ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 165 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට චාමික ගුණසේකර විසින් සමත් වූ අතර, ඔහුත් සමඟ වේගපන්දු යවන්නන් තිදෙනෙක් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්. කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරමින් සිටි රමේෂ් මෙන්ඩිස් වෙනුවට චාමිකත්, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු යුගලයත් අද තරගයේ දී වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වුනා.
ධනංජය ද සිල්වා තමන් විසින් නායකත්වය දරන පළමු ටෙස්ට් තරගයේ දී ම කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔහුගේ තීරණය අනුව ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.
ඇෆ්ගනිස්තානයේ පළමු කඩුල්ල ලෙස Ibrahim Zadran ව තරගයේ දෙවැනි පන්දුවෙන් ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු විසින් සමත් වූ අතර ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 57 දී දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු විසින් සමත් වුනා.
- ශ්‍රී ලංකා යෞවනියන් තුන්කොන් ශූරියන් බවට පත් වෙයි
- ලෝක කුසලානයේ ඉදිරිය තීරණය කරන තරගයට පෙර
- ධනංජයගේ අභිෂේක මංගල්‍යය
- ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයට ඇෆ්ගන් සංචිතය නම් කරයි
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වූ Rahmat Shah විසින් ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඔහුට අනෙක් පාර්ශවයෙන් සැලකිය යුතු තරම් සහයක් නොලැබීම නිසා ඇෆ්ගන් ඉනිම පන්දුවාර 62 පන්දු 4ක් තුළ ලකුණු 198කට සීමා වුනා.
මෙහි දී වේගපන්දු යවන්නන් තිදෙනෙකු යොදා ගනිමින් තරගයට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට සාධාරණයක් ඉටු කළ විශ්ව සහ අසිත විසින් ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා. අනෙක් කඩුලු තුනම ප්‍රභාත් ජයසූරිය සතු වූ අතර, අවාසනාවන්ත ලෙස චාමික ගුණසේකරට සිය මංගල ටෙස්ට් ඉනිමේ දී කඩුල්ලක් දවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ඇෆ්ගනිස්තාන පළමු ඉනිමේ නිමාවෙන් පසුව අද සවස් භාගයේ දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු අතර, ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක අද දිනය අවසන් වන තුරු කඩුල්ලේ නොදැවී රැඳී සිටීමට සමත් වුනා.
දිනය නිමා වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 80ක් සටහන් වී තිබූ අතර ඔවුන් ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දුවාර 14ක් පමණයි. මෙහි දී දිමුත් විසින් පන්දු 37කින් ලකුණු 42ක් ලබා ගනිමින් තරමක් වේගවත් ඉනිමකට ආරම්භය ලබා ගත්තා.
- ඇෆ්ගනිස්තාන පළමු ඉනිම – 198/10 (62.4) Rahmat Shah 91, විශ්ව ප්‍රනාන්දු 4/51, අසිත ප්‍රනාන්දු 3/24, ප්‍රභාත් ජයසූරිය 3/67
- ශ්‍රී ලංකා පළමු ඉනිම – 80/0 (14) දිමුත් කරුණාරත්න 42, නිශාන් මදුශ්ක 36
තරගයේ දෙවන දිනය හෙට (03) ක්‍රියාත්මක වීමට නියමිතයි.
