට උර දුන්නේ චාමර සිල්වා සහ චාමික කරුණාරත්න ය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් එක් කළ හ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙසින් තම යුතුකම ඉටු කළ චාමර සිල්වා තමන්ට ලැබෙන හැම අවස්ථාවක දී ම ඉතා ඉක්මනින් කනිෂ්ඨ ක්‍රීඩක චාමික කරුණාරත්නට ලබා දෙමින් දඹුලු ක්‍රීඩකයන්ට එරෙහිව ඉනිම දියත් කළහ.

Photos: Colombo vs Dambulla | Super Provincial One Day 2019

චාමික කරුණාරත්න පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය. චාමර සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 36කට මුහුණ දුන්නේ ය.

ඊට පෙර ආරම්භක පිතිකරු අවිශ්ක ද සිල්වා පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් ලබා ගත්තේ පන්දු 66කට මුහුණ දෙමිනි. ඔහු කමිඳු මෙන්ඩිස්  සමඟින් තෙවැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් එක් කළහ. කමිඳු පන්දු 48ක දී ලකුණු 31ක් ලබා ගත්තේ ය.

තීරණාත්මක සුපිරි පළාත් සටනට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග අදියරක් මේ මස 4 වැනිදා දඹුල්ලේ හා පල්ලෙකැලේ

කඩුලු ලබා ගැනීමේ දී ජීවන් මෙන්ඩිස් ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිද්දී ආරම්භක වේගපන්දු යැවූ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේ ය.

දඹුලු ඉනිමේ හඹා යන ඉනිමේ දී කොළඹ කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යැවූ සුරංග ලක්මාල් දඹුලු ක්‍රීඩකයන්ගේ ඉනිමේ විනාශය තෙවැනි පන්දු වාරයේ සිට පටන් ගත්තේ ය. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක (3), නිරෝෂන් දික්වැල්ල (6), ඇන්ජලෝ මැතිව්ස් (1) සහ ඔෂද ප්‍රනාන්දු (6) අඩු ලකුණුවලට සීමා විය. දැවී ගිය කඩුලු 4න් 3ක හිමිකාරිත්වය සුරංග ලක්මාල් සතු වූ අතර අනෙක් කඩුල්ල අසිත ප්‍රනාන්දු සතු විය. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ පන්දු වාර 6.2ක දී ලකුණු 18ක් ලෙසිනි.

අනතුරු ව යම් තරමකින් හෝ ඉනිම ගොඩ ගැනීමට දායකත්වය දැක්වූයේ භානුක රාජපක්ෂ ය. ඔහු පන්දු 45කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ ය.

මාලිංගගේ සප්ත කඩුලු දඩයම දේශීය පිටිය කළඹයි!

නැවත වරක් කඩුලු 8ක් දැවී ලකුණු 102ක් තිබුණ දඹුලු ඉනිම එවර ගොඩ ගත්තේ ඉෂාන් ජයරත්න ය. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය. ඔහු සහ විශ්ව ප්‍රනාන්දු 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කරමින් කොළඹ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය පමා කළහ. විශ්ව ප්‍රනාන්දු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ සුරංග ලක්මාල් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Team Colombo
238/9 (50)

Team Dambulla
156/10 (36.3)

Batsmen R B 4s 6s SR
Avisha Fernando b Jeevan Mendis 54 52 7 1 103.85
Upul Tharanga c Niroshan Dickwella b Danushka Gunathilake 12 29 1 0 41.38
Dinesh Chamdimal b Jeevan Mendis 42 66 4 0 63.64
Kamindu Mendis lbw b Jeevan Mendis 31 48 2 0 64.58
Kalana Perera st Niroshan Dickwella b Jeevan Mendis 6 12 0 0 50.00
Chamara Silva c Vishwa Fernando b Bhanuka Rajapakse 29 36 1 0 80.56
Shehan Jayasuriya lbw b Lakshan Sandajan 1 2 0 0 50.00
Chamika Karunaratne c Vishwa Fernando b Isuru Udana 57 53 4 2 107.55
Akila Dananjaya run out () 0 1 0 0 0.00
Suranga Lakmal not out 1 1 0 0 100.00


Extras 5 (b 0 , lb 1 , nb 1, w 3, pen 0)
Total 238/9 (50 Overs, RR: 4.76)
Did not bat Asitha Fernando,

Bowling O M R W Econ
Vishwa Fernando 8 0 44 2 5.50
Isuru Udana 9 0 71 0 7.89
Ishan Jayaratne 6 1 29 0 4.83
Danushka Gunathilake 7 0 14 1 2.00
Jeevan Mendis 10 0 36 4 3.60
Lakshan Sandajan 10 1 43 1 4.30


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Suranga Lakmal 6 12 0 0 50.00
Danushka Gunathilake c Dinesh Chamdimal b Suranga Lakmal 3 4 0 0 75.00
Oshada Ferenado lbw b Suranga Lakmal 6 15 1 0 40.00
Angelo Mathews c Dinesh Chamdimal b Avisha Fernando 1 4 0 0 25.00
Bhanuka Rajapakse c Shehan Jayasuriya b Kamindu Mendis 38 45 4 1 84.44
Sachithra Serasinghe c Kamindu Mendis b Chamika Karunaratne 7 12 1 0 58.33
Jeevan Mendis c Dinesh Chamdimal b Chamika Karunaratne 10 19 1 0 52.63
Isuru Udana c Avisha Fernando b Akila Dananjaya 18 22 2 1 81.82
Ishan Jayaratne c Avisha Fernando b Shehan Jayasuriya 36 40 3 1 90.00
Vishwa Fernando not out 18 43 2 0 41.86
Lakshan Sandajan c Upul Tharanga b Avisha Fernando 0 3 0 0 0.00


Extras 13 (b 1 , lb 1 , nb 0, w 11, pen 0)
Total 156/10 (36.3 Overs, RR: 4.27)
Bowling O M R W Econ
Suranga Lakmal 8 2 29 3 3.62
Shehan Jayasuriya 4 0 12 1 3.00
Avisha Fernando 5.3 1 21 2 3.96
Chamika Karunaratne 5 0 29 2 5.80
Akila Dananjaya 8 0 37 1 4.62
Kamindu Mendis 6 0 26 1 4.33