අකිල, ඩැනියෙල්, තරිඳු සහ රවිඳු සුවිශේෂී කඩඉම්වලට

 SLC Major Club 3 Day Tournament 2023

351
 SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ අවසන් දවසේ දී තම පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට අකිල ධනංජය, අශේන් ඩැනියෙල්, තරිඳු හර්ෂන සහ රවිඳු ප්‍රනාන්දු සමත් වූවා.

Colts කණ්ඩායම නියෝජනය කරන අකිල ධනංජය, Ragama කණ්ඩායමට එරෙහිව ලකුණු 56කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ තරග 72ක පළමු පෙළ හොඳම පන්දු යැවීමයි.

ඔහු මේ වෙනුවෙන් පන්දුවාර 18ක් යැවූ අතර ඉන් පන්දුවාර 2ක් නිලකුණු පන්දුවාර ලෙසින් සටහන් වුනා. පළමු ඉනිමේ දී ද ලකුණු 100කට කඩුලු 6ක් දවා ගත් අකිල මෙම තරගයේ දී ලකුණු 156කට කඩුලු 15ක් දවා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතර ව NCC කණ්ඩායමේ අශේන් ඩැනියෙල් අද Bloomfield කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත් අතර ඒ සමඟින් ඔහු තරග 31ක් වන පළමු පෙළ තරගවල දී කඩුලු 100 කඩඉම පසු කිරීමට සමත් වූවා.

මේ අතර තම 2 වැනි පළමු පෙළ තරගයට මුහුණ දුන් Tamil Union කණ්ඩායමේ තරිඳු හර්ෂන, Badureliya කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගනිමින් තම මංගල ශතකය වාර්තා කිරීමට සමත් වූවා.

පෙර දින නොදැවී ලකුණු 62ක් ලබා සිටි ඔහු තම ඉනිම නිමා වෙන විට පන්දු 202කට මුහුණ දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා.

එම කණ්ඩායමේ ම රවිඳු ප්‍රනාන්දු ද පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 134ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 28ක් වූ පළමු පෙළ තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

මේ අතර Police කණ්ඩායමේ හේෂාන් ධනුෂ්ක, Kurunegala Youth කණ්ඩායමට එරෙහිව පන්දු 222කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 119ක් ලබා ගනිද්දී BRC කණ්ඩායමේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ SSC කණ්ඩායමට එරෙහිව පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.

ඊට අමතර ව දිනයේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ, Negombo කණ්ඩායමේ හිමාෂ ලියනගේ, කණ්ඩායමේ ඔෂඳ ප්‍රනාන්දු සහ ශාලිත් ප්‍රනාන්දු, Bloomfield කණ්ඩායමේ යොහාන් ද සිල්වා, අසිත වන්නිනායක, මිනෙත් ප්‍රේමරත්න සහ නිපුන් කරුණානායක, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා, Police කණ්ඩායමේ චාමර සිල්වා, BRC කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ, Tamil Union කණ්ඩායමේ ධනංජය ද සිල්වා එක් වුනා.

පන්දු යැවීමේ දී NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සහ Sebastianites කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

  • CCC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – පල්ලෙකැලේ

o කාසියේ වාසිය – Panadura SC

CCC – පළමු ඉනිම පන්දුවාර 118.0ක දී කඩුලු 7ක් දැවී 392 (මිනෝද් භානුක 73, කමිඳු මෙන්ඩිස් 103, පවන් රත්නායක 21, අශාන් ප්‍රියංජන් 58, සොනාල් දිනූෂ නොදැවී 52, අංජල බණ්ඩාර 33, යශාන් අවිශ්ක 2/77, නිමේෂ් විමුක්ති 2/122, හෂාන් සංදීප 2/50)

තරගයේ විසඳුමක් නෑ.

  • Ragama SC සහ Colts CC

o ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන

o කාසියේ වාසිය – Ragama SC

Ragama SC – පළමු ඉනිම පන්දුවාර 55.4ක දී සියලුම දෙනා දැවී 231 (යොහාන් ලියනගේ 32, ජනිත් ලියනගේ 35, අවිශ්ක තරිඳු 26, රන්මිත් ජයසේන 21, දුලාජ් බණ්ඩාර 27, නිපුන් මාලිංග 30, උදිත් මධුශාන් 2/42, අකිල ධනංජය 6/100

Colts CC – පළමු ඉනිම පන්දුවාර 74.4ක දී සියලුම දෙනා දැවී 334 (සංගීත් කුරේ 68, ධනංජය ලක්ෂාන් 42, ශලින් ද මෙල් 31, රවිඳු රශාන්ත 59, මුදිත ලක්ෂාන් 79, ශෂික දුල්ශාන් 3/120, යොහාන් ලියනගේ 4/69)

Ragama SC – දෙවැනි ඉනිම පන්දුවාර 35.5ක දී සියලුම දෙනා දැවී 142 (නිශාන් මධුශ්ක 24, සමින්ද ප්‍රනාන්දු 48, අකිල ධනංජය 9/56)

