BPL බලාපොරොත්තුවලට වෙන්න යන දෙයක්

328

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළඟ අදියර පැවැත්වීම ඉතාමත් අවිනිශ්චිත තත්වයක පවතින බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නස්මුල් හසන් මහතා පවසා සිටියි. එයට හේතුව බවට පත්ව ඇත්තේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය බංග්ලාදේශය තුල තවමත් පාලනය වී නොතිබීමයි.

දකුණු අප්‍රිකාවේ ඉන්දීය සංචාරය අවිනිශ්චිතයි

කොරෝනා මැඩලීම සඳහා නිපදවා තිබෙන එන්නත පැමිණිය ද, දෙසැම්බර් – ජනවාරි කාල රාමුව තුල බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

“වැක්සින් එන්නත ආවත් ඒක එක පාරටම හැමෝටම ගහන්න බැහැ. ඒකට ටික කාලයක් යනවා. ඒක නිසා මම හිතන්නේ අපි හැමෝටම නරක කාලයක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේම විදෙස් ක්‍රීඩකයින් වුනත් අපේ රටට ගෙන්න ගන්න එක ලේසි වෙන එකක් නැහැ.”

“ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රේක්ෂකයින් නැතිව වුනත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියෙනවා. ඒකට වුනත් කොපමණ විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් සහභාගී වෙයි ද කියලා අපි කවුරුවත් හරියටම දන්නේ නැහැ. අනික් කාරණාව නම් කොරෝනා නිසා කල් දාපු ක්‍රිකට් තරග ඔක්කොම වගේ ඉස්සරහට එක ළඟ එක ළඟ එයි. එහෙම වුනාම ඒ විදෙස් ක්‍රීඩකයින්ව BPL තරගාවලිය සඳහා නිදහස් කරගන්න ටිකක් අමාරු වෙයි” හසන් මහතා ශරේ බංග්ලා ක්‍රිකට් පිටියේ පැවති හමුවක දී පසුගිය දා (15) පවසා සිටියේය.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම එංගලන්තය හැර ICC පූර්ණ සාමාජිකත්වය තිබෙන කිසිදු රටක් සිය ජාත්‍යන්තර ක්‍රිකට්  අරඹා නොමැති මොහොතක මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම සහ ඒ අදාළ පහසුකම් සැපයීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වෙනමම අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය බව ද හසන් මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

“අපි තාම අපේ රටේ ක්‍රිකට් පටන් ගත්තේ නැහැ. හැබැයි අපි ශ්‍රී ලංකා සහ නවසීලන්ත තරග සංචාරයන් සඳහා අවශ්‍ය මුල් අඩිතාලම් සකස් කරගන්න ගමන් ඉන්නේ. මොකද ඒ රටවල් දෙකම අපිට වඩා ගොඩක් හොඳට කොරෝනා වසංගතය පාලනය කරලා තියෙන නිසා ක්‍රිකට් පටන් ගන්න ඒ රටවල් දෙකට ලොකු හැකියාවක් තියෙනවා. නවසීලන්තය තුල නම් ආයිත් කොරෝනා හිස ඔසවලා ඒක නිසා ශ්‍රී ලංකා තරග සංචාරය අපි කොහොම හරි සාර්ථකව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපිටත් ඕනේ කොහොම හරි ක්‍රිකට් පටන් ගන්නා. හැබැයි ක්‍රීඩකයින්ගේ හෝ වෙන කාගේවත් සෞඛ්‍ය තත්වය අවධානමකට දාලා අපි ඒ වැඩේ කරන්න කොහෙත්ම සූදානම් නැහැ” යැයි හසන් මහතා අවසන් ලෙස එහි දී පවසන ලදි.

cricbuzz ඇසුරෙනි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<