ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තෙදින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වැනිදා සිට එළැඹෙන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැත්වෙන බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර ද මෙම තරගාවලිය කණ්ඩායම් 12ක් කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැත්විමට නියමිතයි.
පෙර වසරේ මෙම තරගාවලියේ ජයග්‍රාහී SSC කණ්ඩායම මෙවර Major Club සිව් දින තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර ඒ වෙනුවට එම තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසානයා වූ Chilaw Marians CC කණ්ඩායම B කාණ්ඩයෙන් මෙවර මෙම තරගාවලියට එක් කර තිබෙනවා.
ඊට අමතර ව නිමා වූ වසරේ මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසානයා වූ Colombo Malay CC කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට දෙවැනි පෙළ ජයග්‍රාහකයන් වූ Kurunegala SC කණ්ඩායම A කාණ්ඩයෙන් මෙවර මෙම තරගාවලිය හා එක් කර තිබෙනවා.
Group A
Negombo CC, United Southern SC, SL Army SC, Kandy Custom SC, Galle CC, Kurunegala SC
Group B
Chilaw Marians CC, Leo CC, Moratuwa SC, Ragama CC, Sebastianite C & AC, Navy SC
තරගාවලියේ පළමු වටයේ තරග එළැඹෙන වසරේ දෙසැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව නිමා වන එම වටයේ තරගවලදී එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන 3ට පත් වෙන කණ්ඩායම් සුපිරි 6 තරගාවලිය සඳහා ද ඉතිරි කණ්ඩායම් Plate තරගාවලිය සඳහා ද එක් කර ගනිමින් තරගාවලිය තව දුරටත් පැවැත්විමට නියමිතයි.
ඒ අනුව පැවැත්වෙන එම වටයේ තරගාවලියේ තරග එළැඹෙන වසරේ ජනවාරි මස 08 වැනිදා සිට 24 වැනිදා දක්වා ද පැවැත්විමට යෝජිතයි.
- Major Club සිව් දින තරගාවලියට දින වෙන් කරයි
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනී
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
- Moors SC ක්රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්රේබෲක් පෙදෙසට රැගෙන යයි
තරගාවලියේ පළමු වටයේ කාලසටහන
| Date | Host | Opponent | Venue |
| 2026 නොවැම්බර්
27-29
|
Negombo CC | Kurunegala SC | කොළඹ, BRC |
| United Southern SC | Galle CC | අනුරාධපුර, සාලියපුර යුද හමුදා | |
| SL Army SC | Kandy Custom SC | පනාගොඩ යුද හමුදා | |
| Chilaw Marians CC | Navy SC | පානදුර | |
| Leo CC | Sebastianite C & AC | කටුනායක, ගුවන් හමුදා | |
| Moratuwa SC | Ragama CC | TBC | |
| 2026 දෙසැම්බර් 4-6
|
Galle CC | Negombo CC | කටුනායක, ගුවන් හමුදා |
| Kandy Custom SC | Kurunegala SC | දොඹගොඩ, යුද හමුදා | |
| United Southern SC | SL Army SC | අනුරාධපුර, සාලියපුර යුද හමුදා | |
| Sebastianite C & AC | Chilaw Marians CC | කොළඹ, BRC | |
| Navy SC | Ragama CC | වැලිසර නාවික හමුදා | |
| Moratuwa SC | Leo CC | TBC | |
| 2026 දෙසැම්බර් 11-13
|
Negombo CC | Kandy Custom SC | කටුනායක, ගුවන් හමුදා |
| SL Army SC | Galle CC | පනාගොඩ, යුද හමුදා | |
| Kurunegala SC | United Southern SC | TBC | |
| Ragama CC | Chilaw Marians CC | සාලාව, යුද හමුදා | |
| Sebastianite C & AC | Moratuwa SC | කොළඹ, BRC | |
| Navy SC | Leo CC | වැලිසර, නාවික හමුදා | |
| 2026 දෙසැම්බර් 18-20
|
Negombo CC | SL Army SC | කටුනායක, ගුවන් හමුදා |
| Kandy Custom SC | United Southern SC | දොඹගොඩ, යුද හමුදා | |
| Kurunegala SC | Galle CC | TBC | |
| Chilaw Marians CC | Moratuwa SC | TBC | |
| Leo CC | Ragama CC | කොළඹ, BRC | |
| Navy SC | Sebastianite C & AC | වැලිසර, නාවික හමුදා | |
| 2026 දෙසැම්බර් 27-29
|
United Southern SC | Negombo CC | වැලිසර නාවික හමුදා |
| SL Army SC | Kurunegala SC | පනාගොඩ, යුද හමුදා | |
| Galle CC | Kandy Custom SC | TBC | |
| Chilaw Marians CC | Leo CC | පනාගොඩ, යුද හමුදාව | |
| Moratuwa SC | Navy SC | TBC | |
| Ragama CC | Sebastianite C & AC | කොළඹ, Bloomfield |
Tier B ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