Colts CC – දෙවැනි ඉනිම පන්දුවාර 7.1ක දී කඩුලු 3ක් දැවී 44 (සංගීත් කුරේ 21, ශෂික දුල්ශාන් 2/28)

Colts කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • Sri Lanka Army SC සහ Negombo CC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක

o කාසියේ වාසිය – Sri Lanka Army SC

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියලුම දෙනා දැවී 238 (පැතුම් බොතේජු 29, අසේල ගුණරත්න 45, දිනේෂ් චන්දිමාල් 62, පැතුම් කුමාර 37, චනුර ප්‍රනාන්දු 2/42, නිශාන් පීරිස් 6/79, උපුල් ඉන්ද්‍රසිරි 2/57)

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 95.0ක දී සියලුම දෙනා දැවී 252 (අශේන් සිල්වා 46, ඇන්ජලෝ ජයසිංහ 27, හිමාෂ ලියනගේ 83, මිලින්ද සිරිවර්ධන 22, Jatin Saxena 40, කෞමාල් නානායක්කාර 2/44, ෂෙහඳ සොයිසා 2/44, ගයාන් බණ්ඩාර 2/65, ලක්ෂාන් එදිරිසිංහ 2/40)

Sri Lanka Army SC – දෙවැනි ඉනිම පන්දුවාර 14.0ක දී කඩුලු 3ක් දැවී 56 (ෂෙහඳ සොයිසා නොදැවී 22, ධනුෂ්ක සඳරුවන් 2/19)

තරගයේ විසඳුමක් නෑ.

  • Galle CC සහ Nugegoda S&WC

o ක්‍රීඩාංගණය – ගාල්ල

o කාසියේ වාසිය – Galle CC

Galle CC – පළමු ඉනිම පන්දුවාර 89.0ක දී කඩුලු 8ක් දැවී 353 (ඉරෝෂ් සමරසූරිය 84, Raghav Dhawan 26, බුද්ධික හසරංග 34, ශාලිත් ප්‍රනාන්දු 65, පසිඳු මධුශාන් නොදැවී 54, සචිත්‍ර පෙරේරා 56, චලන ද සිල්වා 3/89, සඳුන් මධුශංක 4/100)

Nugegoda S&WC – පළමු ඉනිම පන්දුවාර 80.2ක දී සියලුම දෙනා දැවී 284 (තිලකරත්න සම්පත් 34, රුමේෂ් බුද්ධික 43, රාහුල් ගුණසේකර 78, කෙවින් පෙරේරා 38, රනිත ලියනාරච්චි 45, සුවත් මෙන්ඩිස් 20, උමේග චතුරංග 2/49, සචිත්‍ර පෙරේරා 3/71, තරින්ද ගුරුගේ 3/76)

Galle CC – දෙවැනි ඉනිම පන්දුවාර 25.3ක දී කඩුලු 4ක් දැවී 212 (ඉරෝෂ් සමරසූරිය 46, ඔෂඳ ප්‍රනාන්දු 64, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 69)

Nugegoda S&WC – දෙවැනි ඉනිම පන්දුවාර 37.0ක දී කඩුලු 5ක් දැවී 105 (තිලකරත්න ඩිල්ශාන් 23, රුමේෂ් බුද්ධික නොදැවී 36, රාහුල් ගුණසේකර 22)

තරගයේ විසඳුමක් නෑ.

Group B

  • NCC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – Bloomfield

o කාසියේ වාසිය – Bloomfield C & AC

NCC – පළමු ඉනිම පන්දුවාර 84.2ක දී සියලුම දෙනා දැවී 352 (කමිල් මිෂාර 90, කවින් බණ්ඩාර 55, සහන් ආරච්චිගේ 106, අසේල් සිගේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 21, ලහිරු මධුශංක 3/49, සහන් නානායක්කාර 2/69, Hasnain Bokhari 3/43)

Bloomfield C & AC – පළමු ඉනිම පන්දුවාර 60.0ක දී සියලුම දෙනා දැවී 198 (හසිත බෝයගොඩ 72, අසිත වන්නිනායක 46, Hasnain Bokhari 30, ලසිත් ඇඹුල්දෙණිය 5/81, අශේන් ඩැනියෙල් 5/46)

Bloomfield C & AC – දෙවැනි ඉනිම පන්දුවාර 90.1ක දී කඩුලු 4ක් දැවී 312 (යොහාන් ද සිල්වා 92, හසිත බෝයගොඩ 40, අසිත වන්නිනායක 64, මිනෙත් ප්‍රේමරත්න 57, නිපුන් කරුණානායක නොදැවී 51, ලසිත් ඇඹුල්දෙණිය 2/107)

තරගයේ විසඳුමක් නෑ.

