ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා සංචාරය 2023

1216

එළඹෙන ජුනි 2 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මේ වන විට මිල දී ගැනීමට හැකියාව පවතිනවා.

ප්‍රවේශ පත්‍ර රු.300, රු.400, රු.500 සහ රු.750 දක්වා අගයක් ගනු ලබන අතර අන්තර්ජාල ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ඊයේ (25) සිට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව ඊයේ උදෑසන 9 සිට www.srilankacricket.lk ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි. ප්‍රවේශ පත්‍ර මිල දී ගත් ප්‍රේක්ෂකයින් අදාළ QR කේතය (ඩිජිටල් ක්‍රමයට හෝ මුද්‍රිත ආකාරයට) ක්‍රීඩාංගණයට ඇතුළු වන විට ලබා දිය යුතුයි.

මෙම තරග සංචාරය සඳහා එක්දින තරග 3ක් ඇතුළත් වන අතර එම තරග ජුනි 2, ජුනි 4 සහ 7 වැනිදා උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<