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ibrahim Zadran | lbw b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Noor Ali Zadran | c & b Vishwa Fernando | 31 | 46 | 5 | 0 | 67.39 |
Rahmat Shah | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 91 | 139 | 13 | 0 | 65.47 |
Hashmatullah Shahidi | c Sadeera Samarawickrama b Vishwa Fernando | 17 | 45 | 1 | 0 | 37.78 |
Nasir Jamal | b Prabath Jayasuriya | 0 | 7 | 0 | 0 | 0.00 |
Ikram Alikhil | c Nuwanidu Fernando b Vishwa Fernando | 21 | 50 | 3 | 0 | 42.00 |
Qais Ahmed | lbw b Prabath Jayasuriya | 21 | 44 | 1 | 1 | 47.73 |
Zia-ur-Rehman | lbw b Vishwa Fernando | 4 | 11 | 1 | 0 | 36.36 |
Nijat Masood | c & b Asitha Fernando | 12 | 24 | 1 | 1 | 50.00 |
Naveed Zadran | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Mohammad Saleem | b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0) |
Total | 198/10 (62.4 Overs, RR: 3.16) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 14.4 | 1 | 24 | 3 | 1.67 | |
Vishwa Fernando | 12 | 1 | 51 | 4 | 4.25 | |
Chamika Gunasekara | 9 | 1 | 50 | 0 | 5.56 | |
Prabath Jayasuriya | 25 | 7 | 67 | 3 | 2.68 | |
Dhananjaya de Silva | 2 | 0 | 6 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Noor Ali Zadran b Naveed Zadran | 37 | 53 | 6 | 0 | 69.81 |
Dimuth Karunaratne | c Ibrahim Zadran b Qais Ahmed | 77 | 72 | 12 | 0 | 106.94 |
Kusal Mendis | c Zia-ur-Rehman b Nijat Masood | 10 | 22 | 1 | 0 | 45.45 |
Angelo Mathews | hit-wicket b Qais Ahmed | 141 | 259 | 14 | 3 | 54.44 |
Dinesh Chandimal | c Ikram Alikhil b Naveed Zadran | 107 | 181 | 10 | 1 | 59.12 |
Dhananjaya de Silva | run out (Hashmatullah Shahidi) | 0 | 1 | 0 | 0 | 0.00 |
Sadeera Samarawickrama | c Rahmat Shah b Naveed Zadran | 27 | 33 | 4 | 1 | 81.82 |
Chamika Gunasekara | retired | 16 | 27 | 2 | 0 | 59.26 |
Prabath Jayasuriya | b Naveed Zadran | 2 | 8 | 0 | 0 | 25.00 |
Vishwa Fernando | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Asitha Fernando | b Nijat Masood | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 22 (b 5 , lb 9 , nb 3, w 5, pen 0) |
Total | 439/10 (109.2 Overs, RR: 4.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nijat Masood | 19.2 | 3 | 76 | 2 | 3.96 | |
Mohammad Saleem | 12.1 | 0 | 57 | 0 | 4.71 | |
Naveed Zadran | 22.5 | 4 | 83 | 4 | 3.69 | |
Zia-ur-Rehman | 28 | 2 | 90 | 0 | 3.21 | |
Qais Ahmed | 22 | 2 | 98 | 2 | 4.45 | |
Rahmat Shah | 3 | 0 | 10 | 0 | 3.33 | |
Hashmatullah Shahidi | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ibrahim Zadran | b Prabath Jayasuriya | 114 | 259 | 12 | 0 | 44.02 |
Noor Ali Zadran | lbw b Asitha Fernando | 47 | 136 | 5 | 0 | 34.56 |
Rahmat Shah | c Sadeera Samarawickrama b Kasun Rajitha | 54 | 119 | 5 | 0 | 45.38 |
Hashmatullah Shahidi | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 18 | 37 | 3 | 0 | 48.65 |
Nasir Jamal | not out | 41 | 67 | 5 | 1 | 61.19 |
Ikram Alikhil | c Kusal Mendis b Asitha Fernando | 1 | 6 | 0 | 0 | 16.67 |
Qais Ahmed | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 1 | 3 | 0 | 0 | 33.33 |
Zia-ur-Rehman | b Prabath Jayasuriya | 0 | 11 | 0 | 0 | 0.00 |
Naveed Zadran | b Prabath Jayasuriya | 4 | 14 | 1 | 0 | 28.57 |
Nijat Masood | c Sadeera Samarawickrama b Kasun Rajitha | 0 | 0 | 0 | 0 | 0.00 |
Mohammad Saleem | c Dhananjaya de Silva b Asitha Fernando | 2 | 9 | 0 | 0 | 22.22 |
Extras | 14 (b 1 , lb 6 , nb 1, w 6, pen 0) |
Total | 296/10 (112.3 Overs, RR: 2.63) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 14 | 3 | 37 | 0 | 2.64 | |
Asitha Fernando | 21.3 | 2 | 63 | 3 | 2.96 | |
Kasun Rajitha | 20 | 5 | 59 | 2 | 2.95 | |
Prabath Jayasuriya | 47 | 10 | 107 | 5 | 2.28 | |
Dhananjaya de Silva | 10 | 1 | 23 | 0 | 2.30 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | not out | 32 | 22 | 3 | 1 | 145.45 |
Nishan Madushka | not out | 22 | 23 | 4 | 0 | 95.65 |
Extras | 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 56/0 (7.2 Overs, RR: 7.64) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Zia-ur-Rehman | 3 | 0 | 12 | 0 | 4.00 | |
Naveed Zadran | 3 | 0 | 30 | 0 | 10.00 | |
Nijat Masood | 1 | 0 | 5 | 0 | 5.00 | |
Qais Ahmed | 0.2 | 0 | 8 | 0 | 40.00 |