  • Moors SC සහ Sebastianites C & AC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – Moors SC

Moors SC – පළමු ඉනිම පන්දුවාර 60.3ක දී සියලුම දෙනා දැවී 175 (මොහොමඩ් ෂමාස් 91, ප්‍රවීන් ජයවික්‍රම 46, චාමිකර එදිරිසිංහ 3/61, තරිඳු රත්නායක 5/49)

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 62.2ක දී සියලුම දෙනා දැවී 191 (ලොහාන් ද සොයිසා 91, ප්‍රමෝද් මධුවන්ත 33, තරිඳු රත්නායක 34, , තීසාන් විතුසාන් 2/28, රමේෂ් මෙන්ඩිස් 3/69, ටිලංග උදේශන 4/31)

Moors SC – දෙවැනි ඉනිම පන්දුවාර 79.3ක දී සියලුම දෙනා දැවී 227 (ජනිශ්ක පෙරේරා 81, කවිඳු කුලසේකර 34, සොහාන් ද ලිවේරා 35, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 35, චාමිකර එදිරිසිංහ 5/91, තරුෂ ප්‍රනාන්දු 2/52)

Sebastianites C & AC – දෙවැනි ඉනිම පන්දුවාර 62.2ක දී සියලුම දෙනා දැවී 128 (දුශාන් විමුක්ති 32, සචිත ජයතිලක 22, ප්‍රමෝද් මධුවන්ත 20, රමේෂ් මෙන්ඩිස 4/31, තීසාන් විතුසාන් 3/57)

Moors කණ්ඩායමට ලකුණු 83ක ජයක්.

  • Police SC සහ Kurunegala Youth CC

o ක්‍රීඩාංගණය – සූරියවැව, හම්බන්තොට

o කාසියේ වාසිය – Police SC

Kurunegala Youth CC – පළමු ඉනිම පන්දුවාර 66.4ක දී සියලුම දෙනා දැවී 171 (ගයාන් මනීෂාන් 33, ඩිල්හාර පොල්ගම්පොළ 23, සනෝජ දර්ශික 28, අසන්ත බස්නායක 34, මාලින්ද පුෂ්පකුමාර 4/71, නලින් ප්‍රියදර්ශන 5/61)

Police SC – පළමු ඉනිම පන්දුවාර 82.1ක දී කඩුලු 8ක් දැවී 322 (හේෂාන් ධනුෂ්ක 119, Gitansh Khera 24, අශේන් බණ්ඩාර 34, චාමර සිල්වා 64, චතුරංග කුමාර 46, ඩිලංක අවර්ඩ්ට් 2/112, දිනුශ්ක මාලන් 2/21, සමීර සඳමාල් 2/29)

Kurunegala Youth CC – දෙවැනි ඉනිම පන්දුවාර 15.0ක දී කඩුලු 4ක් දැවී 99 (ගයාන් මනීශාන් 40, සමීර සඳමාල් නොදැවී 29, මාලින්ද පුෂ්පකුමාර 3/61)

තරගයේ විසඳුමක් නෑ.

  • BRC සහ SSC

o ක්‍රීඩාංගණය – SSC

o කාසියේ වාසිය – BRC

BRC – පළමු ඉනිම පන්දුවාර 51.0ක දී කඩුලු 6ක් දැවී 162 (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, දුලාශ් උදයංග 68, Murvin Abinash නොදැවී 32, නිම්නක ජයතිලක 2/20)

SSC – පළමු ඉනිම පන්දුවාර 56.2ක දී සියලුම දෙනා දැවී 205 (සදීශ රාජපක්ෂ 34, නිපුන් ධනංජය 66, කවිඳු නදීශාන් 21, Murvin Abinash 5/64, දුවිඳු තිලකරත්න 2/29)

BRC – දෙවැනි ඉනිම පන්දුවාර 82.0ක දී කඩුලු 7ක් දැවී 285 (ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 106, රිසිර වීරසූරිය 20, ලක්ෂාන් ගමගේ 75, ජනිත් සිල්වා 41, නිම්නක ජයතිලක 4/63, කවිඳු නදීශාන් 2/38)

තරගයේ විසඳුමක් නෑ.

  • Tamil Union C & AC සහ Badureliya SC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – Tamil Union C & AC

Badureliya SC – පළමු ඉනිම පන්දුවාර 87.0ක දී සියලුම දෙනා දැවී 327 (අනුක් ප්‍රනාන්දු 27, Parvez Rasool 1242, අයන සිරිවර්ධන 44, අලංකාර අසංක 43, කවිඳු පතිරත්න 2/54, ධනංජය ද සිල්වා 3/30, දිලුම් සුදීර 2/70, රවිඳු ප්‍රනාන්දු 2/66)

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර  101.1ක දී කඩුලු 9ක් දැවී 415 (සිතාර හපුහින්න 24, තරිඳු හර්ෂන නොදැවී 62, ධනංජය ද සිල්වා 69, රවිඳු ප්‍රනාන්දු 134, ශිරාන් ප්‍රනාන්දු 20, Parvez Rasool 4/149, චානක කොමසාරු 4/138)

Badureliya SC – දෙවැනි ඉනිම පන්දුවාර 18.0ක දී කඩුලු 4ක් දැවී 89 (Parvez Rasool 41, රනේෂ් සිල්වා නොදැවී 28, විජයකාන්ත් වියස්කාන්ත් 3/22)

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<