Home Sinhala SSC සහ Police සම ශූරයන් වේ

SSC සහ Police සම ශූරයන් වේ

SLC Major Clubs 3-Day Tournament 2023

418

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් ලෙසින් SSC කණ්ඩායම සහ Police කණ්ඩායම අද (11) නම් කෙරුණා.

මෙම කණ්ඩායම් 2 අතර පැවැති අවසන් මහා තරගය සිවු දින තරගයක් ලෙසින් කොළඹ 7, NCC පිටියේ දී ක්‍රියාත්මක වූ අතර 2 වැනි සහ 4 වැනි දින 2ක් ම අයහපත් ක්‍රීඩාංගණයේ තත්ත්වය මත එකඳු පන්දුවක් හෝ නොයවා බිලි වූ අතර 3 වැනි දිනයේ ද යැවුණේ පන්දු 10ක් පමණයි.  

>>Photos – SSC vs Police SC | SLC Major Clubs League Tournament 2023/24 | Final – Day 4<<

තරගයේ ආරම්භක දිනයේ දී පන්දුවාර 63ක් යැවුණ අතර ඒ අනුව සම්පූර්ණ තරගය ම පන්දුවාර 64.4කට පමණක් සීමා වූවා. ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.  

අවසන් මහා තරගය, NCC, දෙසැම්බර් 08 – 11, 2023, SLC Major League Tournament 

  • ක්‍රීඩාංගණය – NCC, කොළඹ 
  • කාසියේ වාසිය – Police  

SSC – පළමු ඉනිම  පන්දුවාර 64.4ක දී කඩුලු 3ක් දැවී 254 (ශෙවෝන් ඩැනියෙල් 56, අවිශ්ක ප්‍රනාන්දු 107, නිපුන් ධනංජය 40, කුසල් මෙන්ඩිස් නොදැවී 29, චාරුක ප්‍රමෝද් 1/54) 

තරගයේ විසඳුමක් නෑ.  

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛත ම ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක දී ශූරයන් වූ වාර්තාව තව දුරටත් දිගු කර ගැනීමට SSC කණ්ඩායම සමත් වූවා. ඔවුන් මේ දක්වා අවස්ථා 33ක දී ශූරතා දිනා තිබෙනවා. ඒ අතර 1985-86 සහ 1988-89 වසරවල දී NCC කණ්ඩායම සමඟ ද, 1994-1995 වසරේ Bloomfield කණ්ඩායම සමඟ ද ඔවුන් සම ශූරතා දිනා තිබෙනවා. 

 Police කණ්ඩායම මෙම ශූරතාවේ උණුසුම ලබන්නේ පළමු වරටයි.  

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මාලින්ද පුෂ්පකුමාර (Police SC)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – ලහිරු උදාර (NCC)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – රවිඳු ප්‍රනාන්දු (Tamil Union C & AC) 
  • අවසන් තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (SSC)

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.

Result

Match drawn

Sinhalese Sports Club
254/3 (64.4)

Police Sports Club


Batsmen R B 4s 6s SR
Shevon Daniel c Kusal Perera b Malinda Pushpakumara 56 88 7 0 63.64
Avishka Fernando c Priyamal Perera b Nalin Priyadarshana 107 137 9 3 78.10
Nipun Dhananjaya c Malinda Pushpakumara b Charuka Pramod 40 75 2 0 53.33
Kusal Mendis not out 29 55 3 0 52.73
Nuwanidu Fernando not out 10 33 1 0 30.30


Extras 12 (b 6 , lb 0 , nb 0, w 6, pen 0)
Total 254/3 (64.4 Overs, RR: 3.93)
Bowling O M R W Econ
Malinda Pushpakumara 19 1 65 1 3.42
Danal Hemananda 7 0 34 0 4.86
Charuka Pramod 12 0 54 1 4.50
Nalin Priyadarshana 16 1 64 1 4.00
Chathuranga Kumara 9.4 2 26 0 2.77
Priyamal Perera 1 0 5 0 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<