කාන්තා ජාතික සුපර් ලීගයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Women's National Super League 2024

150

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන 2024 කාන්තා ජාතික සුපර් ලීගය සඳහා තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

පන්දුවාර 50 සහ පන්දුවාර 20 යන තරග රටා ද්විත්වය ම ඔස්සේ පළමු වරට පැවැත්වීමට නියමිත මෙම කාන්තා ජාතික සුපර් ලීග් තරගාවලිය සඳහා (WNSL) කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල ලෙස කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිතයි.

මෙම කණ්ඩායම් හතර නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට මෙවර තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා වනු ඇති අතර, මෙම තරගාවලිය දක්ෂතා දක්වන යොවුන් ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමට පැමිණීමට මහඟු අවස්ථාවක් වනු ඇති.

මෙහි දී පළමුවෙන් ම එක්දින තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය හෙට (06) කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල්, BRC සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, හෙට දිනයේ දී දඹුල්ල සහ ගාල්ලත්, කොළඹ සහ මහනුවරත් එකිනෙකා හා තරග වදිමින් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි.

එක්දින තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම අනෙක් කණ්ඩායම් තුන සමඟින් තරග වැදීමට නියමිත අතර, මූලික වටය අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කණ්ඩායම් ද්විත්වය පෙබරවාරි 12 වැනි දා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

එක්දින තරගාවලියේ කාලසටහන:

දිනය තරගය ක්‍රීඩාංගණය තරගය ක්‍රීඩාංගණය
Home Away Home Away
අඟහරුවාදා,

පෙබරවාරි 6, 2024

Dambulla Galle P Sara Colombo Kandy Colts
බ්‍රහස්පතින්දා,

පෙබරවාරි 8, 2024

Galle Colombo P Sara Kandy Dambulla Colts
සෙනසුරාදා,

පෙබරවාරි 10, 2024

Dambulla Colombo P Sara Kandy Galle BRC
සඳුදා,

පෙබරවාරි 12, 2024

අවසන් මහා තරගය – පළමු ස්ථානය සහ දෙවන ස්ථානය – Colts

එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව එළඹෙන 15 වැනි දා විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, පෙර තරග රටාව ඔස්සේ ම මෙම කණ්ඩායම් හතර තරග වැදීමෙන් පසුව විස්සයි විස්ස ශූරියන් සොයා ගැනීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි මස 20 වැනි දා පැවැත්වෙනු ඇති.

විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන:

දිනය උදෑසන තරගය ක්‍රීඩාංගණය සවස තරගය ක්‍රීඩාංගණය
Home Away Home Away
බ්‍රහස්පතින්දා,

පෙබරවාරි 15, 2024

Dambulla Galle Colts Colombo Kandy Colts
සෙනසුරාදා,

පෙබරවාරි  17, 2024

Dambulla Colombo Colts Kandy Galle Colts
සඳුදා,

පෙබරවාරි 19, 2024

Galle Colombo Colts Kandy Dambulla Colts
අඟහරුවාදා,

පෙබරවාරි 20, 2024

අවසන් මහා තරගය – පළමු ස්ථානය සහ දෙවන ස්ථානය – Colts

තරගාවලි ද්විත්වයේ ම සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<