සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි!

1890

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස පත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති පත්වීමට අනුව සනත් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල කාර්යසාධන මධ්‍යස්ථානය (High Performance Center) සමඟ සෘජුවම කටයුතු කරනු ඇති.

මෑතකාලීන ව ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ තරමක් දරුණු බිඳ වැටීමක් ඇති වූ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අසාර්ථක එක්දින ලෝක කුසලානයක් නිමා කරද්දී, වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ඊයේ (14) දිනයේ දී යොවුන් ආසියානු කුසලානයේ මූලික වටයෙන් ද ඉවතට විසි වී ගියා.

මෙම පසුබෑමෙන් පසු නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම වෙනුවෙන් සකස් කරන සැලසුම් සඳහා සහය ලබා ගැනීමට සනත්ගේ නම ඉදිරිපත් වූ බව වටහා ගත හැකියි.

ඒ අනුව මෙම තනතුරේ දී සනත් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි කනිෂ්ඨ සිට ජාතික මට්ටම් දක්වා සෑම මට්ටමකම විශිෂ්ටත්වය නංවාලීම සඳහා පැහැදිලි සහ ඵලදායී සංවර්ධන සැලසුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වත්මන් ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනය සහ විශ්ලේෂණ කිරීමේ වගකීම දරනු ඇති.

දේශීය ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<