අසේල, සමීන් සහ අශේන් දිනය වර්ණවත් කරයි

SLC Major Club 3 Day Tournament 2023

509
Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ මෙම සතියේ තරග අද (26) අවසන් වූ අතර එහි දී කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට අසේල ගුණරත්න, සමීන් කඳනාරච්චි සහ අශේන් ඩැනියෙල් සමත් වූවා.

Sri Lanka Army කණ්ඩායම නියෝජනය කරන අසේල ගුණරත්න Galle කණ්ඩායමට එරෙහිව පන්දු 123ක දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 112ක් ලබා ගත් අතර Kandy Customs කණ්ඩායමේ සමීන් කඳනාරච්චි SSC කණ්ඩායමට එරෙහිව පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර  13ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 67ක හොඳම ඉනිම බවට ද පත් වුනා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ NCC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන අශේන් ඩැනියෙල්. ඔහු Air Force කණ්ඩායමට එරෙහිව ලකුණු 73කට කඩුලු 7ක් දවා ගත්තා.  එය ඔහුගේ තරග 30ක් වූ පළමු පෙළ තරගවල හොඳම දක්ෂතාව ද වූවා.

පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු 51කට කඩුලු 5ක් දවා ගන්නා ලද ඒ අනුව ඔහු ලකුණු 124කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් වෙනවා.

මේ අතර අද නිමා වූ තරගවල දී Ragama කණ්ඩායමේ සංතුශ් ගුණතිලක, Sri Lanka Army කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ, Tamil Union කණ්ඩායමේ ධනංජය ද සිල්වා, Kandy Customs දේශාන් ඩයස් සහ Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වූවා.

පන්දු යැවීමේ දී  Panadura කණ්ඩායමේ රජීව් වීරසිංහ BRC කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී ද ලකුණු 69කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර ඔහු තරගයේ දී ලකුණු 164කට කඩුලු 12ක් ලබා ගැනීමට සමත් වෙනවා.

මේ අතර Bloomfield කණ්ඩායමේ සහන් නානායක්කාර Baduraliya කණ්ඩායමට එරෙහිව තරගයේ දී ලකුණු 122ට කඩලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

එමෙන් ම Tamil Union කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන රවිඳු ප්‍රනාන්දු Ace Capital කණ්ඩායමට එරෙහිව ලකුණු 26කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ තරග 27ක හොඳම පන්දු යැවීමයි. ඊට අමතර ව CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ ද කඩුලු 6ක් දවා ගත් අතර Ace Capital කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

Group A

  • Ragama CC සහ CCC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – CCC

Ragama – පළමු ඉනිම පන්දුවාර 54.4ක දී සියලුම දෙනා දැවී 194 (නිශාන් මධුශ්ක 101, ජනිත් ලියනගේ 47, අවිශ්ක තරිඳු 26, විශ්ව ප්‍රනාන්දු 2/26, අසිත ප්‍රනාන්දු 3/42, අශාන් ප්‍රියංජන් 5/45

CCC – පළමු ඉනිම පන්දුවාර 78.4ක දී සියලුම දෙනා දැවී 262 (මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 89, අංජල බණ්ඩාර නොදැවී 50, සංතුශ් ගුණතිලක 2/25, සංජුල බණ්ඩාර 2/58, ශෂික දුල්ශාන් 5/51)

Ragama – දෙවැනි ඉනිම පන්දුවාර 52.5ක දී සියලුම දෙනා දැවී 171 (සමින්ද ප්‍රනාන්දු 35, සංතුශ් ගුණතිලක 80, අසිත ප්‍රනාන්දු 2/54, සොනාල් දිනූෂ 6/36)

CCC – දෙවැනි ඉනිම පන්දුවාර 18.4ක දී කඩුලු 5ක් දැවී 104 (අශාන් ප්‍රියංජන් නොදැවී 32, ශෂික දුල්ශාන් 4/52)

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • BRC සහ Panadura

o ක්‍රීඩාංගණය – BRC, කොළඹ

o කාසියේ වාසිය – BRC

BRC – පළමු ඉනිම පන්දුවාර 97ක දී සියලුම දෙනා දැවී 369 (Abhishek Raman 35, රිසිර වීරසූරිය 35, දුශාන් හේමන්ත 102, දුලාශ් උදයංග 51, ලක්ෂාන් ගමගේ 22, නිමන්ද මධුශංක 28, දුවිඳු තිලකරත්න 34, රජීව වීරසිංහ 6/95, විශ්ව ලංකා 2/69)

