Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව

IPL 2024

340

මෙතෙක් IPL ඉතිහාසයේ වැඩිම කතාබහට බඳුන් වූ පුවතක් වූ Hardik Pandya නැවත Mumbai Indians සමඟ එක් වීම සහ Pandyaට එහි නායකත්වය ලබා දීමේ සිදුවීම් පිළිබඳ කණ්ඩායම් පුහුණුකරු Mark Boucher විසින් අදහස් දක්වා තිබෙනවා. 

Mumbai Indians කණ්ඩායම සමඟින් සිය IPL ජීවිතය ආරම්භ කල Pandya 2022 IPL තරගාවලියත් සමඟින් Gujarat Titans කණ්ඩායම සමඟ එක් වුනා. එහි දී ඔහු විසින් Gujarat Titans 2022 IPL කිරුල දක්වා ම මෙහෙයවීමට සමත් වූ අතර, 2023 වසරේ දී ද අනුශූරතාව දක්වා රැගෙන යාමට සමත් වුනා. 

නමුත් පසුගිය වසරේ අග භාගයේ දී නැවතත් Pandya Mumbai Indians කණ්ඩායම සමඟින් එක් වූ අතර, එතෙක් කල් Rohit Sharma විසින් දැරූ MI නායකත්වය ද Pandya සතු වුනා. 

Pandya නැවතත් සිය සුපුරුදු කණ්ඩායමට පැමිණීම MI රසිකයින්ගේ මහත් සතුටට කාරණයක් වුවද, කණ්ඩායමේ නායකත්වය Rohitගෙන් ගැලවී යාම සම්බන්ධයෙන් නම් ඔවුන් එතරම් සතුටක් ප්‍රදර්ශනය කළේ නැහැ. 

කෙසේ වෙතත් පසුගිය දා Podcast වැඩසටහනකට සම්බන්ධ වූ Mumbai Indians ප්‍රධාන පුහුණුකරු Mrak Boucher විසින් සඳහන් කළේ එය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් මත පදනම් වී ගත් තීරණයක් බවයි. 

මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම ක්‍රිකට් තීරණයක්. ඉන්දියාවේ ගොඩක් අය තේරුම් ගත්තේ නැහැ, මිනිස්සු ගොඩක් සංවේදී වෙනවා.  

මම හිතන්නේ ඒක ක්‍රිකට් තීරණයක්, එයින් ක්‍රීඩකයකු විදිහට Rohitගෙන් හොඳම දේ ගන්න පුළුවන් වේවී. ඔහුට එළියට ගිහින් විනෝදයෙන් ලකුණු රැස් කරන්න ඉඩ දෙන්න. 

IPL ශූරතා පහක් සඳහා Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමට සමත් වූ Rohit අවසන් තරගාවලි ද්විත්වය තුළ එතරම් කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළේ නැහැ. එමෙන්ම MI කණ්ඩායම ද 2022 වසරේ ලකුණු සටහනේ අඩියට ම වැටුණු අතර, 2023 වසරේ Play-Off වටයෙන් ඉවතට විසි වුනා. කෙසේ වෙතත් ඔහුගේ නායකත්වයේ කිසිඳු අඩුපාඩුවක් නොමැති බවත් Boucher විසින් මෙහි දී සඳහන් කරනවා. 

නමුත් Rohit මේ වනවිටත් ඉන්දීය ජාතික කණ්ඩායමට ද නායකත්වය ලබා දෙන නිසා ඔහු මත ඇති පීඩනය මදකට හෝ ලිහිල් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි Boucher අවධාරණය කරන්නේ. 

“Rohit කියන්නේ අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. අපි මුලු Mumbai Indians කණ්ඩායම සමඟම කතා කළා, අපි හිතුවා ඔහුව ක්‍රීඩකයකු ලෙස සකසා ගැනීමට මෙය අවස්ථාවක් වේවි කියලා. 

ඔහු තවමත් ඉන්දියාවට නායකත්වය ලබා දෙනවා, ඒ නිසා ඔහු වෙත ඇති අවධානය කොහොමත් තියෙනවා. නමුත් ඔහු IPL වෙත පිවිසෙද්දී නායකයකු ලෙස ඔහුට ලැබෙන ඒ අමතර පීඩනය ඉවත් කරමින් Rohit Sharmaගෙන් හොඳම දේ ලබා ගැනීමට පුළුවන් වේවී. ඔහු සිනහ මුසු මුහුණින් යුතුව ක්‍රීඩා කරමින්, ඔහුගේ සුන්දර පවුල සමඟ මද වේලාවක් ගත කරනවා දකින්න අපිට අවශ්‍යයි. 

Pandya වෙත නායකත්වය ලබා දීමේ තීරණයේ පසුබිම Boucher විසින් එසේ පැහැදිලි කරනවා. 

මේ අතරම ඔහු Pandyaගේ නැවත පැමිණීම සහ නායකත්ව හැකියාව පිළිබඳ ව ද මෙසේ අදහස් පළ කළා. 

ඔහු (Pandya) මුම්බායි ඉන්දියන්ස් කොල්ලෙක්. ඔහු වෙන කණ්ඩායමකට ගියා, පළමු වසරේ ම ශූරතාව දිනුවා. දෙවෙනි වසරේ දී අනුශූරතාවෙන් අවසන් කළා. ඉතින් එතන අනිවාර්යයෙන් ම ඉතා හොඳ නායකත්ව කුසලතාවක් තියෙනවා. 

2024 IPL තරගාවලියේ දී Pandyaගේ නායකත්ව කුසලතාව පිළිබඳ මෙන්ම, Rohitගේ නිදහස් පිති ප්‍රහාරය කෙසේ වේද යන්නත් ප්‍රේක්ෂකයින්ට දැක ගත හැකි වනු ඇති. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<