සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට

Zimbabwe tour of Sri Lanka 2023

925

තරග හයකින් යුත් සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා සහභාගී වීමට සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ජනවාරි මස 6 වැනිදා ආරම්භ වී 18 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර මෙම තරගාවලිය පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් 2024 එක්දින ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමත් සමඟ තරග සියල්ල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග දිවා /රාත්‍රි තරග ලෙසත්, විස්සයි විස්ස තරග රාත්‍රි තරග ලෙසත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලි කාලසටහන,

  • පළමු එක්දින තරගය – ජනවාරි 06 (කොළඹ)
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 08 (කොළඹ)
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 11 (කොළඹ)
  • පළමු විස්සයි විස්ස තරගය – ජනවාරි 14 (කොළඹ)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 16 (කොළඹ)
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 18 (කොළඹ)

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<