Panadura – පළමු ඉනිම පන්දුවාර 62.3ක දී සියලුම දෙනා දැවී 217 (රිශික දවටගේ 35, පවන් ද සිල්වා 21, රොෂාන් විජේනායක 55, ඉන්දික ද සේරම් 35, මොහොමඩ් ශිරාස් 2/38, දුශාන් හේමන්ත 5/55)

BRC – දෙවැනි ඉනිම පන්දුවාර 47.1ක දී සියලුම දෙනා දැවී 133 (දුශාන් හේමන්ත 75, ලක්ෂාන් ගමගේ 26, රජීව වීරසිංහ 6/69, නිමේෂ් විමුක්ති 3/43)

Panadura – දෙවැනි ඉනිම පන්දුවාර 52.2ක දී කඩුලු 8ක් දැවී 286 (පවන් ද සිල්වා 26, සාරංග රාජගුරු 58, ඉන්දික ද සේරම් 62, රමිඳු විජේසූරිය 75, විශ්ව ලහිරු නොදැවී 31, මොහොමඩ් ෂමාස් 3/63, දුශාන් හේමන්ත 2/87, උමේෂ්ක මොරායස් 3/75)

Panadura කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • Negombo සහ Colts

o ක්‍රීඩාංගණය – Colts, කොළඹ

o කාසියේ වාසිය – Colts

Negombo – පළමු ඉනිම පන්දුවාර 43.0ක දී සියලුම දෙනා දැවී 147 (Jatin Saxena 80, කවිශ්ක අංජුල 2/41, උදිත් මධුශාන් 4/24, අකිල ධනංජය 3/20)

Colts – පළමු ඉනිම පන්දුවාර 72.2ක දී සියලුම දෙනා දැවී 220 (සංගීත් කුරේ 71, රවිඳු රසාන්ත 44, අකිල ධනංජය 33, නිශාන් පීරිස් 3/89, උපුල් ඉන්ද්‍රසිරි 4/46)

Negombo – දෙවැනි ඉනිම පන්දුවාර 96.0ක දී කඩුලු 8ක් දැවී 261 (අශේන් සිල්වා 43, පසිඳු ලක්ෂාන් 32, හිමාෂ ලියනගේ 42, ධනුෂ්ක සඳරුවන් 37, ඇන්ජලෝ ජයසිංහ 38, මාධව වර්ණපුර නොදැවී 20, අකිල ධනංජය 4/117, Shyamsunder Krishnashriram  2/34, සංගීත් කුරේ 2/22)

Colts – දෙවැනි ඉනිම පන්දුවාර 44.0ක දී කඩුලු 9ක් දැවී 79 (ධනුෂ්ක සඳරුවන් 3/21, නිශාන් පීරිස් 4/25, උපුල් ඉන්ද්‍රසිරි 2/12)

තරගයේ විසඳුමක් නෑ.

Galle සහ Sri Lanka Army

o ක්‍රීඩාංගණය – Galle

o කාසියේ වාසිය – Galle

Galle – පළමු ඉනිම පන්දුවාර 102.1ක දී සියලුම දෙනා දැවී 408 (ඕෂඳ ප්‍රනාන්දු 150, ශාලිත් ප්‍රනාන්දු 146, තරින්ද ගුරුගේ 25, හේෂාන් හෙට්ටිආරච්චි 2/79, කෞමාල් නානායක්කාර 5/136, සුමින්ද ලක්ෂාන් 2/55)

Sri Lanka Army – පළමු ඉනිම පන්දුවාර 86.0ක දී කඩුලු 7ක් දැවී 364 (ෂෙහාන් ප්‍රනාන්දු 45, අශාන් රන්දික 33, ලක්ෂාන් එදිරිසිංහ 87, අසේල ගුණරත්න 112, සුමින්ද ලක්ෂාන් 48, සචිත්‍ර පෙරේරා 4/106, උමේග චතුරංග 2/67)

තරගයේ විසඳුමක් නෑ.

