සත්සර මිහිරංග හොඳම පන්දු යැවීම වාර්තා කරයි

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

3
SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපක ප්‍රතිඵල තරගාවලියට එක් වුණා.

 එහි දී කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වීමට මොරටු මහා විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ සත්සර මිහිරංග සමත් වෙනවා. ඔහු වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව ලකුණු 11කට කඩුලු 5ක් දවා ගන්නවා.

මේ අතර නිමා වූ තරගවල දී කොළඹ මහානාම විද්‍යාලයේ සිනෙත් වීරරත්න (60), කොළඹ නාලන්දා විද්‍යාලයේ රන්මිත් සේනාරත්න (නොදැවී 51), සාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසල් හේමක (70) සහ හොරණ තක්ෂිලා විද්‍යාලයේ  ඔමලික අමරසිංහ (54) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියලුම දෙනා දැවී 70 (21.4)නවිත් ද සිල්වා 15, මෙවිඳු කුමාරසිරි 4/17, පංසිළු සිල්වා 3/12
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – කඩුලු 3ක් දැවී 74 (18.5) විදුර බාසුරු නොදැවි 37, පංසිළු සිල්වා 20

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

 

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි  විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය

  • වෙස්ලිවිද්‍යාලය – සියලුම දෙනා දැවි 171(40.0) ඔමේග කරුණාරත්න 44, ලිතුම් සෙනුජ 41, කෞෂික තිලකරත්න 4/26
  • මහානාමවිද්‍යාලය – කඩුලු 6ක් දැවී 175(36.0) සිනෙත් වීරරත්න 60, ප්‍රවීන් රන්හිරු 22, කෞෂික තිලකරත්න 35, සනුල් විරරත්න 23, ගයුක ප්‍රනාන්දු 3/31, අඩ්‍රියන් සයින් 2/32

කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

>>නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්<<

පෙර දින අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

කොළඹ මහානාම විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය කටාන DHH ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 9ක්දැවී 102(20.0) ජේඩන් අමරවීර 21, චනුත් නිම්සත් 35, සනුක ගනේපොළ 2/19, කෞෂික තිලකරත්න 2/20, සනුල් වීරරත්න 3/15
  • මහානාම විද්‍යාලය – කඩුලු 5ක් දැවී 94(17.3)සනුල් වීරරත්න නොදැවී 31, ආරන් ද සිල්වා 2/16, රපියෙල් හෙට්ටිගේ 2/20

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය

  • සාන්ත ජෝසප්විද්‍යාලය – කඩුලු 9ක්දැවී 135 (47.2) පමෝද් දල්පදාදු 36, කවිත් ප්‍රනාන්දු 24, සන්තුල් විජේරත්න 2/19
  • නාලන්දාවිද්‍යාලය – කඩුලු 4ක් දැවී 138(29.2) නදුල් ජයලත් 27, රන්මිත් සේනාරත්න නොදැවී 51, නෙමිඳු අක්මීමන 25

කොළඹ නාලන්දා විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

  • සාන්ත අන්තෝනිවිද්‍යාලය – සියලුම දෙනාදැවී 182 (46.1) සිසල් හේමක 70, සදෙව් අමරකෝන් 30, තිදස් පෙරේරා 2/36, එසඳ බිනෝද්‍ය 4/24
  • ලුමිබිණිවිද්‍යාලය – සියලුම දෙනාදැවී 81 (31.1) ජනිත මෙන්ඩිස් 25, ලකිල හසරැල් 21, කෞෂික කුමාරසිංහ 3/09, කවීෂ සමරතුංග 3/26, සනිතු ගුණතිලක 2/12

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 101ක ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

  • සාන්ත පීතරවිද්‍යාලය – කඩුලු 6ක්දැවී 245 (50.0) හිරුක සිල්වා 68, ජේසන් ප්‍රනාන්දු 43, එවන් රොද්‍රිගෝ 42, ඔෂද අකලංක නොදැවී 25, ගෙසඳු බිසස් 3/38
  • මහින්දවිද්‍යාලය – සියලුම දෙනා දැවී 118(35.0) සෙනුජ වෙහාන් 22, නවිරු නිශිත නොදැවී 18, රෙනිශ් ඇන්තනී 2/24, සඳරු මීදුම් 3/04, ජොෂුවා සෙබස්තියන් 3/17, ජනිත් පණ්ඩිතරන්න 2/33

කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 127ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මොරටුව මහා විද්‍යාලයීය  ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

  • සාන්ත අන්තෝනිවිද්‍යාලය – සියලුම දෙනාදැවී 53 (28.4) ලිනත් දුලකර 15, සත්සර මිහිරංග 5/11
  • මොරටු මහාවිද්‍යාලය – කඩුලු 3ක් දැවී 56(13.3) විසල් සත්සර නොදැවී 16

මොරටු මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය ගිරුඋල්ල වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය

  • සාන්ත අන්තෝනිවිද්‍යාලය – සියලුම දෙනාදැවී 133 (29.2) ඉමංජිත් හේරත් නොදැවී 43, චමොද් ගුණතිලක 21, පුනාල් පමුදිත 2/20, වින්දිල චනුත් 3/10
  • සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 4ක්දැවී 65(13.0) තත්සර දෙව්මිත් නොදැවී 21

තරගයේ විසඳුමක් නෑ.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – තක්ෂිලා විද්‍යාලය

  • තක්ෂිලාවිද්‍යාලය – කඩුලු 9ක් දැවී 126(39.0) ජනිරු ඇතුලත්මුදලි 22, ඔමලික අමරසිංහ 54, ධනීශ පසන්සල 21, තිනුලක රාජපක්ෂ 2/12, මිහිරිඳු විතාරණ 3/20
  • ධර්මරාජවිද්‍යාලය – කඩුලු 3ක්දැවී 95 (22.0) මිහිරිඳු විතාරණ 27, ගවීෂ පූර්ණ නොදැවී 22, තරිඳු වර්ණකුලගේ 21, ටෙනුශ තත්සර 2/25

මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 24ක ජයක්.

 

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය

  • සාන්ත සිල්වෙස්තරවිද්‍යාලය – සියලුම දෙනාදැවී 97 (45.2) විදුසර ගනේගොඩ 29, ප්‍රභාගරන් ඉශාන් 28, අබිරු වල්පොළ 2/20, තරුන් පෙරේරා 3/14, තිතිර සංසිර 3/10
  • ඉසිපතන විද්‍යාලය – කඩුල්ලක් දැවී 98(20.5) තරුන් පෙරේරා 35, නවිඳු උමෙත් නොදැවී 48

කොළඹ ඉසිපතන විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

 

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය කදිරාන ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

  • සාන්ත ජෝසප් වාස්විද්‍යාලය – කඩුලු 6ක් දැවී 124(20.0) ඉසුරු ඉඳුවර 26, අමල් දෙනුවන් 24, දමේස් මතිසාන් 24, සාවියේ ප්‍රනාන්දු 28, තරුෂ මිහිරංග 2/22, සතිඳු ප්‍රබෝද 2/25
  • ශ්‍රී ධර්මාලෝකවිද්‍යාලය – සියලුම දෙනාදැවී 66 (17.4) තරිඳු සුදර්ශන 15, ඔශේන් බිනර 3/06, ටීශාන් මයෝන් 2/05, සාවියෝ ප්‍රනාන්දු 2/01

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 58ක ජයක්.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<