තරග පවා දීමේ චෝදනාව ලැබූ කොදෙව් ක්‍රීඩකයාට තහනමක්

712

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Devon Thomas හට දූෂණ විරෝධී සංග්‍රහය යටතේ චෝදනා හතක් ගොනු කර වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සංග්‍රහය යටතේ, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් දූෂණ සංග්‍රහය යටතේ සහ කැරිබියන් ක්‍රිකට් දූෂණ සංග්‍රහය යටතේ චෝදනා පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියා කටයුතු කර තිබෙනවා.

ඔහුට චෝදනා යොමු කර ඇත්තේ පහත වගන්ති යටතේයි,

  • ශ්‍රී ලංකා ක්‍රිකට් 2.1.1 වගන්තිය.

2021 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයක් පාව දීමට එකඟ වීම හෝ එලෙස කිරීමට උත්සාහ කිරීම. තරග වල ප්‍රතිඵල වලට හෝ අනෙක් අංශයන්ට බලපෑම් එල්ල කිරීම.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් 2.4.4 වගන්තිය.

ලංකා ප්‍රිමියර් තරගාවලියේ දූෂණ හෝ පවා දීම් සිදු කිරීමට ලැබූ ආරාධනා පිළිබඳ සියලු විස්තර අදාළ දූෂණ විරෝධී නිලධාරියාට හැකි ඉක්මනින් දැනුවත් කිරීමට කටයුතු නොකිරීම.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් 2.4.6 වගන්තිය.

නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් හෝ ලේඛන නිවැරදිව සැපයීමට අපොහොසත් වීමෙන් එම නිලධාරියාගේ කටයුතු කිරීමට සාධාරණ හේතුවකින් තොරව අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් 2.4.7 වගන්තිය.

විමර්ශනයට  අවශ්‍ය වන දූෂණ වලට අදාළ සාක්ෂි හෝ ලේඛන වසන් කිරීම හෝ විනාශ කිරීම තුළින් විමර්ශන නිලධාරියාගේ වැඩ වලට බාධා කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම.

  • එක්සත් අරාබි එමීර් ක්‍රිකට් 4.4 වගන්තිය.

අබුඩාබි T10 තරගාවලිය තුළ දූෂණ කටයුතු වලට ලැබුණු ආරාධනා පිළිබඳ තොරතුරු ප්‍රමාදයකින් තොරව අදාළ නිලධාරියාට හෙළි කිරීමට අපොහොසත් වීම.

  • කොදෙව් ක්‍රිකට් 2.4.4 වගන්තිය.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දූෂණ කටයුතු වලට ලැබුණු ආරාධනා පිළිබඳ තොරතුරු ප්‍රමාදයකින් තොරව අදාළ නිලධාරියාට හෙළි කිරීමට අපොහොසත් වීම.

  • කොදෙව් ක්‍රිකට් 2.4.2 වගන්තිය.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමට හෝ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට ලක් වන දෙයක් සඳහා ලැබූ යම් තෑග්ගක් හෝ ප්‍රතිලාභයක් පිළිබඳ අදාළ දූෂණ විරෝධී නිලධාරියාට හෙළි කිරීමට අපොහොසත් වීම.

ඒ අනුව ඉහත කරුණු යටතේ ඔහුට තහනමක් පැනවෙන අතර එයට පිළිතුරු ලබා දීම සඳහා දින 14ක කාලයක් ලබා දී තිබෙනවා.

දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ගැන දැන ගන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<