Group B

Ace Capital සහ Tamil Union

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක

o කාසියේ වාසිය – Tamil Union

Tamil Union – පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියලුම දෙනා දැවී 124 (නවෝද් පරණවිතාන 25, ධනංජය ද සිල්වා නොදැවී 55, රොෂාන් ජයතිස්ස 4/58, වනුජ සහන් 6/46)

Ace Capital – පළමු ඉනිම පන්දුවාර 41.3ක දී සියලුම දෙනා දැවී 112 (කවිඳු අමන්ත 20, ශිරාන් ප්‍රනාන්දු 4/29, විජයකාන්ත් වියස්කාන්ත් 2/06, නවොද් පරණවිතාන 2/03)

Tamil Union – දෙවැනි ඉනිම පන්දුවාර 65.4ක දී සියලුම දෙනා දැවී 251 (නවෝද් පරණවිතාන 40, සිතාර හපුහින්න 26, ධනංජය ද සිල්වා 87, දිලුම් සුදීර 31, විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී 22, රොෂාන් ජයතිස්ස 5/96)

Ace Capital – දෙවැනි ඉනිම පන්දුවාර 35.2ක දී සියලුම දෙනා දැවී 115 (රවිඳු රත්නායක 28, කවිඳු අමන්ත 34, රවිඳු ප්‍රනාන්දු 6/26, දිලුම් සුදීර 2/17)

Tamil Union කණ්ඩායමට ලකුණු 148ක ජයක්.

Baduraliya සහ Bloomfield

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – Baduraliya

Bloomfield – පළමු ඉනිම් පන්දුවාර 50.4ක දී සියලුම දෙනා දැවී 120 (Hasnain Bokhari 59, Parvez Rasool 6/43, චානක කොමසාරු 3/66)

Baduraliya – පළමු ඉනිම පන්දුවාර 30.0ක දී කඩුලු 8ක් දැවී 122 (Parvez Rasool 24, මධුරංග සොයිසා නොදැවී 44, රොහාන් සංජය නොදැවී 30, සහන් නානායක්කාර 5/49, අසිත වන්නිනායක 2/27)

Bloomfield – දෙවැනි ඉනිම පන්දුවාර 65.1ක දී සියලුම දෙනා දැවී 240 (නිපුන් කරුණානායක 70, ලහිරු මධුශංක 56, මිනෙත් ප්‍රේමරත්න 33, Parvez Rasool 2/125, චානක කොමසාරු 8/96)

Baduraliya – දෙවැනි ඉනිම පන්දුවාර 43.0ක දී සියලුම දෙනා දැවී 216 (Parvez Rasool 71, අයන සිරිවර්ධන 60, රොහාන් සංජය 42, සහන් නානායක්කාර 5/73, අසිත වන්නායක 2/57, Hasnain Bokhari 2/26)

Bloomfield කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

Sebastianites සහ Chilaw Marians

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – Sebastianites

Sebastianites – පළමු ඉනිම පන්දුවාර 86.5ක දී කඩුලු 8ක් දැවී 342 (ලොහාන් ද සොයිසා 65, අදීශ නානායක්කාර 29, දුශාන් විමුක්ති 73, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 74, සචිත ජයතිලක 66, අවිඳු තීක්ෂණ 3/91, ලසිත් ලක්ෂාන් 2/60, චමෝද් සඳරු 2/01)

Chilaw Marians – පළමු ඉනිම පන්දුවාර 114.0ක දී කඩුලු 4ක් දැවී 223 (රමේෂ් නිමන්ත 39, ලසිත් ලක්ෂාන් 30, කසුන් විදුර 72, Ninad Kadam නොදැවී 56, මොහොමඩ් ඩිල්ශාඩ් 2/34, චාමිකර එදිරිසිංහ 2/52

තරගයේ විසඳුමක් නෑ.

Moors සහ Police

o ක්‍රීඩාංගණය – Moors, කොළඹ

o කාසියේ වාසිය – Police

Moors – පළමු ඉනිම පන්දුවාර 40.1ක දී සියලුම දෙනා දැවී 154 (ජනිශ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 49, ප්‍රවීන් ජයවික්‍රම 34, මාලින්ද පුෂ්පකුමාර 5/68, නලින් ප්‍රියංකර 2/50)

Police – පළමු ඉනිම පන්දුවාර 71.5ක දී සියලුම දෙනා දැවී 265 (කුසල් පෙරේරා 34, Gitansh Khera 75, ප්‍රියමාල් පෙරේරා 78, දනාල් හේමානන්ද 35, මිලාන් රත්නායක 2/48, රමේෂ් මෙන්ඩිස් 7/80)

