කොදෙව් ක්‍රීඩකයා ව අප්‍රිකාවේ දී මංකොල්ලකයි!

SA20 2024

220

මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන SA20 තරගාවලියට සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වන Fabian Allenව තුවක්කු සහිත මංකොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට හසු වූ සිදුවීමක් වාර්තා වනවා.

SA20 තරගාවලියේ Paar Royals කණ්ඩායම නියෝජනය කරන 28 හැවිරිදි Fabian Allenව පසුගිය දිනෙක ජොහැන්ස්බර්ග් හිදි මංකොල්ලරුවන් කිහිප දෙනෙකුට හසු වී තිබෙනවා. මෙහි දී ඔවුන් තුවක්කුවක් පෙන්වමින් Allanව බිය ගන්වමින් ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සහ තවත් පෞද්ගලික බඩුබාහිරාදිය අඩංගු වූ බෑගයක් පැහැර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජොහැන්ස්බර්ග් හි පිහිටි Sandton Sun හෝටලය අසල දී මෙය සිදු වී ඇති අතර, Paar Royals, SA20 සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් (CWI) සම්බන්ධ මූලාශ්‍ර මගින් මෙම සිදුවීමේ සත්‍ය බව තහවුරු වූ බවයි Cricbuzz වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

මෙහි දී Allanට කිසිඳු අන්දමක ශාරීරික තුවාලයක් සිදු වී නොමැති බව තහවුරු කළ CWI මූලාශ්‍රය විසින් සිදුවීමෙන් පසුව ඔවුන් Allan හා සම්බන්ධ වූ බව ද තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Paar Royals කළමනාකාරිත්වයෙන් විමසූ මොහොතේ ඔවුන් මෙයට කිසිඳු ප්‍රතිචාරයක් නිල වශයෙන් දක්වා තිබුණේ නැහැ. එමෙන්ම Cricbuzz විසින් Fabian Allenව සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ද ව්‍යර්ථ වී තිබෙනවා.

මේ අතරම මෙම සිදුවීම SA20 තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ තරමක ගැටලුවක් ද ඉතිරි කරනවා.

පසුගිය ජනවාරි මාසයේ 10 වැනි දා ආරම්භ වූ මෙම තරගාවලිය මේ වන විට අවසන් වටය දක්වා ම පැමිණ ඇති අතර, අද (06) තරගාවලියේ Qualifier 1 තරගය Sunrisers Eastern Cape සහ Durban Super Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. එමෙන්ම Allan නියෝජනය කරන Paar Royals කණ්ඩායම හෙට (07) දිනයේ දී Johannesburg Super Kings කණ්ඩායම සමඟින් Eliminator තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන සෙනසුරාදා (10) පැවැත්වෙනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<