අසල්වාසී අවිශ්ක සහ පැතුම් තරගයට ශතක රැස් කරයි

Major Clubs Limited Over Tournament 2023/24

7011
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (17) දවසේ දී ද ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුණ අතර එම තරගවල දී අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ශතක ලබා ගැනීම කැපී පෙණුනා.

SSC කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දු NCC කණ්ඩායමට එරෙහිව පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත් අතර NCC කණ්ඩායම නියෝජනය කළ පැතුම් නිස්සංක SSC කණ්ඩායමට එරෙහිව පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 135ක් ලබා ගත්තා.

මේ අතර අද නිමා වූ තරගවල දී Ace Capital CC කණ්ඩායමේ රමිදු විජේසූරිය, SSC  නිපුන් ධනංජය, චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

  • Tamil Union C & AC සහ Negombo CC

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ. C

o කාසියේ වාසිය – Tamil Union C & AC

Tamil Union C & AC- කඩුලු 9ක් දැවී 124 (20.0) සිතාර හපුහින්න 20, රවිඳු ප්‍රනාන්දු 23, කවිඳු පතිරත්න නොදැවී 31, මාධව වර්ණපුර 2/24, ධනුශ්ක සඳරුවන් 4/15

Negombo CC – කඩුලු 4ක් දැවී 108 (15.2) මිලින්ද සිරිවර්ධන නොදැවී 69, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 16, දිලුම් සුදීර 1/05

තරගයේ විසඳුමක් නෑ.

Group B

  • Army SC සහ Baduraliya SC

o ක්‍රීඩාංගණය – SLAOCIC Stadium, දොඹගොඩ.

o කාසියේ වාසිය – Army SC

Army SC – කඩුලු 7ක් දැවී 214 (49.0) ශෙහාන් ප්‍රනාන්දු 38, දිනේෂ් චන්දිමාල් 49, සුමින්ද ලක්ෂාන් 30, පැතුම් කුමාර නොදැවී 25, සීක්කුගේ ප්‍රසන්න 22, අනුක් ප්‍රනාන්දු 2/27, චානක කොමසාරු 2/58, Parvez Rasool 3/47

Baduraliya SC – සියලුම දෙනා දැවී 139 (42.3) රනේෂ් සිල්වා 31, රොහාන් සංජය 22, ගයාන් බණ්ඩාර 2/32, සීක්කුගේ ප්‍රසන්න 2/34, සුමින්ද ලක්ෂාන් 2/38, ලක්ෂාන් එදිරිසිංහ 2/02

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ලකුණු 75ක ජයක්.

  • Nugegoda SWC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – ද සොයිසා , මොරටුව.

o කාසියේ වාසිය – Bloomfield C & AC

Bloomfield C & AC – කඩුලු 2ක් දැවී 18 (5.0) හසිත බෝයගොඩ 08, ලහිරු ගමගේ 1/07

තරගයේ විසඳුමක් නෑ.

  • Ace Capital CC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Panadura SC

Panadura SC – සියලුම දෙනා දැවී 204 (48.1) තනුක දාබරේ 27, සිතාර ගිම්හාන් 25, හර්ෂ කුරේ 38, රවිඳු රත්නායක 39, ට්‍රෙවීන් මැතිව් 2/45, රජීව වීරසිංහ 3/26, විශ්ව ලහිරු 2/37

Ace Capital CC – කඩුලු 7ක් 178 (40) රමිදු විජේසූරිය 89, නිමන්ත පීරිස් 31, වනුජ සහන් 2/32, රොෂාන් ජයතිස්ස 2/44

Panadura SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 7ක ජයක්.

  • SSC සහ NCC

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 07.

o කාසියේ වාසිය – NCC

SSC – කඩුලු 7ක් දැවී 337 (45.0) අවිශ්ක ප්‍රනාන්දු 100, නිපුන් ධනංජය 56, කුසල් මෙන්ඩිස් 25, චරිත් අසලංක 61, දසුන් ශානක නොදැවී 53, සම්පත් නිශ්ශංක 2/75, අසේල් සිගේරා 2/76, ලසිත් අඹුල්දෙණිය 3/59

NCC – කඩුලු 6ක් දැවී 248 (35.0) පැතුම් නිස්සංක 135, කමිල් මිශාර 36, සහන් ආරච්චිගේ 40, ප්‍රභාත් ජයසූරිය 2/48

SSC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 14ක ජයක්.

  • Chilaw Marians CC සහ BRC

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – BRC

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 137 (29.3) විශ්ව චතුරංග 48, කසුන් විදුර 21, කවිඳු නිර්මාන 30, Murvin Abinash 2/23, දුශාන් හේමන්ත 3/17

BRC – සියලුම දෙනා දැවී 113 (33.3) දුල්ශාන් උදයංග නොදැවී 38, තික්ෂිල ද සිල්වා 3/26, අවිඳු තීක්ෂණ 2/21, පුලින තරංග 3/31, ලසිත් ලක්ෂාන් 2/14

Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<