ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක ම තුන් දින තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා සිටියා.
ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 285ට පිළිතුරු ලෙසයි.
>>17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ 277/8
Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (10) ආරම්භ වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.
ඒ වෙද්දී සසිත් බණ්ඩාර නොදැවී ලකුණු 96ක් ද සහ රවින් සචින්ත නොදැවී ලකුණු 38ක් ද ලබා සිටියා. අද දවසේ දී ශ්‍රී ලංකා ඉනිමට එකඳු හෝ ලකුණක් එකතු නොවෙමින් රවීන් සචින්ත දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
සසිත් බණ්ඩාර දැවී යද්දී පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Ihsaan සහ Fahad Iqbal කඩුලු 3ක් බැගින් දවා ගනිද්දී Mohammad Yaqoob Kahan කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව Abdullah Ahmed Butt සහ Mohammad Saim කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක
- නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තම පළමු කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කරමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඊට මුල් වෙන්නේ Sudais Ahmed සහ Daud Tauqeer Yousaf. මේ අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ Daud Tauqeer Yousaf. ඇය දැවී යන විට පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු පිටියට පිවිසි Mohammad Yousaf තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 144ක් ලබා සිටියා.
ඔහුගේ එම ඉනිමේ දී 2 වැනි කඩුල්ලට Sudais Ahmed හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ද, 3 වැනි කඩුල්ලට Azan Ahmed හා එක් ව ලකුණු 86ක සබඳතාවක් ද, 4 වැනි කඩුල්ලට Mohammad Yaqoob Khan හා එක් ව ලකුණු 67ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී Sudais Ahmed පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ද, Azan Ahmed පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද සහ Mohammad Yaqoob Khan පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
තරගය 2 වැනි දිනයට අවසන් වෙද්දී Mohammad Yousaf සමඟින් Hamid Raza (2) නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී රවීන් සචින්ත, තාරුක සමන්ජිත් සහ සඳරු මල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (86.5) මෙතුක ගුණරත්න 22, චෙනුක දොඩංගොඩ 26, සසිත් බණ්ඩාර 103, රවින් සචින්ත 38, Mohammad Ihsaan3/62, Fahad Iqbal 3/46, Mohammad Yaqoob Kahan 2/33
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 306 (84.0) Sudais Ahmed 61, Daud Tauqeer Rana 24, Mohammad Yousaf නොදැවී 144, Azan Ahmed 31, Mohammad Yaqoob Khan 26
මෙම තරගය හෙට (11) තරගයේ අවසන් සහ 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