Moors – දෙවැනි ඉනිම පන්දුවාර 79.5ක දී සියලුම දෙනා දැවී 232 (ඉම්තියාස් ස්ලාසා 30, සොහාන් ද ලිවේරා 40, පසිඳු සූරියබණ්ඩාර 25, කවිඳු කුලසේකර 23, මිලාන් රත්නායක නොදැවී 36, ප්‍රවීන් ජයවික්‍රම 22, මාලින්ද පුෂ්පකුමාර 3/93, නලින් ප්‍රියදර්ශන 3/65)

Police – දෙවැනි ඉනිම පන්දුවාර 15.0ක දී කඩුලු 7ක් දැවී 63 (ධනුජ ඉඳුවර 26, ලහිරු සමරකෝන් 2/09, තීසාන් විතුසාන් 4/09)

තරගය විසඳුමක් නෑ.

SSC සහ Kandy Customs

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ

o කාසියේ වාසිය – Kandy Customs

SSC – පළමු ඉනිම පන්දුවාර 99.0ක දී කඩුලු 9ක් දැවී 454 (අවිශ්ක ප්‍රනාන්දු 27, ෂෙවෝන් ඩැනියෙල් 21, කුසල් මෙන්ඩිස් 45, නුවනිඳු ප්‍රනාන්දු 105, දසුන් ශානක 96, මනෝජ් සරත්චන්ද්‍ර 54, චමිඳු වික්‍රමසිංහ 23, ලක්ෂිත මනසිංහ 20, නිසල තාරක නොදැවී 52, බුද්ධික සංජීව 3/106, ගයාන් සිරිසෝම 4/129)

Kandy Customs – පළමු ඉනිම පන්දුවාර 63.1ක දී සියලුම දෙනා දැවී 312 (ඉමාල් ලියනගේ 69, දේශාන් ඩයස් 22, සමීන් කඳනාරච්චි 40, ඉමේෂ් උදයංග 38, නිසල තාරක 3/34, නිම්නක ජයතිලක 4/107)

SSC – දෙවැනි ඉනිම පන්දුවාර 45.4ක දී කඩුලු 5ක් දැවී 285 (අවිශ්ක ප්‍රනාන්ද 30, සදීශ රාජපක්ෂ 90, ලක්ෂිත මනසිංහ 32, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 57, දසුන් ශානක 67, ගයාන් සිරිසෝම 2/62, මිතුන් ජයවික්‍රම 2/55)

Kandy Customs – දෙවැනි ඉනිම පන්දුවාර 48.0ක දී කඩුලු 5ක් දැවී 304 (ඉමාල් ලියනගේ 32, දේශාන් ඩයස් 66, සමීන් කඳනාරච්චි 130, සහන් කෝසල 22, මිතුන් ජයවික්‍රම නොදැවී 37)

තරගය විසඳුමකින් තොරයි.

NCC සහ Air Force

o ක්‍රීඩාංගණය – Air Force, කටුනායක

o කාසියේ වාසිය – Air Force

Air Force – පළමු ඉනිම පන්දුවාර 37.1ක දී සියලුම දෙනා දැවී 153 (රොස්කෝ තටිල් 63, මොවින් සුබසිංහ 21, අනුශ ප්‍රේමරත්න 23, ලසිත් ඇඹුල්දෙණිය 4/72, අශේන් ඩැනියෙල් 5/51)

NCC – පළමු ඉනිම පන්දුවාර 80.4ක දී සියලුම දෙනා දැවී 282 (ලහිරු උදාර 53, කමිල් මිෂාර නොදැවී 61, සහන් ආරච්චිගේ 29, මොවින් සුබසිංහ 4/68, චතුර රන්දුණු 2/34, රොස්කෝ තටිල් 2/34)

Air Force – දෙවැනි ඉනිම පන්දුවාර 60.2ක දී සියලුම දෙනා දැවී 218 (කෙමිර විජේනායක නොදැවී 85, මොවින් සුබසිංහ 31, ලසිත් ඇඹුල්දෙණිය 2/80, අශේන් ඩැනියෙල් 7/73

NCC – දෙවැනි ඉනිම පන්දුවාර 15.0ක දී කඩුලු 6ක් දැවී 90 (ලහිරු උදාර 46, මොවින් සුබසිංහ 3/65, මධුශංක ප්‍රේමරත්න 3/14)

NCC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<