“එංගලන්තය, ඔබ පාකිස්තානයට ණයයි”

628

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ වුවත් එංගලන්තයේ සංචාරයේ යෙදුණි. හිටපු පාකිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් පවසා සිටින්නේ ඊට කළගුණ සැලකීමක් වශයෙන් එංගලන්තය 2022 වසරේ දී පාකිස්තානයේ සංචාරය කළ යුතු බවයි.

ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අපේ රටේ පවත්වන්න යෝජනාවක්!

කොදෙව් කණ්ඩායම කොරෝනා වයිරස ව්‍යාප්තියට පසුව පළමු වරට එංගලන්තයේ සංචාරය කළ අතර ඉන්පසුව පාකිස්තාන ටෙස්ට් තරගාවලියට පෙර අයර්ලන්ත කණ්ඩායම ද එංගලන්තයේ එක්දින තරගාවලියක් ක්‍රීඩා කළේය.

එංගලන්තයේ ක්‍රීඩා කරන කණ්ඩායම් සියල්ලම අතිශය සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක රඳවන අතර කිසිඳු ක්‍රීඩකයෙකුට COVID-19 පරීක්ෂණයකින් තොරව එම වටපිටාවට ඇතුළ් වීමට ඉඩකඩ නොතිබිනි. සංචාරයේ නිරත කිසිඳු ක්‍රීඩකයෙකුට එම සෞඛ්‍යාරක්ෂිත වටපිටාවෙන් බාහිර සමාජය සමඟ ගනුදෙනු කිරීම සපුරා තහනම් විය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැවැන්ත ආර්ථික අර්බුදයට මද සහනයක් වෙමින් එංගලන්තයේ සංචාරය කිරීම ගැන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් මහතා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ පාකිස්තාන කණ්ඩායමට ස්තූති කර සිටියේය.

පාකිස්තාන හිටපු සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් පවසා සිටියේ අසර් අලි ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ වුවත් එංගලන්තයේ සංචාරය කිරීමට කළගුණ සැලකීමක් වශයෙන් එංගලන්තය ද 2022 වසරේ දී පාකිස්තානයේ සංචාරය කළ යුතු බවයි.

“ඔබලා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හා අපේ රටට ගොඩක් ණයයි, අපි එංගලන්තයට පැමිණි නිසා” අක්‍රම් Sky Sports වෙත පවසා සිටියේය.

කවුරුත් නොදන්න බ්‍රෝඩ්ගේ inhaler එකේ කතාව

“ඔවුන් එංගලන්තයේ සෞඛ්‍යාරක්ෂිත වටපිටාව තුළ මාස දෙක හමාරක් පමණ සිටියා.” 

“ඉතින් හැමදේම හොඳින් සිදුවෙනවා නම් එංගලන්තයත් පාකිස්තානයේ සංචාරයක නිරත විය යුතුයි. මම පොරොන්දු වෙනවා ඔවුන්ට ක්‍රීඩා පිටිය තුළදී මෙන්ම ඉන් පිටත දීත් හොඳ ආරක්‍ෂිත වටපිටාවක් තිබෙනවා කියලා. ඒ වගේම තරගවලට ක්‍රීඩාංගණ පුරවලා ප්‍රේක්ෂකයින් ඉඳියි” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් අක්‍රම් පවසා සිටියේය.

2009 වසරේ දී පාකිස්තානයේ ලාහෝර් හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ සංචාරයේ යෙදීමෙන් වැළකී සිටියේය. එංගලන්තය අවසන් වරට පාකිස්තානයේ සංචාරයක නිරත වී ඇත්තේ 2005-06 වසරවල දී වුවත් අක්‍රම් පවසා සිටින්නේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එංගලන්ත ක්‍රීඩකයින් සහභාගී වීම එංගලන්ත ක්‍රීඩකයින්ගේ විශ්වාසය වැඩි වීමට හේතුවක් වනු ඇති බවයි.

විශ්‍රාම ගිය දෝනි මීළඟට මොනවා කරයි ද?

“එංගලන්ත ක්‍රීඩකයින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරනවා. කරච්චි කිංග්ස් කණ්ඩායමට ඇලෙක්ස් හේල්ස් හා ක්‍රිස් ජෝර්ඩ්න් ක්‍රීඩා කරනවා.” 

“ඔවුන් එම තරගාවලියට ගොඩක් ආදරෙයි. ඔවුන්ව අපි හොඳින් බලාගන්නවා.” 

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<